Showing 1081–1104 of 1419 results
Shop
ශාස්ත්‍රීය ලේඛනය – ශාස්ත්‍රීය මග පෙන්වීමක් / Shasthriya lekanaya – Shasthriya maga penweemak
රු1,000.00
ශාස්ත්‍රීය ලේඛන කාර්යයෙහි යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ ආධුනිත ශාස්ත්‍රීය ප්‍රජාවගේ ප්‍රයෝජනය සහ යහපත අරමුණු කරගෙන ලියා ඇති මෙම කෘතිය, ශාස්ත්‍රීය ලේඛන කරණය පුචලිතවෙමින් පවතින පසුබිමක අප රටෙහි තවමත් තිබෙන හිඩැසක් පුරවන්නකි. එය නම් ශාස්ත්‍රීය ලේඛනයෙහි ගුණාත්මක අගය සහ ප්‍රමිතීන් ඉහළ මට්ටම් වලින් පවත්වා ගැනීමට අවශ්‍ය මග පෙතිවීමක් ලබා දෙන සාහිත්‍යයක් නොමැති වීම යි. එම අඩුව පිරිමසන මෙම කෘතිය විශ්ව විද්‍යාල වල ප්‍රථම උපාධි මෙන්ම පශ්චානි උපාධි පාඨමාලා හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවටති, ශාස්ත්‍රීය ලේඛනකරණයෙහි යෙදෙන ආධුහික ශාස්ත්‍රීය ප්‍රජාවටත් බෙහෙවින් ප්‍රයෝජනවත් වහ මහ පෙන්වීමකි.
ශ්‍රි ලංකාවේ සාක්ෂ්‍ය නීතිය 1 / sri lankawe sakshya neethiya 1

ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය(අපරාධයක සම්පාදක ධාතු) / sri lankawe aparada neethiya

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය | Sri Lankawe Ithihasika jala kalamanakaranaya

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය – භූගෝලීය පසුබිම සහ සුරක්ෂිතතාව ග්‍රන්ථය දිවයිනේ වාරි ක්‍ෂෙත්‍රයේ ආරම්භයේ සිට වර්තමානය දක්වා ඓතිහාසික භූගෝලවිද්‍යාත්මක ප්‍රවේශයකින් කරනු ලබන ගවේෂණයකි. දිවයිනට බලපාන නිවර්තන දේශගුණික රටාවේ උච්චාවචනයන්ට මුහුණදෙමින් දෙදහස් වසරකට වැඩි කාලයක් තිස්සේ මානව මැදිහත්වීම්වලට නතුව පැවතිය ද, වර්තමානයේ ද වියළි කලාපයේ කෘෂිකාර්මික ජල කළමනාකරණයේ පදනම වන්නේ ඓතිහාසික වාරි පද්ධතීන් ම බව මෙම අධ්‍යනයේ දී අවධානය කර ඇත. ඓතිහාසික යුගය තුළ රාජ්‍ය බලය පවත්වා ගෙනයාමත්, ආර්ථික ස්ථාවරත්වය උදෙසාත්, වාරිමාර්ග ස්ථාපනය කිරීම හා නඩත්තු කිරීම රජුට අයත් අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස සළකන ලදී. මෙම සංකල්පය 13 වන ශත වර්ෂයේ අග භාගය දක්වා රීතියක් හෝ සම්ප්‍රදායයක් හෝ වශයෙන් පවත්වා ගෙන යන ලද බව ඓතිහාසික මූලාශ්‍ර මෙන් ම ශ්‍රී ලංකේය රාජාවලිය අධ්‍යයනයෙන් ද සනාථ වන්නකි. දිවයිනේ භූවිද්‍යාත්මක හා භූගෝලීය අනුකූල වූ, වෙනස්වන සාධකවලට ගැළපෙන සේ, තාක්ෂණය හසුරුවා ගැනීමෙන් පරිසරය සමග මනා සබඳතාවක් ඇති ජල කළමනාකරණ ක්‍රමවේද බිහි විණි. ශත- වර්ෂ ගණනාවක් තිස්සේ නො කඩවා භාවිතයේ පැවතීමෙන් එම අංගයන් ස්වාභාවික පරීසරයේ ම කොටසක් ලෙස එකිනෙකට බද්ධ වී ක්‍රියාත්මක විය. වැවට සමගාමී ව බිහි වූ සියලු අංගෝපාංගයන්හි පිහිටීමේ නිශ්චිත පොදු රටාවක් හඳුනාගත හැකි අතර එම පොදු රටාව අහඹු ලෙස ගොඩනැගුණක් නොව පරිසරය පිළිබඳ ව ක්‍රමක්‍රමයෙන් අත්පත් කර ගත් ආනුභාවික දැනුම මත පදනම් වූවකි. මේ නිසා ම මිනිසා සහ වැව ද, ඒ වටා වූ පරිසරය ද එම ජන සමාජය ද අන්‍යොන්‍ය වශයෙන් දැඩි ලෙස බද්ධ වී පැවතිණ. මෙම සහසම්බන්ධතාව යළි ගොඩනැංවීමේ අවශ්‍යතාව සහ වියළි කලාපයේ ඓතිහාසික ගම්වැව් ප්‍රතිසංස්කරණය කර පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව ද, ඒ සඳහා ගත හැකි ප්‍රවේශයන් ද මෙම කෘතියේ දී සාකච්ඡා කර ඇත. එමෙන් ම, පශ්චාත් ඓතිහාසික යුගය තුළ වාරි ක්‍ෂෙත්‍රය හා සම්බන්ධ ප්‍රතිසංස්කරණයන් සහ සමකාලීන සංවර්ධන ව්‍යාපෘතින්හි බලපෑම පිළිබඳව ද අවධානය යොමු වේ. ඉඩම් හා ජල සම්පත් පදනම් කරගත් වියළි කලාපයේ ‘ග්‍රාමීය සංවර්ධනය’ සඳහා ඓතිහාසික ජන සමාජයෙන් උරුම වූ ‘ග්‍රාමීයවැව’ ඒ සඳහා ඍජු ව ම පාදක කරගත හැකි මහඟු සම්පතක් බව මෙම ග්‍රන්ථයේ දී අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය | Sri Lanka’s Easter Sunday Massacre

