Showing 97–120 of 1369 results

Shop

Demala Abhiyogaya | දෙමළ අභියෝගය

රු400.00
or 3 X රු133.33 with

දෙමළ අභියෝගය’ (ප්‍රභාකරන්ගේ අවසානයෙන් පෙර හා පසු) නමින් පළවන මේ පොත පැරණි පොතේ සංස්කරණයක් නොව අලුත් පොතකි. ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ අන්තර් සම්බන්ධය ලේ හැලෙන ලොකු ගැටුමක් බවට පත්වීම කෙරෙහි බලපා තිබෙන හේතු සියුම් හා ගැඹුරිනුත් නවමු ආකාරයකිනුත් මෙහිදී සලකා බලා ඇතැ’යි කිව හැකිය. මීට පෙර මෙම විෂය ගැන කරුණු හදාරා ඇති අයගේ අවධානයට ලක්වී නැති වැදගත් කරුණු ද ඊට ඇතුළත්ය. අර්බුදයේ ප්‍රධාන පාර්ශ්වයන් දෙකේම හැසිරිම් විවේචනාත්මකව සලකා බලා තිබේ.

Demala Eelam Aragalayata Wisaduma Kumakda|දෙමළ ඊළාම අරගලයට විසඳුම කුමක්ද රෝහණ විජේවීර

රු500.00
or 3 X රු166.67 with

මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් පිළිබඳ සමාජය තුළ මතුව ඇති කතිකාව ප්‍රබල වී තිබේ. සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකම්, ජාතික සමගිය මූලික කරගත් පුළුල් බහුන ව්‍යාපාරයක්, ජනතා ව්‍යාපාරයක් සඳහාද කතිකාවක් විවිධ වමේ හා ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ සහ සංවිධාන අතර පවතී.

සිංහල දෙමළ ජනතාවන් අතර තිබූ විරසකය ඇත්තේ ක්‍රමිකව අඩු වී යමිනි. මෙම තත්වය ජාතික ගැටලුවට ප්‍රජාතන්ත්‍රවාදී හා සාධාරණ විසඳුමක් ලබාදීමටත් රට බෙදීමේ අනතුර තුරන් කිරීමටන් හැකි වාසිදායක තත්වයක් බිහිකර තිබේ. එම වගකීම පැවරි තිබෙන්නේ වමේ හා ප්‍රගතිශීලී බලවේගයන් මතය.

එබැවින් ලංකාවේ පැවති හා තවමත් පවතින ජාතික ගැටලුවේ නන්‍යායික පසුබිමත් එය පසුකර ආ එක් එක් ඓතිහාසික තත්වය තුළ එය සමාජයට කළ බලපෑමත් පිළිබඳ මෙම කෘතියේ අඩංගු දැනුම හා උගැන්වීම් ජාතික ගැටලුව නිවැරදිව විසඳා ගැනීම සඳහාන් නව ගැටලු ඇතිවීම වළක්වා ගැනීම සඳහාන් තවමත් වැදගත් වේ.

Denna Depaththe – දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

රු1,402.50
or 3 X රු467.50 with

රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.

Deva Thapaya | දේව තාපය

රු722.50
or 3 X රු240.83 with
ඉංගිරිසියෙන් සිංහලයට නැගුණු උත්කෘෂ්ට සාහිත්ය කෘතීන් විරල වූ 1950 ගණන් වලදී සිංහලයට පරිවර්තනය වූ පොතකි.
ක්රි. ව. 80 දශකයෙහිදී පමණ පැවති රෝම ග්රීක සභ්යත්ව යුගයෙහිදී විසුවියස් ගිනි කඳු පිපුරුමෙන් විනාශයට පත් වූ ඉතාලියෙහි පොම්පෙයි නගරය පසුබිම් කොටගත් ප්රේම වෘත්තාන්තයක් දේවතාපයට පසුබිම් වෙයි. මුල් කෘතියේ ලේඛකයාගේ විශිෂ්ටත්වයත් පරිවර්තකයාගේ සිංහල, ඉංගිරිසි භාෂා චතුරතාවත් එක්ව ගෙන නිමැවුණු අපූර්ව නිර්මාණයක් ලෙස දේවතාපය හැඳින්විය හැකිය.

