Showing 1153–1176 of 1412 results

Shop

ස්තූතියි ඒ කියන්නෙ ආදරෙයි | Sthuthi E kiyanne Aadarei

රු552.50
or 3 X රු184.17 with

යම් තැනක අතරමං වුණේ නම් පිටු අස්සේ
හංඟාගෙන හිටි මතක තමා ඔය හිත් මැස්සේ

මේ කවිය ලිව්වේම මං පොතේ පිටි පස්සේ

අවසානේ ඉඩ තියලා කඳුලකට ඇස් අස්සේ

ස්වභාවයේ ස්වභාවයක් – තාඕ තේ චිං | Swabhawaye Swabhawayak

රු414.00
or 3 X රු138.00 with

ලාඔට්සූ තාඕවාදයේ පියා යයි සැලකීම ප්‍රසිද්ධ කාරණයකි. එහෙත් ලාඔට්සු නැමති පුද්ගලයාගේ චරිතය පිළිබඳව කරුණු ප්‍රකටව ඇත්තේ ඉතා ස්වල්පයක් පමණකි.

කොන්ෆියුෂියස් ලාඔට්සු ගැන මෙසේ කියා ඇත:

“කුරුල්ලකුටඉගිලෙන්නට හැකි බව මම දනිමි. මාළුවකුට පීනන්නටත්, සිව්පාවුන්ට දුවන්නටත් හැකි බව මම දනිමි. දුවන අය ඇල්ලීමට දැලක් සවි කළ හැක. ඉගිලෙන අය වැළැක්වීමට ලණු බැඳිය හැක. එහෙත් මකරා සුළඟේ උපකාරයෙන් අහසට නගින ආකාරය නම් මට සිතා ගත නොහැක. අද මට හමු වූ ලාඔට්සු ද මකරකු වගේ ය.”(චීන තාඕවාදීන් අතර, මකරා යනු කුණුඩලී ශක්තියේ සංකේතයයි.)
වයස අවුරුදු අනූවේ දී ඔහු තම ශිෂ්‍යයන්ගෙන් සමුගත්තේ මෙසේ කියමිනි: “මම දැන් කඳුකරේ පැත්තට යනවා. එහෙ යන්නේ මරණයට සූදානම් වෙන්නයි. ඔබ සියලු දෙනා සමග ජීවත් වෙන කොට, මිනිස්සු එක්ක ලෝකයේ ජීවත්වෙන එක හොඳයි. ඒත් මරණය කිට්ටු වෙන කොට සම්පූර්ණයෙන් ම තනියම ඉන්න එක තමයි හොඳ. එහෙම වුණාම, ලෝකයෙන් අපවිත්‍ර වෙන්නේනැතුව, පරම පවිත්‍ර විදියට තනිවම මූලාරම්භක මූලාශ්‍රය වෙතට යන්න පුළුවන් වෙනවා.”
ශිෂ්‍යයන්ට දුක සිතුණු නමුත් මොනවා කරන්නද? ඔවුහු සැතපුම් ගණනාවක් ඔහු සමග ගිය හ. එහෙත් ලාඔට්සු ඔවුන් නවත්වා ලූයේ ය. දේශ සීමාව හරහා තනිවම ගිය ඔහු නවත්වා සිරගත කරන ලද්දේ එහි සිටි මුරකරු විසිනි. එම මුරකරු ද ලාඔට්සුගේ ගෝලයෙක් විය. ඔහු මෙසේ කීය: “ඔබතුමා පොතක් ලියන තුරු ඔබතුමාට මේ දේශසීමාව පහු කරලා යන්න දෙන්නෙ නැහැ. මිනිස්සු වෙනුවෙන් ඔබතුමා අපට ගෙවන්න තියෙන ණය ඉවර වෙනවා. එහෙම නොකළොත් නම් නිදහස් කරන්න බැහැ.” මෙසේ දින තුනක් ම තම ශිෂ්‍යයා විසින් ලාඔට්සු සිර කර තබා ගනු ලැබී ය.
එය සුන්දර ය, ආදරණීය ය. ඔහුට බල කරන ලදී. ලාඔට්සුගේ තාඕ තේ චිං ග්‍රන්ථය බිහි වූයේ එසේ ය. ඔහු එය ලියුවේ ශිෂ්‍යයාගේ බල කිරීම නිසා ය. මුරකරුට යමක් කිරීමට බලය තිබුණු නිසා කරදර ඇති කර නොගත් ඔහු දින තුනකින් පොත ලියා අවසන් කළේ ය.
තාඕ තේ චිං කෘතියේ පළමු වැකිය මෙසේ ය:

“නම් කළ හැකි, කියා පෙන්විය හැකි මාර්‍ගය පරම තාඕව නොවේ.”