ලොව පුරා ඇතැම් ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂාවට තර්ජනයක් වෙමින් පවතී. මෙම අන්තවාදී කණ්ඩායම් ආගමික හා සමාජ වෛරය පතුරවන ප්‍රකාශ කරමින් හා දේශන පවත්වමින් ඒ තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා සිය සාමාජිකයන් පොළඹවමින් සමාජ හා දේශපාලන අස්ථාවරභාවයක් ජනිත කරවීමට ක්‍රියා කරයි.
ඔවුනගේ මෙම රැඩිකල් මතවාදයන් හා සමාජ විරෝධී ක්‍රියාකාරකම් ඇතැම් ආගමික සංස්ථා වලට ද සමහර අධ්‍යාපන ආයතන තුළට ද ඩිජිටල් ක්‍රියාකාරකම් තුළට ද පිවිස ඇත.
2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරයේ පසුබිම මෙම කෘතිය තුළින් ගැඹුරු සාකච්ඡාවකට බඳුන් කරයි.
අයි.එස්. ත්‍රස්තවාදයේ ආරම්භය නැඟීම හා පැතිරයාම ද එහි බලපෑම තුළින් ලෝකයේ සහ අප රටෙහි ද ඇතැම් කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතිවීම ද එම කණ්ඩායම් වල්ල කරන මිනීමරු ප්‍රහාර වලට අනාගතයේ දී අප මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ද ගැඹුරු කතිකාවකට මහාචාර්ය රොහාන් ගුණරත්න මෙම කෘතිය තුළින් වැදගත් ආරම්භයක් ලබා දී ඇත.
Sri Lanka’s Easter Sunday Massacre
Prof. Rohan Gunaratna
ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ තාක්ෂණික අත්පොත | Sri Lankawe wisithuru mathsya wagawa pilibanda thakshanika athpotha