Dhanawath Piya Dilindu Piya – ධනවත් පියා දිළිඳු පියා | Rich Dad Poor Dad

රු810.00
or 3 X රු270.00 with

Robert T Kiyosaki Sharon, L Lechter විසින් රචිත Rich Dad, poor Dad ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය

Dhawala viyagraya|ධවල ව්‍යාඝ්‍රයා

රු1,057.50
or 3 X රු352.50 with

Aravind Adiga

The White Tiger

අරවින්ද් අඩිගා ගේ White Tiger කෘතිය සිංහලට පරිවර්තනය වීම වැදගත් සිද්ධියකි. වික්‍රම් සෙත් සහ ආර්. කේ. නාරායන් වැනි සම්ප්‍රදායික ඉන්දියානු කතුවරුන් දුටු සමාජ ජීවිතයට වඩා වෙනස් සමාජ අත්දැකීමක් අරවින්ද් අඩිගා පාඨකයා වෙත ගෙන ඒ.

ඉන්දියාව ගැන සඳහන් කරන CNN වැනි ජාත්‍යන්තර නාලිකාවන් එය හඳුන්වා දෙන්නේ ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය බවය. එය දිලිසෙන ඉන්දියාවක්’ කරන බවට ඉන්දීය පාලක පංතිය ඡන්ද කාලයට පොරොන්දු දේ. නමුත් සමාජ යථාර්ථය ඊට වඩා වෙනස්ය. දිලිසෙන ඉන්දියාවේ ඡන්ද මංකොල්ලකෑම සෑම මැතිවරණයකදීම සිදු වීම සාමාන්‍ය සිද්ධියකි. සමාජයේ සෑම අංශයක්ම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවන්ගෙන් ගහන ය.

ඉඩම්වල අයිතිය ඉඩම් හිමියන් අත තවමත් පවතී. ජනගහනයෙන් වැඩිදෙනා හිඟන තත්යෙන් ජීවත් වෙති. නමුත් ඉන්දීය සුපිරි පංතිය රාජ්‍ය දේපල කොල්ල කමින්, අල්ලස් මාර්ගයෙන්, ගෙවිය යුතු බදු පැහැරහරිමින් සුවසේ ජීවත් වන්නේ ඔවුන්ගේ තරු පහේ හෝටල්වල ය. විශාල වශයෙන් ගොඩනැගිලි ඉදිව් ජාත්‍යන්තර කොම්පැනි දිල්ලිය බැංගලෝරය වැනි ප්‍රදේශවලට පැමිණේ. මෙම ඉන්දියාවේ වෙසෙන එක් දුප්පත් පුද්ගලයෙක් තම ජීවිතය සාර්ථක

කරගෙන පෝසත් වන්නේ කෙසේදැයි අඩිගා පෙන්වන්නේ උපහාසය හා

උත්ප්‍රාසය පදනම් වූ විචිත්‍ර කතාවකිනි. අරවින්ද අගාගේ White Tiger නම්

කෘතියේ අන්තර්ගතය මෙබඳු වීම ඔබ ලබන උත්කෘෂ්ටවත් අත්දැකීමකි.

