Showing 1057–1080 of 1412 results
Shop
විශිෂ්ට පියවර | Wishishta Piyawara

හැකියාව සහ දක්ෂතාවය ජීවිතය අරුත් කරන සුවිශේෂ නිසැඟියාවක් එහෙමත් නැත්නම් ටැලන්ට් එකක් බවට පත් කර ගැනීමට ලොව ප්රමුඛ පෙළේ ක්‍රිඩකයන්, නළු නිළියන්, ව්‍යවසායකයන් ඇතුළු විශිෂ්ට චරිත භාවිතා කළ පුහුණු ක්‍රමවේද සරලව සහ සාරාංශව අන්තර්ගත කෘතියකි.
ප්‍රධාන සංකල්ප කිහිපයක්.
හැකියාව ලාබ භාණ්ඩයක්
එපා වෙන්න කලින් නවත්වන්න
කියවන්න එපා. ප්‍රතිඵලය පෙන්වන්න
මෘදු වතුර ගලා යන්නේ රළු ගල් මතින්
කුමාරයෙක් නොවී ග්ලැඩියේටර් කෙනෙක් වෙන්න
විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇයි?

විශ්ව ආකර්ෂනණ නීතීය / Key to living the law of attraction

එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය. ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි. ඩොලරයක් ණයට ගෙන. ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි. මුදල් වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය.
විශ්ව ග්රන්තාවලියෙන් චේද කෝෂයක් 2 | Vishwa granthawaliyen cheda koshayak 2

විසල් නුවරක ආදරය | Visal Nuwaraka Aadaraya

පාන්දර හතරයි විස්සයි. මට ගෙදර නැතිව වෙන කොහේ හරි යන්න උවමනා වුණා. හදිසියේම සියොල් නගරය මෙච්චර ලස්සන වුණේ ඇයි? කලින් කිසිම විශේෂයක් නොතිබුණ දේවල් දැන් පුදුම සහ විශේෂ දේවල් විදියට මට පේන්න අරං.
මොකක්ද දැන් ඔයාගෙ හීනේ?
මගේ හීනේ…සල්ලි ගොඩක් හම්බ කරන එක. තව… උදේ ඉර පායන වෙලාවට ඔයා එක්ක මෙහෙම ඇවිදින එක.
ඒත් ඇත්තටම ආදරේ ලස්සනද? මට නම්, ආදරේ කියන්නේ වතාවක් ආදරේ කරන්න ගන්නට පස්සෙ නවත්තගන්න බැරි දෙයක්. ඔයාට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කෙටි මොහොතක් එන්නේ ඒක හිතාගන්න බැරි තරම් භයානක දෙයක් වුණාට පස්සෙයි.
විස්මිත දොස්තර | Wismitha Dhosthara