ආර්. එම්. ජී. රත්නායක මහතා මූලික අධ්‍යාපනය රමුන රජයේ විදද්‍යාලයෙන් ලැබූ අතර උසස් පෙළ අධ්‍යාපනය සඳහා නිකවැරටිය මහසෙන් ජාතික පාසලට ඇතුළත් විය. කෘෂි විද්‍යා විෂය ධාරාවන් තෝරාගත් ඔහු උසස් අධධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්යාලයේ කෘෂිකර්ම විදද්‍යා පීඨයට ඇතුළත් විය. කෘෂිකර්ම විදහ ගෞරව උපාධියක් (B.Sc) ලබා ගත් ඔහු කෘෂි විශේෂඥයෙකි. නව ද කැලණිය විශ්වවිදහලයේ ධීවර හා ජලජීවි කළමනා කරණය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද හදාරා ඇත. කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MA) හිමිකර ගත් සමාජ විශේෂඥයෙකි. ආර්. එම්. ජී. රත්නායක මහතා පේරාදෙණිය විශ්වවිද්යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනයෙන් දර්ශනපති උපාධිය (M.Phil) හිමිකරගත් පර්යේෂකයෙකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවර -යෙක් වශයෙන් ද රජරට විශ්වවිද‍්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් ද කටයුතු කර ඇති ඔහු දැනට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාහ ත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ජලජීවී විද්‍යාඥවරයෙක් වශයෙන් කටයුතු කරයි. දේශීය විදේශීය පුහුණුව ලබා ඇති ඔහු ජලජීවී ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කර ඇත. ලේඛන හැකියාව ප්‍රගුණ කළ ඔහුගේ උසස් තාක්ෂණික කෘතියක් ලෙස ශ්‍රී ලංකාවේ ලංක විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ තාක්ෂණික අත්ත්පොත හැඳින්විය හැකි ය.
මහාචාර්ය උදේනි එදිරිසිංහ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය ජේරාදෙණිය විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකාවේ සාක්ෂ්‍ය නීතිය 2/ sri lamkawe sakshya neethiya 2

ශ්වේත | Shwetha

ජීවිතේ අනේක විද බාධක හැල හැප්පීන් මැඳ ජීවත් වන්නට වෙහෙසවන තරුණියක් අවසානයේ නොසිතූ පරිද්දෙන් ජීවිතේ ජයගන්නට විය. ඒ වෙනුවෙන් ඇපකැප වී තමාගේ ජීවිත කාලයම නොසිතූ පරිද්දෙන් ඇය වෙනුවෙන් සින්න කරම ලංසු දැමූ ඔහු, ඇයගේ ජීවිතේ සතුට හා අපරිමිත ධෛර්යය ගැන සිතමින් අයිති කර ගැනීම පමණක් ප්‍රේමය නොවන බව සියල්ල ඉදිරියේ පසක් කරවන්නට දරන උත්සාහයක අවසන් ප්‍රතිඵලය මෙලෙස විදහා දක්වයි.
ඉතින් ලස්සන මල් බොහෝමයක ආරම්භය කටුක කාර්තු ගොන්නක ආරම්භයක් බව සිහි තබාගන්න. මේ මොහොතේ ඔබට සිනහ වෙන ප්‍රතික්ෂේප කරන මිනිස්සුන් යම් දිනෙක ඔබ ඉන්න තත්වය තරාතිරම දැක ඔබ වෙනුවෙන්ම ප්‍රියසම්භාෂන පවත්වනු ඇත. එලෙස මොහොතක් පැමිණෙන තුරු ඔබ ඔබෙන් විය යුතු දේ කරන්න.ඒ අතරම ආදරය යනු අයිති කරගැනීම පමණක්ම නොව ඔවුන්ගේ සතුට දෙස බලා අපේ ගිත් ආදරෙන් පුරවා ගැනීම බව තරයේ මතක තබා ගන්න.
ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද | Sherlock Holmes Wage Hithanne Kohomada

“වොට්සන් මේ ලෝකයේ මිනිස්සු වර්ග තුනක් ඉන්නවා කියලා ලියනාඩෝ ඩාවින්චි වරක් කියලා තියෙනවා. පළමු වර්ගය තමයි දකින අය.
දෙවෙනි වර්ගය තමයි අනිත් අය පෙන්වූ විට දකින අය. තුන්වෙනි වර්ගය තමයි කිසිවක් නොදකින අය. ඒත් මම නම් ඔය වර්ග තුනටම අයත් නෑ මගේ හිතවත් මිත්‍රයා.”
“එහෙනම් ඔබ අයත් වෙන්නේ මොන වර්ගයටද හෝම්ස්” ?
” මම අයත් වෙන්නේ දකින අයත් නොදකින බොහෝ දේවල් දකින මිනිසුන් වර්ගයට” ඔහු එහෙම කියලා වයලීනය අතට අරගෙන පුටුවේ දිගා වුණා.
1. කළ හැකි දේවල් අතරින් කළ යුතුම දේ සිතීමේ හැකියාව
2. ප්‍රශ්න නොකරන දේවල් ප්‍රශ්න කිරීමේ කලාව
3. අනෙකාට හිතෙන විදිය සිතා ගැනීමේ සෙල්ලම
4. විශ්මිත විරාමයක් ගැනීමේ පුරුද්ද
5. යමක් පුරුද්දක් වනතුරුම පුහුණු වීමේ වාසිය.
6. සංකීර්ණ ගැටලු සරලව දැකීමේ රහස
සංචරණි | Sancharani

