Showing 1129–1152 of 1432 results

Shop

සැබැවින්ම ලෝකය මායාවක් ද?| Book of Nothing

රු1,190.00
or 3 X රු396.67 with

සත්‍යය සොයාගත නොහැකියි.
එය සිදුවන්නේ අනෙක් අතටයි.
සියලුම සෙවීම් නතර කළ පසු සත්‍යය ඔබේ දොරට තට්ටු කරනු ඇත.
සොයන්නා තවදුරටත් නොසිටින විට සත්‍යය ඔබ කරා එයි. සියලුම ආශාවන් නතර වූ විට, කොතැනකටවත් යාම සඳහා පෙළඹවීමක් ඔබට නොමැති වන බැවින් එක් වරටම ඔබ දැනගන්නේ ඔබව ප්‍රභාමත් වූ බවයි. ඒ විගසම ඔබ දැන ගන්නේ ඔබ සොයමින් සිටි පන්සල නම් ඔබම වන බවයි.

එවිට ඔබට පසක් වන්නේ බුදුන්, යේසුන්, ක්‍රිෂ්ණා යනු ඔබම වන බවයි.

දර්ශනයක් ඔබ කරා නොපැමිණෙන අතර ඔබ යනු සියල්ලෙහිම ප්‍රභවය බවයි.

යථාර්ථය වන්නේ ඔබයි

සැබෑ මිනිසෙකුගේ කතාවක් | Saba Minisekuge Kathawak

රු810.00
or 3 X රු270.00 with

විශ්ව සාහිත්‍ය තුළ රුසියානු සාහිත්‍යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත්‍ය ශ්‍රී ලාංකිකයන් අතර මහත් ජනප්‍රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත්‍ය කලාවක් වේ.

දශක ගණනාවක් පුරා රුසියානු සාහිත්‍යයට ආදරය හා ගෞරව කරන ශ්‍රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත්‍ය සංස්කෘතික ව්‍යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත්‍ය කවය’ මගින් එය නැවත පණගැන්වීමට ගත් උත්සාහය මගින් රුසියානු සාහිත්‍ය සඳහා කැපවූ ශ්‍රී ලාංකික රසිකයන් අතර නැවත උනන්දුවක් උද්දීපනය කිරීමට සමත්ව ඇත.

රුසියානු සාහිත්‍ය කවය මොස්කව්හි මුද්‍රණය කර ඇති සාහිත්‍ය කෘති, සිංහලයට පරිවර්තනය කර නැවත ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරමින් සිටී. මෙම කෘතිවල ගුණාත්මකබව ඉහළ නංවා සාධාරණ මිලකට විශාල පාඨක පිරිසකට ඒවා ලබා දීම ඔවුන්ගේ අරමුණයි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සහයෝගීතා අංශය හරහා කොළඹ රුසියානු මන්දිරයේ සහය ඇති, මෙම ව්‍යාපෘතිය ඉතා උතුම් කාර්යයක් වන අතර එය සාර්ථක කර ගැනීමට මාගේ සියලු උපකාර ලබා දීමට කැමැත්ත පළකර සිටිමි.

මොස්කව්හි මුල්වරට ප්‍රකාශයට පත් කර ඇති සැබෑ මිනිසෙකුගේ කතාවක් නැවත මුද්‍රණයට පත් කිරීම භාරගෙන ඇති ඇම්.ඩී.ගුණසේන සහ (පුද්ගලික) සමාගමට මාගේ කෘතඥතාව පළකර සිටිමි. රුසියානු සාහිත්‍ය හා සංස්කෘතිය ගැන උනන්දුවක් දක්වන සියලුම දෙනාට රුසියානු භාෂාව ඉගෙන ගන්නා ලෙස මම ඉල්ලා සිටිමි. එවිට ඔවුන්ට මූලාශ්‍ර කෘති කියවා අධ්‍යයනය කර ඒවා ඔවුන්ගේ මව් භාෂාව වන සිංහල සහ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමේ හැකියාවද වර්ධනය කර ගැනීමට හැකි වේ. ඉදිරියේදී නවතම සාහිත්‍ය කෘති රැසක් මෙම ව්‍යාපෘතිය යටතේ බිහිවනු ඇත. මේ වෙනුවෙන් අපගේ හෘදයංගම ශුභාශිංසන පිරිනමන්නේ ඉතාමත් සතුටිනි.