බලාපොරොත්තුවක් නොමැති සිතකට බලාපොරොත්තුවක් රැගෙන එමින් ස්නායු ශල්‍යකර්මයන් තුළ අපූරු හැකියාවන් පාන්නකු ලෙස වෛද්‍ය බෙන් කාර්සන් ලොව පුරා ප්රකටව සිටී. නගරයක දිළින්දකු ලෙස හැදී වැඩුණු ළමා කාලයේ සිට වයස අවුරුදු තිස් තුනේ දී ජෝන්ස් හොප්කින්ස් වෛයතනයට අයත් ළමා ස්නායූ රෝග අංශයේ අධ්යක්ෂවරයා දක්වා පැමිණි අපූරු චාරිකාව, ‘විස්මිත දොස්තර’ තුළින් ඔබ හමුවේ තබයි. අනේක වූ ජීවිත ගණනාවක් මරණයෙන් ගලවා ගත් ශල්‍යාගාරයට ඔබ කැඳවාගෙන යන ඔහු, නොහැකි යැයි සිතෙන යමක් ජයගන්නට වෙර දරන ඕනෑම අයෙකුට පූර්වාදර්ශී චරිතයකි.
“ඔයාලා දෙන්න පුස්තකාලයට ගිහින් පොත් කියවන්න ඕන. හැම සතියකටම අඩුම ගාණේ පොත් දෙකක්වත් කියවන්න ඕන. හැම සතියක් අවසානයේම ඔයාලා කියවපු පොත් ගැන වාර්තාවක් මට දෙන්න ඕන.”
“ඔයාට කියවන්න පුළුවන් නම්, ඔයාට අවශ්‍ය ඕනෑම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. කියවන්න පුළුවන් මිනිස්සුන්ට මේ ලෝකේ දොරවල් ඇරිලා තියෙන්නේ. මගේ කොල්ලෝ දෙන්නා ජීවිතේ සාර්ථක කරගන්නයි යන්නේ. මොකද එයාලා ඉස්කෝලේ ඉන්න හොඳම පොත් කියවන දෙන්නා වෙන්නයි යන්නේ.“
මුල් කාලේ, මම පුස්තකාලෙට ගිහින් සතුන් සහ සොබාදහම සම්බන්ධ අනෙකුත් මාතෘකා පිළිබඳ ලියවුණු පොත් සෙව්වා. පහේ පන්තියේ විද්‍යාත්මක සොබාදහම සම්බන්ධව දීප්තිමත්ම ශිෂ්‍යයා වුණේ මම.
නොසෑහෙන්න පොත් කියවපු මගේ භාෂාව අවබෝධ කරගැනීමේ හැකියාව සමග වාග් කෝෂයත් ඉබේම වැඩිදියුණු වුණා. ගණිත ගැටලු විසඳීමේ දී වැඩි දවසක් ගතවෙන්න කලින් මම ගණිතයට දක්ෂතම ශිෂ්‍යයා බවට පත් වුණා.
වී.අයි.ලෙනින් – අමරණීය මිනිසෙකුගේ අසිරිමත් ජීවිත කතාව | V.I.Lenin

මානව සංහතියේ යහ පැවැත්ම උදෙසා ලොව ගමන් මඟ වෙනස් කළ මිනිසුන් පහළ වන්නේ කලාතුරකිනි. න්‍යාය පුස්තකයනට සීමාව තිබූ කොමියුනිස්ට් ධර්මය, සමාජවාදය භාවිතාවක් බවටත් එහි විපුල පලත් ලොවට පසක් කළ පෙරටුගාමියා ලෙස වී. අයි. ලෙනින් ඉතිහාසයට එක් වී හමාර ය. එහෙයින් ලෙනින් අමරණීය චරිතයක් වෙයි. අමරණීය මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තිය ද අසිරිමත් එකකි. පුද්ගල ස්වාර්ථය මුළුමණින් ම බැහැර කොට හුදු මානව සමාජීය පීඩිතයින්ගේ අවශ්යයතාවය වෙනුවෙන් පමණක් ජීවත් වූ උදාර මිනිසෙකි ව්ලැඩ්මීර් අයිලිච් ලෙනින්. ඔහු ශ්‍රේෂ්ඨ ලෙනින් වන්නේ ද එහෙයිනි.
වීනස් | Veenus

“මම උඹත් එක්ක විවාහ වෙනවා කෙල්ලේ. දවසක අපි අපිව පිළිගන්න දෙවි කෙනෙක් ළඟට ගිහින් සුදු පාට මගුල් ගවුමක් ඇඳලා විවාහ වෙමු. ඊට පස්සේ මේ වගේ ලස්සන පළාතක පුංචි ගෙයක් හදාගෙන ජීවත් වෙමු”
මම සිප ගනිද්දී එයා එක දිගටම කියවන්න ගත්තා. හරියට ඒ සේරම එයා ගොඩක් කාලෙක ඉඳන් හිතාගෙන හිටියා වගේ.
“ඊට පස්සේ”
මම ඇහැව්වා.
“ඊට පස්සේ, අපි දරුවෙක්ව හදාගන්න ගමු”
“මම කළුයි, ඔයා සුදුයි, ඉතින් මොනවගේ දරුවෙක්වද අපි හදාගන්න ගන්නේ?”
“ඔයාගේ පාට… මම කැමතියි උඹේ පාටට, මගේ සමන්තාගේ පාටට”
වීර චූඩාමණි | Weera Chuudamani