නොවැම්බර් 21 වෙනිදා නිකුත් වේ.
ආදරයේ විශ්වීය පණිවිඩය මෙහි රැගෙන ආ ආදරණීයම සංචරණිය…
අවාරයේ නොලද ඵල වාරේ ලබන්නා සේ ඔහුගේ ආදරයෙන් මත් වී හැමදාමත් මේ පුංචි මැයිමාර සෙවණ යට ඔහුගේ මතකයන් මතක් කරමින් මැයිමාර ප්‍රසංගයක සුන්දරත්වය විඳිමින් මරණය තුළින් වුවත් හැඟීමෙන් හා මතකයන්ගෙන් යුතුව ඇය අමරණීයව ජීවත් වනු ඇත…
සටන්කාමියා | Satankamiya

මිනීමරුවන් තිදෙනා මාලන් කොටු කරගෙන සිටියහ. ඔවුන් හිදෙනාම දකුණත්වල, කලාකිරිඤ්ඤ පැලඳ සිටියහ. ඔවුන් ගොදුරක් වෙත ළං වන වෘකයන් මෙන් මාලුන් වෙත සෙමින් ළං වූහ. මාලන් දෙපා විහිදා, හිස මදක් නමාගෙන, දෙඅත් මිට මොළවාගෙන සටන්කරුවන් තිදෙනා පිළිගැනීමට සුදානම්ව සිටියේය.
මාලන් යක්‍ෂයෙකුටවත් බිය නැති නිර්භීත තරුණයෙකි. සටන් කිරීමට ඔහුට අවි ආයුධ අවශ්‍ය නැත. අයුක්තියට, අසාධාරණයට විරුද්ධව සටන් වැදීමට ඔහු කවදත් පසුබට නොවීය….. ඔහුගේ සහායට ඔහුට සිටියේ දාලා යන්නේ නැති නියම කෙල්ලක් පමණි.
දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම රූමත් තරුණියන් පැහැර ගෙන අවුත්, විදේශීය සංචාරකයන්ට අලෙවි කරමින්, හෙරෝයින් මත්කුඩු ජාවාරමේ යෙදෙමින්, සිංගප්පූරුවට ළමා අවයව විකුණමින්, මහා පරිමාණයේ නීතියට පටහැනි බිහිසුණු ජාවාරම් රාශියක යෙදුණු මිනිමරු හොර සංවිධායක් පසුපස ලුහුබැඳ ගිය වීර තරුණයෙකු පිළිබඳව ලියවුණු, සෑම පිටුවක් පාසාම අධිවේගී ක්‍රියාදාමයන් පිගිය ත්‍රාසජනක රහස් පරීක්ෂක නවකතාව ‘සටන්කාමියා ඔබ ත්‍රාසයෙන් මුසපත් කරනවා ඇත.
සතුටු මන්තර | Sathutu Manthara

සැබවින් මේ විශ්වයේ සයුරංගනා ට තිබෙන ලොකු ම සතුට රෝස බෝනික්කියයි. දියණි එසඳි මැණිකයි. ඇය කේන්ද්‍ර කොට ගත් විට අන් සියල්ල සතුටකට පෙරලා ගන්නට පිළිවන. ට්‍රයිඩැක්ස් මල් පෙත්තක පවා, රෝස පාට පවුඩර් මලක් වන් මිමෝසා රේණුවක පවා, පහළ වෙල ළඟ දං පඳුරු වසා වැවී මල් පිපෙනා මෝනිං ග්ලෝරියා දම් පැහැයක පවා සතුටක් දකින්නට පිළිවන.
සයුරංගනා ගේ මූණේ සිනහවක් නැති වෙලාවක් නැතැයි මල්කාන්ති නිතර ම කියයි. මල්කාන්ති යනු ඉස්සරහා ගෙදර යශෝදර ගේ අම්මා ය. ඒ මන්දහාසය සයුරංගනා ගේ ආරක්ෂිත පළිහයි. සැබෑ මුහුණ ආවරණය කරනා වෙස් මුහුණයි. වචන කෝටි ගණනකින්වත් පැහැදිලි කරන්නට නො තේරෙන ගොරතර වනාන්තරයක බියකරු පාළුවත්, අගාධ අදුරක අනන්ත හිස්කමත් වසා ගෙන සර්ව සම්පූර්ණ පතිණියක සේ ඇය ලෝකයට මූණ දෙන්නේ මේ සිනහව පළන්දා ගෙන යි.
සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස | The Seven Moons of Maali Almeida