ස්වරාගී | Swaragee

රු1,395.00
or 3 X රු465.00 with

“ඔයා කැමතිනම් මට කියන්න.. ඒ කවුද ස්වරාගී..?”

වේද් ඇසුවේ උගුරෙනි.. යුවතිය ඔහු දෙස මොහොතක් බලා උන්නාය..

“ස්වරාගී..”

පළමු වතාවට ඒ නමින් ඇයව ඇමතුවේ ඔහුය. අනෙක් සියල්ලන්ටම ඇය “මන්දීශ්වර්” ය. නොඑසේනම් “මන්දි”ය. කලාතුරකින් කෙනෙකු ඇයව රංගිලා ලෙස ඇමතුවද, “ස්වරාගී” ලෙස නම් මෙතෙක් කාලෙකට කිසිවෙකු අමතා නැත. යුවතියගේ දෑස කදුළින් පිරි ගීයේ නිරායාසයෙනි.

“ඒ ඔයා සර්.. ශවේදී සත්සර මුදලිගේ..”

එලෙස පැවසූ යුවතිය තවත් මොහොතක් හෝ එතැන නොරැඳී පිටව ගියාය. වේද් එහෙමම සිය අසුනට හේත්තුව දෑස පියාගත්තේය.

ස්වෛරී | Swairee

රු637.50
or 3 X රු212.50 with

මුදලට ඇඟ විකිණූ ගණිකාවක ගේ එක ම දියණිය වූ ඇය, අපරිමිත කැප කිරීම් සිදු කරමින් සහ බිඳ වැටීම් දරා ගනිමින්, අවසන ජීවිතය දිනන්නට විය. එසේ ගිය ඒ ගමනේ දී, ඇය කෙතරම් අසාර්ථකත්වයන්ට සහ පරාජයන්ට මුහුණ දුන්නේ ද යන්න ගැන වත්, ඇය විඳී මහමෙරක් තරම් වූ දුක් කන්දරා ගැන වත්, ඇයට සිය දිවි නසා ගන්නට පවා සිතූහා වූ වාර ගණන ගැන වත්, කිසිවෙකු හෝ සොයා නො බැලී ය. ඒ කිසිවක් ඇයගෙන් විමසන්නට වත් කිසිවෙකු නොවී ය. ඇය හැඬු තරම දන්නේ ඒ කඳුළු හෙළූ ඇගේ ඇසුත්, ඒ කඳුළු දරා ගත් මහ පොළොවත් පමණි.

අද ඔබට සිනාසෙන මිනිසුන්, දිනෙක ඔබ වෙනුවෙන් ප්‍රියසාද පවා පවත්වනු ඇත. ඔබ ඔවුන් ගේ මිතුරන් බවත්, නෑදෑයින් බවත් බොහෝ ආඩම්බරයෙන් කෑ ගසමින් කියවනු ඇත. ඔබ ඊයේ දිනයේ කෙතරම් කඩා වැටුණා වුවත් කමක් නැත; අද අලුත් දවසක් බව පමණක් සිහි කරගන්න.

අන් අය ඔබෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ නො ව, ඔබට ඔවුන් වෙනුවෙන් සිදු කළ හැකි දේ පිළිබඳ පමණක් ඔබේ අවධානය යොමු කරන්න. ඔබ ව නිර්මාණය කරමින් හිඳින්නේ ඔබ මැ මිසක, ඒ අන් කිසිදු අයෙකු නො විය යුතූ ය. එවිට ඔබගේ ජීවිතය ඉතා වේගයෙන් යහපත් ලෙස වෙනස් වන්නට පටන් ගන්නා බැව් ඔබට මැ වැටැහී යනු ඇත.

ලස්සන ම මල් බොහොමයක් පිපෙන්නේ, දරාගත නො හැකි තරම් වූ මහා වැසි මැද බව සිහි කරගන්න. මේ, ඔබේ ජීවිතයට මහා වැසි ඇද හැලෙනා කාලය විය හැකි ය. ඉදින්, මහා වැසි වලට ආදර කරමින් ටික කලක් සතුටින් ඉවසන්න ; ජයග්‍රහණයේ මල් පිපෙනු ඇත.