මා මුලින් ම ගාමිණී ජයසේකරයන් හඳුනාගත්තේ 1978 අගෝස්තු මස දිනයකදීය. ඒ, මාගේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දෙවැනි පත්වීම වූ මාතර දිස්ත්‍රික්කයේ, හක්මණ ප්‍රාදේශීය උප දිසාපති ලෙස රාජකාරි භාර ගැනීමට මාගේ උපන් ගම වූ මාතරට පැමිණි වකවානුවේදීය. ආරම්භයේ දී ම නවක උප දිසාපතිවරයෙකු ලෙස මාතර දිසාපති කාර්යාලයේ තිබූ රැස්වීමකට සහභාගී වූ අවස්ථාවක එවකට කඹුරුපිටිය ප්‍රාදේශීය උප දිසාපති ලෙස කටයුතු කළ ගාමිණී ජයසේකරයන් මගෙන් විමසුයේ ඔහේ රාහුලෙන් ගියේ මොන කාලයේද? * කියාය. එතැන් පටන් ගාමිණ මගේ ඉතා කුලුපග මිතුරෙකු විය. මා හක්මණ සේවා ස්ථානයෙන් බැහැරව සිටි සෑම අවස්ථාවකදීම වැඩබලන හක්මණ ප්‍රාදේශීය උප දිසාපති වූයේ ද ගාමිණීය. ඒ සියල්ලටම වඩා ප්‍රාදේශීය පරිපාලනයේ නවකයෙකු වූ මත ගාමිණී ඉතා ළෙන්ගතු, දයාබර ගුරුවරයෙකු ද විය. කිසිම නීති පොතක, කාර්ය සංග්රහයක, අත් පොතක හෝ චක්‍ර ලේඛයක නොවූ දෑ අත්දැකීමෙන් දැන උගත්, සෑම අතින්ම ජ්‍යෙෂ්ඨයකු වූ ගාමිණි මට මඟ පෙන්වූයේ වැඩි මහල් සහෝදරයෙකු නම් බාල සහෝදරයාට මඟ පෙන්වන්නෙකු සේ යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.
‘වීර චූඩාමණි ‘ යනු ජනාධිපති සම්මානය ලැබූ එකම රාජ්‍ය නිලධාරියා වන මා හිත මිත්‍ර ගාමිණී ගැන ලියැවුණු ‘වීර චූඩාමණි චරිතාපදනය’, මෙවැනි පතපොත කියවීමට රුචියක් දක්වන, එමෙන්ම සෑම රාජ්‍ය නිලධාරියෙකු ම නිස්කලංකව කිය විය යුතු අගනා රාජ්‍ය පරිපාලන ග්රන්ථයකි. මෙය රාජ්‍ය නිලධාරියෙකු මහජනතාවට සේවය කිරීමේ දී ලබන අත්දැකීම්, ගැටලු වලට මුහුණ දෙන ප්‍රායෝගික ආකාරය අපට හොඳින් උගන්වන අත් පොතකි.
වීසාචකයෝ | Visachakayo

වීසාචකයෝ සම්පූර්ණ සත්‍ය කතාවක ඇදහිය නොහැකි සිද්ධි ප්රබන්ධමය උපක්‍රම මඟින් සාර්ථක ලෙස ජය ගැනීමකි. මෙය 60 දශකයේ සිට වර්තමානය දක්වා ආර්ථික සුභ සිද්ධිය සොයාගෙන යන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වල හරස් කඩකි. ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලය විශාල මානව දයාවකින් හා මව් සෙනෙහසකින් විදහා පෑමකි.
වෙරළබඩ නගරයේ කුඩා නිවහන | Weralabada nagaraye kuda niwahana