‘The Seven Moons Of Maali Almeida කෘතිය විනිශ්චකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්‍යමය ආඛ්‍යාන ක්‍රම වේදයත් නිසාය.’
2022 BOOKER PRIZE
සන්ත්‍රාස සමයක සිර වූ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්‍රහයක්.
1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ හොල්මන්, අවතාර පමණි.
මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.
ජාත්‍යන්තර සම්මානලාභී Chinaman සමග ප්‍රමුඛ ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු ලෙස පිළිගැනීමට ලක් වූ ශෙහාන් කරුණාතිලක නැවත එන්නේ දශකයකට පසුවය. ඒ අපහසුකාරී ඇත්තක්, මූසල මුඛරිකමක දැවටූ දෙදරා යන කෘතියක් කැටුවයි.
මුල් පිටපත Chats with The Dead නමින් එළිදැක්විණ.
සද දෙකඩ සඳ

මුහම්මද් තුමාගේ චරිතාපදානය “සද දෙකඩ සඳ”
උත්තර භාරතයේ උපත ලද ලෝකයේ ඉස්ලාම් දහම පිළිබද ලොව ඉහලින්ම පිළිගත් විද්වතෙක් වන ෂෙයික් සෆියුර් රහ්මාන් අතින් ලියවුනු පොත් සිය ගණනක් අතුරින් ඉතා ප්‍රසිද්ධ වූ පොතකි (“When The Moon Split”). එය උර්දු භාෂාවෙන් ලියන ලද වක්තෘවර මුහම්මද් නබි නායක තුමාගේ ජිවිත කතාව අලලා ලියවුනු පොතක්. එම මුල් පොතේ ඉංග්‍රීසි පරිවර්තනයෙන් නැවත සිංහලට පරිවර්තනය කලේ සමන් පුෂ්ප ලියනගේ විසිනි.
ආගම පිළිබද වඩා හොද අද්යනයක් ලබා ගැනීමට මෙම පොත ඔබට මහෝපකාරී වේ.
සන්තෝෂ තාරකා එළි | Santhosha Tharaka Eli

හදවත සිය වරක් බිඳී ගොස් තිබියදී පවා තව වරක් ආදරය විශ්වාස කිරීමට තරම් නිර්භීත වන සියලු මිනිසුන්ට…
දෛවය දහස් වරක් අකාරුණික වී තිබියදී පවා නොකඩවා අනෙකා කෙරෙහි කාරුණිකව පවතින, විශාල හදවත් හිමි සියලු මිනිසුන්ට…
ගොඩක් අය කියනවා ” තමන්ට ඉන්නෙ තමන් විතරයි, ඔයාව බේරගන්න කවුරුවත් එන්නෙ නෑ ” වගේ කතා.
ඒත්… මට නම් ඒක ඇත්තක් නෙවෙයි. මගෙ ජීවිතේ නම් ගොඩක් දෙනෙක් මාව බේරගෙන තියෙනවා. සමහරවිට ඔවුන් එහෙම කරපු බවක් ඔවුන් දන්නෙවත් නෑ.
නන්නාඳුනන්නෙක්ගෙ සිනහවක් නිසා, පාරෙ ඉන්න වීදි බව්වෙක් තෙත හොම්බකින් දැම්ම තට්ටුවක් නිසා, කවුරු හරි ලිව්ව සටහනක කොටසක් නිසා මම බේරුණ අවස්ථා තියෙනවා.
මම අහපු ගීතයක තිබුණ වචන නිසා, මම ගැන අවධානෙන් හිටිය යාළුවෙක් නිසා මම බේරුණ අවස්ථා තියෙනවා.
අපි නොදන්නවා වුණත් හැම දවසකම අපි හැමෝම, අපි එකිනෙකාව අන්ධකාරයෙන් බේර ගනිමින් තමයි ඉන්නෙ. ඒක වෙන්නෙ පිටට නොපෙනෙන තරම් ඉතා කුඩා ආකාර වලින්.
සන්ධ්‍යාරාග | Sandyaraga