හත්දින්නත් තාරකා B T S / Hathdinnath tharaka

රු630.00
or 3 X රු210.00 with

ලොව පුරා අධිශය ජනාදරයට පත් දකුණු කොරියානු ගායක කණ්ඩායමන් වන BTS ගායක කණ්ඩායම ඇසුරෙන් රචනා කර ඇධි මෙම ග්‍රන්ථය ජීවීතයේ අනෙක විධ බාධක කර්මකටොලු ඡයගෙන කාර්ථකත්වය කරා පිවිසෙන අයුරු පෙන්වා දෙයි. බාධක හිරිහැර වලින් නොසැලී අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යෑමෙන් කාර්ථකත්වය ළඟා කරගත හැකි බව ඔවුන්ගේ ජීව්න කතා වලින් මොනවට පැහැදිලි වෙයි. විශේෂයෙන්ම යොවුන් වියේ පසුවන්නන් දිරීමත් කෙරෙන සහ අභිප්‍රේරණය කෙරෙන ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

හත්පෙති මල | Hathpethi Mala

රු1,020.00
or 3 X රු340.00 with

අපි ආදරේ කරන කෙනා ඉස්සරහා
අපිට අපි වෙලා ඉන්න බැරි නම්

අපි ඉන්නේ හරි තැන නෙමෙයි.

ආදරේ ඉස්සරහ අපි නිදහස් වෙන්න ඕනේ…
ඒ කෙනාව දැක්කම
අපිට සැනසීමක් දැනෙන්න ඕනේ…
අපි ජීවත් වෙනවා කියලා දැනෙන්න ඕනේ…
අපි ඒ වෙලාවට මොන ප්‍රශ්නක හිටියත් එයාව දැක්කම අපිට ඒ හැමදේම අමතක වෙන්න ඕනේ…

හදිසියෙම හෝ හෙමි හෙමින් | Hadisiyema ho hemi hemin

රු600.00
or 3 X රු200.00 with

ජුලි 21 වෙනිදා නිකුත් වේ.

වර්ෂා දියට ඇති ප්‍රේමය
හද තෙමාලන මෘදු කැල්මය

හරිත නිම්නමය අරණක
වසඟ වූ ඇස් බැල්මය

මුහුදු වෙරළත නෙත් පියන්
ජීවිතය විදාලන ඇල්මය

හසරැල් ගංගා | Hasaral Ganga

රු1,275.00
or 3 X රු425.00 with

සමහර ඇත්තවල් තියෙනවා ඒවා කොච්චර ඇත්ත වුණත් පිළිගන්න බැරිම තරමටම තිත්තයි

අපි හරිම තදින් ප්‍රේම කරන මිනිස්සු අපිට කොහෙත්ම ප්‍රේම කරන්නේ නෑ කියලා දැනගන්න එක මනුස්සයෙක්ට දරන්න අපහසු වේදනාවක්.

අපිට අතීතෙට ගිහින් අතීතයේ සිද්ධ වෙච්ච දේවල් වෙනස් කරලා එන්න බෑ. ඒත් අපිට පුළුවන් අනාගතයෙ දවසක ආපස්සට හැරිලා සතුටින් බලන්න පුළුවන් ලස්සන දවස් දැන් ජීවිතේට එකතු කර ගන්න.

අම්මලා අඬද්දි දරුවොන්ටත් රිදෙනවා.

අපි හැමෝගෙම ජීවිත ඉදිරියට යන්න ඕනෙ. ඉදිරියට යන්න පුළුවන්කම තියෙද්දි පිටිපස්ස හැරිලා බල බලා ළතැවෙන්න තියාගත්තොත් ඉස්සරහට එක අඩියක් තියද්දි අපි පිටිපස්සට අඩි දෙකක් තියලා. එතකොට කවදාවත්ම ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.

හංසවිලක් කැලඹේ | Hansa wilak kalabe

රු850.00
or 3 X රු283.33 with

යොවුන් ප්‍රේමයේ මිහිරියාව මෙන්ම විරහ වේදනාවක් ද, ආදර සබඳතාවන්හි ගැඹුර හා සංකීර්ණ බව ද අනුවේදනීය ලෙස ඉස්මතු කර දැක්වෙන ‘හංස විලක් කැලඹේ ‘ නවකතාව තුළින් පිරිමියාගෙන් ගැහැනියට ලැබිය යුතු ප්‍රතිචාරය, ආදරය, ගෞරවය, අනුකම්පාව මිස පිළිකුල, ගර්හාව, වෛරය නොවන බව තීරණය කිරීම පාඨකයාට භාර කෙරේ.