Charlotte Years නමින් ඔබ අතට පත් වන්නේ ලොව පුරා අතිශයින් ජනාදරයට ලක් වූ Little House on the Prairie රූපවාහිනී නාට්‍ය මාලාවට පාදක වුණු Little House පොත් පෙළ ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියගේ කතාවයි. මෙය, කොටස් හතරකින් ලියැවුණු එම කතා මාලාවේ පළමු වැන්නයි.
19 වැනි සියවසේ මුල් භාගයේ, ලෝරාගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින් පිවිතයේ අභියෝග වලට මුහුණ දෙන අන්දමත්, ඔවුන්ගේ සංස්කෘතිය සහ සමාජ සම්බන්ධතා මෙන්ම ඉතිහාසයත් මේ කෘතියෙන් දිග හැරේ. චාම් නිවෙසක, ඔවුන් ගෙවන ඉතා ප්‍රීතිමත්, සුන්දර සැනසිලිදායක ජීවිතය පිළිබඳ කතාව යොවුන් මෙන් ම වැඩිහිටි පාඨකයන්ට ද එක සේ රස විඳිය හැකිය.
වේදනාව මත වැහි බිඳු | RAINDROPS ON THE PAIN

හෘදයේ ගැඹුරුතම තැන් ඉඳුල් කෙරූ ඔබ ගැන වූ සියලු රෝමාන්තික මිථ්‍යාවන් තවමත් තදින් සිපගනිමි, ඉඳහිට මෙවුල්දම් බිඳිමි.
වොල්ගා සිට ගංගා තෙක් | Volga sita ganga thek

මේ. ක්‍රි.පූ. 6000 දී පමණ වොල්ගා නදී ඉවුරෙන් පිටත් ව ගංගා නදී ඉවුර වෙත සංක්‍රමණය වූ ජනයාගේ ගමන 1942 දක්වා නිරීක්ෂණය කිරීමට ගත් නිර්මාණාත්මක උත්සාහයකි. එම වසර 8000 තුළ ඉන්දු-යුරෝපීය සංස්කෘතියේ සහ දේශපාලනයේ විකාසනය ගැන. පරම්පරා 360ක් ආවරණය වන ලෙසින් කතා 20කින් කියන්නට, සියවස් ගණනාවක් පුරා දිවෙන කතාන්දර ද, ඓතිහාසිකව දන්නා මෙන් ම නිර්මාණය කොටගත් චරිත ද කතුවරයා විසින් යොදා ගැනෙයි.
ව්යවච්චේදකය | Wyawachchedakaya

Federico Adahasi ගේ The anatomist පොතේ සිංහල පරිවර්තනය යි. දහසය වැනි සියවසේ ඉතාලියේ විසූ වඩාත් සුප්‍රකට ශල්‍ය වෛද්‍ය මැතියෝ කලම්බු, මිථ්‍යා දෘෂ්ටිය නමැති චෝදනාව යටතේ දඟගෙට වැටෙයි. ඔහු කළ වරද වුණේ, ඔහු විසින් ගැහැනියගේ සිරුරේ නව මානයක් සොයා ගැනීමයි. එය ‘ක්ලිටෝසය’ හෙවත් ‘භගමණිය’ නම් විය.
ඉතිහාසය, ලිංගිකත්වය සහ ආගම සමග සරදම මෙහි නොමඳව මුසුව තිබේ.
ශාපලත් පැපිරසය | A Lost Papyrus