සිංගල් මම් | Single Mom

රු1,332.00
or 3 X රු444.00 with

“පුතාල ආවා ”

මං කිව්ව එයාව සර්ප්‍රයිස් කරන අදහසින්. හැබැයි එහෙම එකක් වුණේ නෑ.

” එහෙටත් ගොඩවුණේ ”

සෞම්‍යා කිව්වෙ කාලීන වටිනාකමක් නැති පුවතක් බ්‍රේකිං නිවුස් ගැහුව වගේ

“ඇයි අද මොකද වුණේ?”

” එහෙමට මොනවත් වුණේ නෑ. ධනුක පුතයි නංගියි ටිකක් සැරට කතා කරනව ඇහුණ. නංගිට ඒගොල්ලෝ ගත කරන ජීව්ත අල්ලන්නෑ, අපිටත් එහෙමතෙ. නංගී ඕපන් රිලේශන්ෂිප් කියල වචනෙකුත් පාවිච්චි කරා.”

“විවෘත සබඳතා.”

” මටත් තේරෙනව. ඇත්තටම මේ ගොල්ලො අර පර සංස්කෘතියද මේ රටේ පැළ කරන්න හදන්නෙ මහී?”

” මොකක්ද ඒ පාර මේ ඔයාට වෙලා තියෙන්නෙ. ලෝකෙ එක තැනක නෑ සෞම්‍යා. මං ඒ ලයිෆ් එකට එකඟයි කියනව නෙවෙයි. (අපේ කාලෙත් එහෙම එව්ව තිබිබ්බ නං… අම්මා… කොච්චර ෂෝක්ද?) ෆොරීන් කන්ට්‍රිස් වල ඔව්ව සුලබයි. එහෙම ආශ්‍රය නොකර කවුරුත් මැරි කරන්නෑ. සමහර රටවල එ‌හෙම සොසයිටීස් හදාගෙන තියෙනව. නොලේජ්, සෙක්ෂුවල් ලයිෆ්, සෝෂල් ඩිසිප්ලින්, එඩල්ට් කෙයාර්, රිලේශන්ෂිප් සහ තවත් එව්ව තියෙනව. ඒව ඔක්කොම බලල තමයි ඒ ගොල්ලො තීරණය කරන්නෙ මැරි කරනවද නැද්ද කියල. අනික් එක තමයි ප්‍රපෝස් කරනව කියල ඒ දෙන්න චිතරක් සංචාරෙකුත් යනව. සමහර විට රට ඇතුළෙ. එහෙම නැත්තං රටිං පිට.”

සිතුවිලිවල බලය | Sithuwiliwala balaya – Born Rich

රු1,080.00
or 3 X රු360.00 with

මෙම කෘතියෙන් ඔබට පෙන්වා දෙන්නේ කාලානුරූපී මූලධර්ම සහ ප්‍රායෝගික අවබෝධය උපයෝගි කර ගනිමින්, ජීවිතයේ ඔබ මෙතෙක් අවබෝධ කර නොගත් ජයග්‍රහණයන් ඔබ වෙත ලං කර ගන්නා ආකාරයයි.

ඒ අනුව ඔබ මෙතෙක් භාවිතා නොකළ හැකියාවන් ප්‍රයෝජනයට ගෙන, ඔබේ ගමන වළක්වන සීමාකාරී විශ්වාසයන් බිඳ දමා, ඔබේ ගැඹුරුම අභිලාෂයන් සාක්ශාත් කර ගැනීමට ඔබ ඔබේ මනස මෙහෙයවයි.

එය ධනය හා සාර්ථකත්වය පිළිබඳ ඔබේ පැරණි ආකල්ප යළි අර්ථකථනය කරන බව සහතිකයි.

සිතේ කෙටුණු දේවනාගර / sithe ketunu dewanagara

රු1,080.00
or 3 X රු360.00 with

සුමිත්ගේ පියා බිහිසුණු යුද අත්දැකීමෙන් මානසික පීඩාවට පත් හමුදා නිලධාරියෙකි. තමා විසින් මරා දැමුණු කොටියෙකු තමා මරා දැමීමට දරුවෙකුව උපත ලබා ඇතැයි ඔහුගේ සිතට විසක් පෙවේ.

පුත් සුමිත් ළදරු වියේ සිට ම “සන්ලැයිට්’ සබන් කාලේ කෑල්ලට රුචිය. ඔහු එම පාට දෑ සොරාගනී. පරාජිත හැඟුම් ඔහු කෝප ගන්වයි.