හාදුව / Haduwa

රු540.00
or 3 X රු180.00 with

හැම තාත්තෙකුගෙම සිතුවිලි | Hama thaththekugema Sithuwili

රු765.00
or 3 X රු255.00 with

ඔබ හොඳයි…
හැම පිරිමියෙකුටම වඩා…
හැබැයි මගේ තාත්තා තරමට නම් නොවේ….
දූගේ පොතක පිටුවේ දුක හිතෙන පද හතරක් පුදුමාකාර ලස්සන, ඇස්වල කඳුළු තවරන පද හතරක්. කවුරුම හරි දූගේ හිතේ ආදරය තවරන්න හදනවා. හැම ගෑනු දරුවෙක් ම තමන්ගේ තාත්තට රූපයෙන්, ගති ගුනෙන් සමාන පිරිමින්ට කැමතියි….

දූගෙ කවිය මගේ අතීතෙ දවසකට ගෙනියනවා. තාත්තා වැඩිපුරම ආදරේ කරපු ගැහැනු චරිතයක් එක දවසක තාත්තගෙ ජීවිතෙන් ඈතට ගියා. අද දූ කාගෙ හරි හිතෙන් පිටමං වෙන්න හදනවා වගෙයි. මේ දරාගන්න බැරි පසුතැවීම ඇරඹුනේ එතැනිං. එහෙම වුණා කියලා මං කොහොමද මගේ දූගේ මේ කවිය වෙනස් කරන්නේ. ඒ වුණාට මන ඔයයිට කතා කරන්න ඕන වුණා. අඩුම ගානෙ මේ කාත් කවුරුත් නැති කවිය ගැනවත්.
“ඔයාට ලස්සනට ලියන්න පුලුවන්නෙ”
හවස තේ බොන වෙලාවේ මං කිවුවා. දූ ඔළුව ඉස්සුවේ චකිතෙං. මං කා ගැන කිව්වද කියලා එයයිට හිතා ගන්න බැරි වෙන්න ඇති. ඒත් ළඟ වුන්නේ අපි දෙන්නා විතරයි.
“මටද?”
දූ ඇහුවේ ඇස් ලොකු කරලා.
“ඔව්. මං මේ ඔයා ලියපු කවියක් කියෙව්වා”
තරමක් හිනා වෙලා ඔයා ඔළුව ඔබා ගත්තා.
“කා ගැනද මගෙ දූ ලිව්වේ”
“කා ගැනවත් නෙවෙයි…”
“දූ තාත්තිට බොරු කියනවා

හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න | Hikmaweema Pinisa Me Daduwama Iwasanna

රු495.00
or 3 X රු165.00 with

තම විමුක්තිය සොයා යන මිනිසුන් පසුපසින් පමණක් නො ව ඉදිරිපසින් ද කරදර කඩා පාත් වන්නේ, ඔවුන් ව පරීක්ෂා කිරීමට මෙහි; තම ගමන ගැන විශ්වාසවන්තයා එවැනි බාධක ගණන් නො ගෙන ඒවාට කෙළින් මුහුණ දෙමින් ඉදිරියට ම යයි. එවිට බාධක ලෙස පෙනී සිටින රකුසන් ඔහු නහය අබිසයදී ම මාවතින් ඉවත් ව පළා යයි. නිර්භය මිනිසා හමුවේ නපුර දණනමයි. ලෝකය එවන් නිර්භීත මිනිසාට උදව් කරයි; ආරක්ෂා කරයි; තම අරමුණ ජය ගැනීමට මග පෙන්වයි.

හිටපු ලොක්කන්ගේ රස කතා / Hitapu lokkange rasa katha

රු720.00
or 3 X රු240.00 with

දුරකථනවලට හොරෙන් සවන්දීම නැතහොත් “ටැප් කිරීම” විවිධ රටවල ඔත්තු සේවාවන් සුලබව කරන කටයුත්තකි. දේශීය තොරතුරු ලබාගැනීම සඳහා ටෙලිෆෝන් “ටැප් කිරීම” සිදුකෙරේ. විශේෂයෙන්ම අර්බුදකාරී අසහනකාරී වාතාවරණයන්හිදී මෙබඳු රහසිගත ක්‍රියාවන් බහුලය. මෙහි සටහන් කරන්නට යන්නේ මෙරට මෑත ඉතිහාසයේ දුරකථනවලට හොරෙන් සවන්දීම සම්බන්ධ මෙතෙක් හෙළිදරව් නොවූ කතාවකි. මෙම සිද්ධියට සම්බන්ධ කතා නායකයන් කිසිවෙකුත් දැන් ජීවතුන් අතර නැත. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා මෙම දුරකථන “ටැප් කිරීම” කතාවේ තිරය පිටුපස චරිත වූහ