ජීවිතයේ එක් වරක්වත් හැම කෙනෙකුට ම හමු වෙනවා හතරමං හන්දියක්… ඔබ, මිස්ටර් වයිල්ඩර්, දැන් ඔබට ඒ මොහොත උදා වි තිබෙනවා. ඔබේ පුද්ගලික තීරණය.
ඇබොට් පැකෝමාස්
“කරුණා කර මා මෝඩයකු කර සතුටු වීම නවත්වා, ඇත්තටම ඒ ලිපිය ලියූ අයගේ අනන්‍යතාවය මට පවසන්න.
මාර්ක් වයිල්ඩර්
නගින්න, මිස්ටර් වයිල්ඩර්. මා ඔබව රැගෙන යන්නම් ඔබ දිවියේ වටිනාම හමු වීමට. ඔබ අන්තිමේදී හොයාගන්න යනවා ඔබ කවුදැයි කියා.
ඇටායා
කාටර්ගේ පුත්‍රයාත් ඔහු වගේම හිතුවක්කාරයි. ඔබේ ආරක්ෂකයා, පැකෝමාස්. ඔබට අවවාද කළේ නැති ද ප්‍රවේශම් වන්නැයි කියා? ඔබ විනෝදයට සොයා යන්නෙක්. මමයි වෘත්තිකයා. මමයි ප්‍රොෆෙසර්”.
පිවිතයේ අබිරහස් අපෙන් ඉවත් වීම දිගටම සිදුවෙනවා. සෙවනැළි සෙලවෙනවා. ඒත් ඒ සහමුලින්ම නැතිවෙන්නේ නැහැ.”
හොවාඩ් කාටර්
ශාස්ත්‍රීය ලේඛනය – ශාස්ත්‍රීය මග පෙන්වීමක් / Shasthriya lekanaya – Shasthriya maga penweemak
රු1,000.00
ශාස්ත්‍රීය ලේඛන කාර්යයෙහි යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ ආධුනිත ශාස්ත්‍රීය ප්‍රජාවගේ ප්‍රයෝජනය සහ යහපත අරමුණු කරගෙන ලියා ඇති මෙම කෘතිය, ශාස්ත්‍රීය ලේඛන කරණය පුචලිතවෙමින් පවතින පසුබිමක අප රටෙහි තවමත් තිබෙන හිඩැසක් පුරවන්නකි. එය නම් ශාස්ත්‍රීය ලේඛනයෙහි ගුණාත්මක අගය සහ ප්රමිතීන් ඉහළ මට්ටම් වලින් පවත්වා ගැනීමට අවශ්‍ය මග පෙතිවීමක් ලබා දෙන සාහිත්‍යයක් නොමැති වීම යි. එම අඩුව පිරිමසන මෙම කෘතිය විශ්ව විද්‍යාල වල ප්‍රථම උපාධි මෙන්ම පශ්චානි උපාධි පාඨමාලා හදාරණ ශිෂ්‍ය ශිෂ්යාවටති, ශාස්ත්‍රීය ලේඛනකරණයෙහි යෙදෙන ආධුහික ශාස්ත්‍රීය ප්‍රජාවටත් බෙහෙවින් ප්‍රයෝජනවත් වහ මහ පෙන්වීමකි.
ශ්‍රි ලංකාවේ සාක්ෂ්‍ය නීතිය 1 / sri lankawe sakshya neethiya 1

ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය(අපරාධයක සම්පාදක ධාතු) / sri lankawe aparada neethiya

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය | Sri Lankawe Ithihasika jala kalamanakaranaya