සෙසු ළමා සිත් සේ සුමිත් කියවාගත නොහැක්කේ ඔහුගේ චින්තාව සිතේ කෙටි ඇත්තේ දේවනාගර අකුරෙන් හෙයිනැයි නිරූපමාගේ නැන්දණිය කියයි.

සුමිත් නොමැති නම් තමාට නිරූපමා හා එක් ව විවාහ දිවිය ගෙවිය හැකියැයි පවසමින් හමුදා සැමියා නිරූපමා හා නිතර කලහ කරගනී.

සුමිත්ගේ මව-නිරූපමා- ඔහුගේ පියා ගෙන් දරුවා රැක, හදාවඩා ගැනුම සඳහා රැකියාවෙන් ඉවත් ව විසල් ගෙයක පුත් හා හුදකලා දිවියක් ගෙවයි.

එක් රැයක නිරූපමා ඝාතනය කෙරේ.

සුමිත්ගේ පියා මෙන් ම සුමිත් ද ඊට සැකකරුවන් වේ. තීරණාත්මක අවස්ථාවෙක දී සුමිත්ගේ විඤ්ඤාණය- සිතේ කෙටුණු දේවනාගර- ක්‍රියාකරන්නේ හයි ඔහුගේ ගුරුතුමිය කියයි.

සැබෑ මිනීමරුවා සොයා ගනුයේ පොලීසිය ද?

සිද්ධාර්ථ | Siddhartha

රු270.00
or 3 X රු90.00 with

ජීවිතයේ අරුත කුමක්ද?

හැම ශ්‍රේෂ්ඨ ලේඛකයකුම නියමින් හෝ අනියමින් අසන්නේ, ඒ ප්‍රශ්නය නොවේ ද?

ඇත්තටම, ජීවිතයට තේරුමක් තියෙනවාද? තියෙනවා නම්, ඒ කුමක්ද?

මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන තැනැත්තා ප්‍රතිභාසම්පන්න ලේඛකයෙකු වූ විට, ඔහු අතින් බිහි වන්නේ සුන්දර නවකතාවකි.

හර්මන් හෙස නමැති සුප්‍රකට ලේඛකයා අතින් ” සිද්ධාර්ථ ‘ යන නමින් ලියැවී ඇත්තේද, එවන් එක් සුන්දර නවකතාවකි. ඒ නවකතාවේ ප්‍රධාන චරිතය වන සිද්ධාර්ථ, ඉතාම කඩවසම් කාන්තිමත් බ්‍රාහ්මණ තරුණයෙකි. එහෙත් ඔහුගේ හිත නොසන්සුන්ය. සිය මිත්‍ර ගෝවින්ද නමැති තවත් බ්‍රාහ්මණ තරුණයකු සමඟ එකට වැඩෙන සිද්ධාර්ථ, ජීවිතයේ සත්‍ය තත්වය – යථාර්ථය සොයන්නට තීරණය කරයි. ඒ නිසාම, මේ දෙදෙන නගරය අතහැර ගොස්, සන්‍යාසීන් හෙවත් සිවුරු දැරූවන් බවට පත් වෙති.

මේ සියල්ල සිදු වනුයේ, ඉන්දියාවේය; අපේ බුදු හාමුදුරුවන් ජීවමානව සිටින කාලයේදීය. බුදු හාමුදුරුවෝ සැවැත් නුවර ජේතවනයේ වැඩ වෙසෙති. සිය සත්‍ය ගවේෂණ චාරිකාවේදී සිද්ධාර්ථ සහ ගෝවින්ද සැවැත් නුවරට ගොස්, සිද්ධාර්ථ ගෞතම බුදු හාමුදුරුවන් හමු වෙති. දෙදෙනාම උන්වහන්සේ ගැන පහදිති. එහෙත්, එහි නවතින්නේ ගෝ වින්ද පමණි. බුද්ධිය – සත්‍යය – විමුක්තිය – සැනසීම – ලබනු සඳහා ගෝවින්ද බුදු හාමුදුරුවන් වෙත නවතින නමුත්, සිද්ධාර්ථ සිතන්නේ වෙනත් ආකාරයකටය

සිපීර් | Sipeer

රු585.00
or 3 X රු195.00 with

තුවක්කු අතින් ගත් සිරකරු පිරිසක්. නිලධාරී පාලනය ගිලිහී ගිය සිරගෙයක්. ගිනි අවියක් අතැතිව මේසයක් මත නැගි සිරකරුවෙක්, නිලධාරින්ගේ මව්වරු අමතයි. මංකොල්ලකරුවන් ඩිස්පැන්සිරියට කඩා වදියි. ‘නිල්ලෙ සොයා’ පෙත්ත ඔවුන්ගේ ඉලක්කයයි. පැහැරගත් බෙහෙත් බී, මත් වී සිනාසෙයි. සිහිවිකල්ව එහේ මෙහේ ඇවිදියි; නවතියි.