” මොන වැරැද්ද කොරල ආවත් පිරිමින් නාවල ගෙට ගන්න ඇහැකි දුවේ, හැබැයි කෙල්ලෙක්ට, ගෑණියෙක්ට වරදක් උනොත් ආය ඒ වැරැද්ද හදනව බොරු ”
“මයි හිතේ මං මක්ක කොරත් හිතුවත් ලෝකෙ බලාපොරොත්තු වෙන්නෙ තමංගෙ කසාද පුරුසයගෙ මොන වරද තිබ්බත් ඒ හැමදේම ඉවසාන කොරන ඔලුව නවං ඉන්න ගෑණුන්ව.
“කිසිම වෙලාවක කසාදෙ ඇතුළෙ ඩෙංගතුකං හොයන්නෙ තනන්නෙ නැති ගෑණුන්ව.”
* පවුල ඇතුළෙ වෙන පුරස්න එළියට අරං ගොහින් එළියෙන් එව්වට උත්තර හොයන්න කරන්නෙ නැති ගෑණුන්ව.”
” ඒත් එහෙම ගෑණියෙක් වෙලා ලෝකෙන් කොච්චර හොඳ අහගත්තත් ඵලක් තියේද තමංගෙ කසාද පුරුසයට තමන් ගැන වගක් නැතුව? “
සබරගමුව දුම්රිය | The Sabaragamuwa Railway

රසික වික්‍රමනායක, පැල්මඩුල්ල ගන්කන්ද මැදි විදුහලේ කීර්තිමත් ආදි සිසුවෙකි. මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයෙන් විද්‍යාවේදී උපාධියත්, එහිම පශ්චාත් උපාධියත් හැදෑරූ ඔහු, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් වව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක්ද හදාරා ඇත. වාස්තු විද්‍යාඥයෙකු වශයෙන් මෙරට සැලසුම් නිර්මාණ ආයතන වලත්, ඉදි කිරීම් විශේෂඥයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) දෙස් විදෙස් කාර්යාලයන්හිත් සේවය කළ හෙතෙම, වෛද්‍ය හේතූන් මත 2020 වසරේදී සේවයෙන් විශ්‍රාම ගත්තේය.
රසික වික්‍රමනායක විසින් 2021 වසරේදී ඉංග්‍රීසි බසින් ලියා පළ කරන ලද, ලංකාවේ පටු ආමාන දුම්රිය (Narrow Gauge Railways of Ceylon) පොත එම විෂය සම්බන්ධව ලිය වී ඇති ප්‍රථම සහ එකම පරිපූර්ණ පර්යේෂණාත්මක ග්‍රන්ථය ලෙස සැලකේ. සිංහල නිර්මාණාත්මක ලිවීම කෙරෙහිද උනන්දුවක් පළ කරන ඔහු, මොනර කුටුම්බය කෙටිකතා සංග්‍රහය 2022 වසරේදී පළ කළේය. සබරගමුව දුම්රිය, සිංහල බසින් ලිය වෙන ඔහුගේ පළමු වැනි දුම්රිය ආශ්‍රිත පර්යේෂණාත්මක ග්‍රන්ථයයි.
සමස්තයෙන් ඩින්ගිත්තක් | Samasthayen Dingiththak

පරම්පරා කිහිපයක් පුරා දිවයන කතාවකි. විවිධ චරිත බොහොමයක් එකිනෙකා අතර ගැටෙන ආකාරය ඔවුන් පරම්පරාවන් දකින ආකාරය සම්බන්ධ අපූර්ව කතාවකින් සමන්විතය.
මාර්ටින් ඩීන් තම සිර මැදිරියේ සිට කියන කතාව තුළ ගැබ් වන්නේ, අසාමාන්‍ය පියෙකු, අසාමාන්‍ය යුගයක් සහ අසාමානය ආදරයක් පිළිබඳ වෘත්තාන්තයකි. සම්මතය ප්‍රශ්න කිරීම සහ ලෝකය දෙස වෙනස් ආකාරයකින් බැලීම තුළින් නූතන සමාජය තුළ පුද්ගලයෙකු මුහුණ දෙන අනේක අභියෝග සහ අර්බුද ඒ තුළින් මනාව චිත්‍රණය කෙරේ.
මුල් වාක්‍යයේ සිටම පාඨකයා ඇද බැඳ ගනිමින්, දීර්ඝ කතාවක් රසවත් ආකාරයෙන් පැවසීම මෙහි ඇති තවත් විශේෂතවයකි.