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය – භූගෝලීය පසුබිම සහ සුරක්ෂිතතාව ග්‍රන්ථය දිවයිනේ වාරි ක්ෂෙත්රයේ ආරම්භයේ සිට වර්තමානය දක්වා ඓතිහාසික භූගෝලවිද්‍යාත්මක ප්රවේශයකින් කරනු ලබන ගවේෂණයකි. දිවයිනට බලපාන නිවර්තන දේශගුණික රටාවේ උච්චාවචනයන්ට මුහුණදෙමින් දෙදහස් වසරකට වැඩි කාලයක් තිස්සේ මානව මැදිහත්වීම්වලට නතුව පැවතිය ද, වර්තමානයේ ද වියළි කලාපයේ කෘෂිකාර්මික ජල කළමනාකරණයේ පදනම වන්නේ ඓතිහාසික වාරි පද්ධතීන් ම බව මෙම අධ්‍යනයේ දී අවධානය කර ඇත. ඓතිහාසික යුගය තුළ රාජ්‍ය බලය පවත්වා ගෙනයාමත්, ආර්ථික ස්ථාවරත්වය උදෙසාත්, වාරිමාර්ග ස්ථාපනය කිරීම හා නඩත්තු කිරීම රජුට අයත් අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස සළකන ලදී. මෙම සංකල්පය 13 වන ශත වර්ෂයේ අග භාගය දක්වා රීතියක් හෝ සම්ප්රදායයක් හෝ වශයෙන් පවත්වා ගෙන යන ලද බව ඓතිහාසික මූලාශ්‍ර මෙන් ම ශ්‍රී ලංකේය රාජාවලිය අධ්‍යයනයෙන් ද සනාථ වන්නකි. දිවයිනේ භූවිද්‍යාත්මක හා භූගෝලීය අනුකූල වූ, වෙනස්වන සාධකවලට ගැළපෙන සේ, තාක්ෂණය හසුරුවා ගැනීමෙන් පරිසරය සමග මනා සබඳතාවක් ඇති ජල කළමනාකරණ ක්‍රමවේද බිහි විණි. ශත- වර්ෂ ගණනාවක් තිස්සේ නො කඩවා භාවිතයේ පැවතීමෙන් එම අංගයන් ස්වාභාවික පරීසරයේ ම කොටසක් ලෙස එකිනෙකට බද්ධ වී ක්‍රියාත්මක විය. වැවට සමගාමී ව බිහි වූ සියලු අංගෝපාංගයන්හි පිහිටීමේ නිශ්චිත පොදු රටාවක් හඳුනාගත හැකි අතර එම පොදු රටාව අහඹු ලෙස ගොඩනැගුණක් නොව පරිසරය පිළිබඳ ව ක්‍රමක්‍රමයෙන් අත්පත් කර ගත් ආනුභාවික දැනුම මත පදනම් වූවකි. මේ නිසා ම මිනිසා සහ වැව ද, ඒ වටා වූ පරිසරය ද එම ජන සමාජය ද අන්‍යොන්‍ය වශයෙන් දැඩි ලෙස බද්ධ වී පැවතිණ. මෙම සහසම්බන්ධතාව යළි ගොඩනැංවීමේ අවශ්‍යතාව සහ වියළි කලාපයේ ඓතිහාසික ගම්වැව් ප්‍රතිසංස්කරණය කර පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව ද, ඒ සඳහා ගත හැකි ප්රවේශයන් ද මෙම කෘතියේ දී සාකච්ඡා කර ඇත. එමෙන් ම, පශ්චාත් ඓතිහාසික යුගය තුළ වාරි ක්ෂෙත්රය හා සම්බන්ධ ප්‍රතිසංස්කරණයන් සහ සමකාලීන සංවර්ධන ව්‍යාපෘතින්හි බලපෑම පිළිබඳව ද අවධානය යොමු වේ. ඉඩම් හා ජල සම්පත් පදනම් කරගත් වියළි කලාපයේ ‘ග්‍රාමීය සංවර්ධනය’ සඳහා ඓතිහාසික ජන සමාජයෙන් උරුම වූ ‘ග්රාමීයවැව’ ඒ සඳහා ඍජු ව ම පාදක කරගත හැකි මහඟු සම්පතක් බව මෙම ග්‍රන්ථයේ දී අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය | Sri Lanka’s Easter Sunday Massacre

ලොව පුරා ඇතැම් ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂාවට තර්ජනයක් වෙමින් පවතී. මෙම අන්තවාදී කණ්ඩායම් ආගමික හා සමාජ වෛරය පතුරවන ප්‍රකාශ කරමින් හා දේශන පවත්වමින් ඒ තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා සිය සාමාජිකයන් පොළඹවමින් සමාජ හා දේශපාලන අස්ථාවරභාවයක් ජනිත කරවීමට ක්‍රියා කරයි.
ඔවුනගේ මෙම රැඩිකල් මතවාදයන් හා සමාජ විරෝධී ක්‍රියාකාරකම් ඇතැම් ආගමික සංස්ථා වලට ද සමහර අධ්‍යාපන ආයතන තුළට ද ඩිජිටල් ක්‍රියාකාරකම් තුළට ද පිවිස ඇත.
2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරයේ පසුබිම මෙම කෘතිය තුළින් ගැඹුරු සාකච්ඡාවකට බඳුන් කරයි.
අයි.එස්. ත්රස්තවාදයේ ආරම්භය නැඟීම හා පැතිරයාම ද එහි බලපෑම තුළින් ලෝකයේ සහ අප රටෙහි ද ඇතැම් කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතිවීම ද එම කණ්ඩායම් වල්ල කරන මිනීමරු ප්‍රහාර වලට අනාගතයේ දී අප මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ද ගැඹුරු කතිකාවකට මහාචාර්ය රොහාන් ගුණරත්න මෙම කෘතිය තුළින් වැදගත් ආරම්භයක් ලබා දී ඇත.
Sri Lanka’s Easter Sunday Massacre
Prof. Rohan Gunaratna