හිට්ලර්ගේ පලායාම | Hitlerge Palayama

රු1,260.00
or 3 X රු420.00 with

1945 අප්‍රේල් 30 වන දින ඇඩොල්ෆ් හිට්ලර් සිය බංකරය තුළදී සියදිවි නසාගත් බව ප්‍රකාශ කළ බොහෝ දෙනා, මාර්ටින් බෝමන්, ජෝසෆ් ගොබෙල්ස් සහ හිට්ලර්ගේ රුවට සමාන පුද්ගලයා විසින් මුළාවට පත්කළහ.

සියදිවි නසා ගැනීමට පෙර, හිට්ලර් සමඟ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් සහ ඔහු හමුවීමට පැමිණි ජෙනරාල්වරුන් කිහිප දෙනෙක් සැලකිය යුතු කාලයක් බංකරයේ වාසය කළේය. ඔවුන් දිනපතා හිට්ලර් හමුවූහ. ඔහු සමඟ විවිධ කටයුතු වලට සම්බන්ධ වූහ. ලේකම්වරුන්ගේ සිට ආරක්ෂකයන් දක්වා විවිධ තනතුරු දැරූ පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටියද, හිට්ලර්ගේ පෙනුම කෙසේ ද යන්න පිළිබඳව ඔවුන් හොඳින්ම දැන සිටියේ ය. එහෙත් ඔවුන් හිට්ලර් වෙඩි තබා ගනිමින් සියදිවි නසා ගත් බව සැබැවින්ම විශ්වාස කළේය. ඔවුන් හිට්ලර්ට සමාන පෙනුමක් ස්වරූපයක් තිබූ පුද්ගලයා හඳුනා නොගත් බව විශ්වාස කිරීම අතිශයින් දුෂ්කර ය.

හිට්ලර්ට පියවරක් ඉදිරියෙන් / Hitlerta piyawarak idiriyen

රු765.00
or 3 X රු255.00 with

විදෙස් භාෂාවකින් ලියැවුණු නිර්මාණාත්මක කෘතියක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීම අසීරු කාර්යයකි.

සාර්ථක පරිවර්තනයක් කිරීමට කෘතියක මුල් භාෂාව පමණක් නොව එරට සංස්කෘතිය, සමාජ හා දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද නිවැරදි හැදෑරීමක් මෙන්ම, පරිවර්තනය කරන ස්වදේශීය භාෂාව පිළිබඳව නිවැරදි අවබෝධයක් හා ලිවීමේ අපූරු දක්ෂතාවයක් ද තිබිය යුතුය.

“හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්” කෘතියේ පරිවර්තකයා වන දයා ඩී. ෆොන්සේකා කුසලතා පිරි ලේඛකයෙකි. ඔහු කළ හතළිහකට ආසන්න පර්වර්තන කෘති ඊට සාක්‍ෂි සපයයි.

වෘත්තීය පුවත්පත් කලාවේදියකු ලෙස විවිධ පුවත්පත්, සඟරා සහ ලේක්හවුස් ආයතනයේදී ලද අත්දැකීම් නිර්මාණාත්මක ලේඛකයකු ලෙස සාර්ථක වන්නට හේතුවක් වෙයි. ඊටත් වඩා ඔහුගේ ලිවීමේ රටාව හැඩගැන්වෙන්නේ ගීත රචකයෙකු ලෙස ඔහු ලබා ඇති සාර්ථකත්වයයි. මිල්ටන් මල්ලවආරච්චි ගයන “දෑස රිදෙනවා පාර බලා ඉඳලා, වික්ටර් රත්නායක ගයන “අමාගඟක් ගලාලා” වැනි ගීත දයා ඩී. ෆොන්සේකාගේ ප්‍රතිභාව පෙන්වන රචනා ය.

දයා ඩී. ෆොන්සේකාගේ අලුත්ම පරිවර්තන කෘතිය ප්‍රෙඩ් ග්‍රෝස්ගේ One Step Ahead of Hitler නමැති මෙම කෘතියයි.

කතුවරයාගේ සරල සුන්දර පරිවර්තනය මෙම වෘත්තාන්තය කියවීමට පාඨකයන්ට සුහද ඇරයුමක් කරයි.

ජයන්ත කළුපහණ – මව්බිම කර්තෘ මණ්ඩලය.

හිතක මතක | Hithaka Mathaka

රු1,350.00
or 3 X රු450.00 with