කඳුළු ගෑස් ටින් අහසින් පාත්වෙයි. දුමාරය පැතිරෙයි.

අන්ධකාරයේ ගිනිඅවි පත්තු වෙයි.

………………………

කාර්යාල මේස මත මළමිනී තුනක්… ගැඹුරු කටහඬක්..

‘තව මරලා ඉවරයක් නැද්ද? නිහඬතාවක්.

………………………

වෙඩි හඬක්

………………………

වෙඩි හඬක්

………………………

වේලාව උදෑසන 7 යි.

සිරස පාද වර්ණනාව | Sirasa Pada Warnanawa

රු877.50
or 3 X රු292.50 with

“… මං මගෙ ටිකිරි බණ්ඩෙ පන්දහසක් කල් පවතින්ට වලව්වට බාර කළේ… එහෙව් එකාව මරා යක්කෙරුව…ඌ හැම රාත්තිරියකම ඇවිදින් ගිනි වේවැලෙන් තලතල පෙන්නුම් කෙරුවෙ වලව්වේ කෙරුවාව…”

“… ඉතිම් ගෑනියේ… පන්දහසක් කල් පවතිනව නෙවෙන්නං මරා යක්කෙරුවාම…”

බළලා මල්ලෙන් එළියට පැන්නේය. ටිකිරි බණ්ඩේ මරා යක්කළ කථාවට තවත් සාක්කි වුවමනා නැත.

“… බලහල්ලා මේ වලව්වට මිං මනත වෙන දේ… මං සාපකරනව….. එයින්ම පරම්පරාවම හැඳිගෑවිල යන්ට…. ගොමම ගොම ගෑවිල යන්ට…

මේ වැලි ඇටයක් ගාණට මගෙ දැහිං වැටුණ කඳුළු

බින්දුවක් ගාණට තොපිට සාප වෙනව

සිරසාලවන්‍යා | Sirasalawanya

රු1,035.00
or 3 X රු345.00 with

තව තැනක අප්‍රසන්නව විසි කොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක ….

ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි.

මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි.

චිත්‍ර මූර්ති හා සජීවීකරණ ශිල්පියෙකු වන චමිල් හර්ෂණ එදිරිසිංහ දීර්ඝ කාලයක සිට සාහිත්‍යකරණයේ නියැළෙයි. ඔහු සාහිත්‍ය තරග කීපයක ජයග්‍රහණ හිමිකර ගත්තෙකි. හොඳම තිර රචනයද ඇතුළු සම්මාන රැසක් දිනූ කෙටි චිත්‍රපට කරුවෙකි.

ළමා කතා රචකයෙකු මෙන්ම දෙස් විදෙස් ළමා පොත් කීපයක සිතුවම් ඇඳි සිත්තරෙකු ද වන ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහුගේ සිරසාලවන්‍යා නවකතාව බණ්ඩාරනායක ලේඛකත්ව සම්මානය ජයග්‍රහණය කොට මෙසේ ඔබ අතට පත්වෙයි.

සිසිරයේ රැයක මගියෙකුනම් | Sisiraye rayaka Magiyekunam

රු810.00
or 3 X රු270.00 with

ඉතාලි ලේඛක Italo Calvino ගේ If on a Winter’s Night a Traveler නම් මෙම නවකතාව අර්ධ වශයෙන් දෙවන පුද්ගල ආඛ්යානය තුළ ලියා ඇති පොතකි. මෙම නමින්ම ලියවී ඇති පොතක් කියවීමට උත්සාහ කරන පාඨකයෙකුගේ ( එනම්, ඔබගේ ) කතාව මෙම පොතේ කියැවේ. නිමා නොවන නවකතා කිහිපයක් හරහා පාඨක ඔබව වික්රමාන්විත ගමනකට යොමු කිරීමට මෙම පොත සමත් වෙයි.
සාමාන්යයෙන් පොත් වලින් වෙනස් ලෙස ලියැවී ඇති මෙම පොතෙහි ප්රධාන චරිතය වන්නේ පාඨක ඔබයි. පාඨකයෙක් විසින් අනිවාර්යෙන්ම කියවිය යුතු ආකාරයේ පොතක් ලෙස බොහෝ දෙනෙක් නිර්දේශ කරන පොතකි.

සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ඉතාලි භාෂාව | Sinhalen Ha Ingrisiyen Ithali Bhashawa

රු720.00
or 3 X රු240.00 with

මිනිසාගේ අධිතාක්ෂණික විප්ලවය සමස්ත විශ්වයම ඒකීය කේන්ද්‍රයකට හකුළුවමින් සිටී. එබැවින් ලොව ඕනෑම රටකට පා තැබීමට ගත වන්නේ මිනිත්තූ කිහිපයකි. එසේ නැතිනම් හෝරා කිහිපයකි. එසේ සැණෙකින් විදෙස් රාජ්‍යයකට සම්ප්‍රාප්ත වන ඔබට එහි ආගන්තුක ජන ප්‍රජාව හා සාර්ථක සන්නිවේදනයක් ඇතිකර ගැනීමට ක්‍රමවත් භාෂා ඥානයත්, මනරම් වාග් චාතූර්යයත්, අත්‍යවශ්‍ය මෙවලමකි. විවිධ අවශ්‍යතා හේතුවෙන් යුරෝපීය රාජ්‍යයක් වන ඉතාලියට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන සැමට ඉතා කෙටි කාලයකින් ඉතාලි භාෂාව පිළිබඳව නිරවුල් අවබෝධයත්, නිවැරදි උච්චාරණ අලංකාරයත්, ඔප් නැංවීමට මේ කෘතිය අත්‍යන්තයෙන්ම උපකාරී වේ. කවරයේ ඇති QR කේතය Scan කිරීමෙන් මේ කෘතියේ ඇති සියලු පාඩම්වලට සවන් දීමට ඔබට හැකියාව ඇත.

සීත දේශයේ කම්බිලි | Seetha Deshaye Kambili

රු850.00
or 3 X රු283.33 with

සදිෂ්ගේ මෙම ග්‍රන්ථය කියවන විට මට සිහිපත් වූයේ සාරාමදිගේ කවියක එන ‘මගේ ගමන ඉතිහාසය සමග පමණි; සිදුවීම් සමග නොවේ . යන ප්‍රකාශයයි සදීෂ්ගේ දෙපා ගමන් කරන්නේ ද ඉතිහාසය සමගය. ශතවර්ෂ දෙකක් පුරාවට ශ්‍රී ලංකා ද්වීපයේ කඳුකර සීත කලාපයක කය වෙහෙසවමින් ජීවත් වන ඉන්දියානු දෙමළ ජනතාව මෙරටට පැමිණීමට බලපෑ සාධක, පැමිණි පසු මුහුණ දීමට සිදු වූ අනුවේදනීය අත්දැකීම්, ඔවුන්ට පුරවැසිභාවය හා ඡන්ද හිමිකම අහිමි වීම, ඉඩම් ප්‍රශ්න වලට මුහුණ දීම ආදී කරුණු පියවරෙන් පියවර ඉදිරිපත් කරමින් එම ජනයා හා බැඳුණු ඉතිහාසයේ අවධින් රැසක් තම ග්‍රන්ථය මගින් නිරූපනය කිරීමට කතුවරයා ගන්නා ප්‍රයත්නය පැසසුම් කටයුතුය.

තෙලිවත්තෛ ජෝෂප්

මානව වර්ගයාගේ ඉතිහාසය පිරී තිබුණේ අරගල වලින් සහ ප්‍රතිවිරෝධතා වලින් වුවත් මිනිස් ජීවිතය සෘජුව නඟා සිටුවීමට ඉවහල් වූයේ එම අරගල ම බව සඳහන් කිරීමට මෙහි කතුවරයා අමතක නො කරයි. තවමත් තම මූලික අයිතිවාසිකම් පවා අහිමිව, සීත කඳුකරයේ දළඹුවන් සේ දඟලමින් දුකසේ දිවි ගෙවන මෙරට වතු කම්කරු ජනතාවට සාම්ප්‍රදායික වහල් චින්තනයෙන් මිදී විකල්ප චින්තනය වැළඳගන්නැයි කතුවරයා හඬ හා පවසනු මෙය කියවන විට අපට ද ඇසෙයි.