Diary 2024 – Rexine Cover UV Printed

රු650.00
or 3 X රු216.67 with

A 5 Size

136 Pages

Rexine Hard Cover UV Printed

70 GSM Bank Paper

Inside Two color special print

5 mm x 5 mm bullet design

Diya Rakusa | දිය රකුසා

රු127.50
or 3 X රු42.50 with

ළමා මනස හඳුනාගත් ඇයටම  පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව 

Diyawadiyawata Vaiddyawarayek – දියවැඩියාවට වෛද්‍යවරයෙක්

රු297.50
or 3 X රු99.17 with

දියවැඩියාව පිළිබඳව ලෝකයම මවිත කළ, සමීක්‍ෂණ සහ නව සොයාගැනීම් රාශියක් සිදු කළ, ලෝකප්‍රකට ජපානයේ ටෝකියෝ හි කොයියෝ විශ්වවිද්‍යාලයේ දියවැඩියා මධ්‍යස්ථානය භාරව කටයුතු කළ, ප්‍රවීණ මහාචාර්ය ඉසුමි ටකේයි සහ වෛද්‍ය චිරන්ත ජීවන් විසින් සම්පාදිත මෙම කෘතියේ දියවැඩියා රෝගය නිසි ලෙස හඳුනාගන්නා අයුරුත්, ඒ සඳහා නිසි උපදෙස් හා වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳවත් ඉතා සරලව ලිහිල් බසින් අදහස් දැක්වෙයි. නිසි අවබෝධය හා උපදෙස් නොමැතිකම නිසා දැනට සමාජයේ අතිශය බහුලව ව්‍යාප්ත වන මෙම රෝගය හේතුවෙන් ජීවිත අවදානමට ලක්වන විශාල රෝගීන් පිරිසකට මෙම විශේෂඥ මාර්ගෝපදේශ අත්පොත මහඟු අත්වැලක් සපයයි.

Doily Dutu Udarata – ඩොයිලි දුටු උඩරට රාජ්‍යය

රු382.50
or 3 X රු127.50 with

ජෝන් ඩොයිලි ලියන ලද උඩරට සමාජ සංස්ථාවේ ඉතිහාසය, සිරිත්-විරිත්, නීති-රීති, අභිචාර විධි ගැඹුරු නිරීක්ෂනයට ලක්කෙරෙන ග්‍රන්ථයකි.

Dreamz Unlimited | සිහින සිහින සහ සිහින

රු765.00
or 3 X රු255.00 with

ඒක තමයි හුඟක්ම භයානක මිනිස්සුන්ට තමන් දැකපු හීන අමතක වෙනව කියන්නෙ, තමන් ජීවත් වෙනව කියල තමන්ටම අමතක වෙලා කියන එක…

Dumbara Kadu Matha Peradiga Sulaga | දුම්බර කදු මත පෙරදිග සුළග

රු540.00
or 3 X රු180.00 with

1971 කැරැල්ල වකවානුවේ එයට සමගාමී ව ලංකා සමාජය තුළ විප්ලවීය බලවේගයන් ලෙස ක්‍රියාත්මක වූ දේශපාලන සංවිධාන රාශියකි. 71 කැරැල්ල සමඟ මේ සියලු දේශපාලන බලවේග මර්දනයේ හස්තයට හසු ව සුනු විසුනු විය. එම කැරළිකරුවන් හිර ගෙවල කැලෑවල සහ මෙන්ම අත්අඩංගුවේ දී රහස් පොලිස් මර්දනයට මුහුණ දුන් ආකාරය මේ පොතේ ජීවමාන ව ඉදිරිපත් වෙයි.

Duo | ඩූඕ

රු1,215.00
or 3 X රු405.00 with

උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.

උණ සන්තානගත අඳුරක වෙළී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනක සෙව්වාය, සාරා අරුමැසි ජීවිතයේ ප්‍රහර්ෂය හඹා යන්නී. දිවියේ සාරය දකින අදිටන සුරතට කැටි කොට ගත්තාය.

නීතිය, හොරා පොලිස් කළේය. ආලයේ දෙවගන උන් හා ඔට්ටු සෙල්ලම් කළාය. සමාජ පරමාදර්ශී භූතයෝ මේ දෙදෙනා පසුපස හඹා ගියහ.

ඥාන පරාසය, සංස්කෘතික පරිඥානය සහ පෞරුෂය කේන්ද්‍රීයව, එකිනෙකායේ හැසිරීමෙහි සහ තීරණයන්හි සියුම් වෙනස්කම් පවා ජීවන පරිධිය නිර්ණය කෙරුමෙහිලා බලපානු නොවෙද?

පිරිමි ලෝකයක් තුළ විමුක්තිය සොයන තරුණියන්ගේ කතාන්දරයකි මෙය.