ඇන්තනී ජීවා

සීනි මුරුක්කු | Seeni Murukku

රු1,080.00
or 3 X රු360.00 with

කවියෙන් ගීතමය ලිවිල්ලත්, ඉක්බිති දෘශ්‍ය රූප මැවිල්ලත් දක්වා දුර දිගෑදී ගිය කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ නිර්මාණාත්මක මුරණ්ඩුකම සහ බුහුටිභාවය සීනි මුරුක්කු සමග වෙනත් ස්වරූපයකින් අපට අභිමුඛ වී තිබේ. ප්‍රබන්ධ සාහිත්‍ය වපසරියේ කෙටිකතාව යනු කෙටියෙන් කතා කීම නොවේ. වෙනත් ඉගැඹුරු ඉසියුම් සාහිත්‍යය අඩංගුවකින් යුක්තව සහෘද ගත වන්නට ඊට හැකි වන්නේ එනයිනි. දුම් පිටවනු පිණිස සදා නිම කළ අකාරුණික දුම්බටයකින් උපක්‍රමිකව රිංගා ඇතුළුව තිගස්සනසුලු මල් සුවඳක් සේ කෙටිකතාව අපට දැනෙන්නේ මෙකී සාහිත්‍යය අඩංගුව හන්දා ය.

ගැඹුරු කෙටිකතාකරුවෙක් නම් තමන් දෛනිකව අත්විඳින සමාජ ජීවිතය අපසාරී මෙන් ම ව්‍යුක්ත වීමට සමාන්තරව, ස්වකීය අභ්‍යන්තර ජීවිතය විසින් ගොඩනැගෙන ආත්මීයත්වය හරහා අභිසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්තයන් වෙත පර්යාලෝකය එල්ල කරලන්නට නිර්මාණාත්මක ශ්‍රමය වැගිරිය යුතු ය.

එය ප්‍රතිභාව පිළිබඳ කාරණාවක් නොවේ. එමෙන්ම එය කතිකාව පිළිබඳ කාරණාවක් ද නොවේ. එ මෙන් ම එය හුදු භාෂා ගොඩනැංවීමක් ද නො වන්නේ ය. එය ජීවිතය පිළිබඳ කාරණයකි. නිර්මාණ කරුවෙක් නම් අතිශය පළල් ගැඹුරු ජීවිතයක් අත්වින්ද යුතු ය. මේ ලියන්නා එබන්දෙක් ය.

සීනි මුරුක්කු‍ ඇතුළු විසි වැදෑරුම් ගොඩනැගීම් හරහා මේ කෙටිකතාකාර හිතුවක්කාර තරුණයා සහෘදයන්ට අභිමුඛ වන්නේ තමන් සතු භෞතික හා ආධ්‍යාත්මික ජීවිතයේ දිග පළල අවධාරණය කරමින් ය!

සීමා නැති ආදරේ | Seema Nathi Aadare

රු1,125.00
or 3 X රු375.00 with

නික් වුයෙචිච් විසින් රචිත Love Without Limits කෘතිය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි අතින් සිංහල බසට පරිවර්තනය වී ‘සීමා නැති ආදරේ‘ නමින් ප්‍රකාශයට පත් වෙයි. අත පය හතර නොමැති ආබාධිත දරුවකු ලෙස උපන් නික් ජීවිතයට ධෛර්යවන්ත ව මුහුණ දුන් අයුරු මෙයට පෙර ප්‍රකාශයට පත් වූ ‘නැවතුම් නැති ජීවිතේ‘ සහ ‘සීමා නැති ජීවිතේ‘ යන කෘති දෙකෙන් පැහැදිලි කෙරේ. ආබාධිත පුද්ගලයකු ලෙස ආදරයක බැඳීම, එය විඳ ගැනීම කුමනාකාර අත්දැකීමක් ද යන්න ‘සීමා නැති ආදරේ‘ යන මේ කෘතියෙන් පැහැදිලි කෙරේ. එමෙන්ම ආදරය නිසා ජීවිතයම අඳුරු කරගන්නා තරුණ තරුණියන්ට, ජීවිතය ජයගන්නට මෙම කෘතිය මනා අත්වැලක් ද සපයයි