Showing 97–120 of 1322 results

Shop

Denna Depaththe – දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

රු1,402.50
or 3 X රු467.50 with

රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.

Deva Thapaya | දේව තාපය

රු722.50
or 3 X රු240.83 with
ඉංගිරිසියෙන් සිංහලයට නැගුණු උත්කෘෂ්ට සාහිත්ය කෘතීන් විරල වූ 1950 ගණන් වලදී සිංහලයට පරිවර්තනය වූ පොතකි.
ක්රි. ව. 80 දශකයෙහිදී පමණ පැවති රෝම ග්රීක සභ්යත්ව යුගයෙහිදී විසුවියස් ගිනි කඳු පිපුරුමෙන් විනාශයට පත් වූ ඉතාලියෙහි පොම්පෙයි නගරය පසුබිම් කොටගත් ප්රේම වෘත්තාන්තයක් දේවතාපයට පසුබිම් වෙයි. මුල් කෘතියේ ලේඛකයාගේ විශිෂ්ටත්වයත් පරිවර්තකයාගේ සිංහල, ඉංගිරිසි භාෂා චතුරතාවත් එක්ව ගෙන නිමැවුණු අපූර්ව නිර්මාණයක් ලෙස දේවතාපය හැඳින්විය හැකිය.

Dhanawath Piya Dilindu Piya – ධනවත් පියා දිළිඳු පියා | Rich Dad Poor Dad

රු810.00
or 3 X රු270.00 with

Robert T Kiyosaki Sharon, L Lechter විසින් රචිත Rich Dad, poor Dad ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය

Dhawala viyagraya|ධවල ව්‍යාඝ්‍රයා

රු1,057.50
or 3 X රු352.50 with

Aravind Adiga

The White Tiger

අරවින්ද් අඩිගා ගේ White Tiger කෘතිය සිංහලට පරිවර්තනය වීම වැදගත් සිද්ධියකි. වික්‍රම් සෙත් සහ ආර්. කේ. නාරායන් වැනි සම්ප්‍රදායික ඉන්දියානු කතුවරුන් දුටු සමාජ ජීවිතයට වඩා වෙනස් සමාජ අත්දැකීමක් අරවින්ද් අඩිගා පාඨකයා වෙත ගෙන ඒ.

ඉන්දියාව ගැන සඳහන් කරන CNN වැනි ජාත්‍යන්තර නාලිකාවන් එය හඳුන්වා දෙන්නේ ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය බවය. එය දිලිසෙන ඉන්දියාවක්’ කරන බවට ඉන්දීය පාලක පංතිය ඡන්ද කාලයට පොරොන්දු දේ. නමුත් සමාජ යථාර්ථය ඊට වඩා වෙනස්ය. දිලිසෙන ඉන්දියාවේ ඡන්ද මංකොල්ලකෑම සෑම මැතිවරණයකදීම සිදු වීම සාමාන්‍ය සිද්ධියකි. සමාජයේ සෑම අංශයක්ම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවන්ගෙන් ගහන ය.

ඉඩම්වල අයිතිය ඉඩම් හිමියන් අත තවමත් පවතී. ජනගහනයෙන් වැඩිදෙනා හිඟන තත්යෙන් ජීවත් වෙති. නමුත් ඉන්දීය සුපිරි පංතිය රාජ්‍ය දේපල කොල්ල කමින්, අල්ලස් මාර්ගයෙන්, ගෙවිය යුතු බදු පැහැරහරිමින් සුවසේ ජීවත් වන්නේ ඔවුන්ගේ තරු පහේ හෝටල්වල ය. විශාල වශයෙන් ගොඩනැගිලි ඉදිව් ජාත්‍යන්තර කොම්පැනි දිල්ලිය බැංගලෝරය වැනි ප්‍රදේශවලට පැමිණේ. මෙම ඉන්දියාවේ වෙසෙන එක් දුප්පත් පුද්ගලයෙක් තම ජීවිතය සාර්ථක

කරගෙන පෝසත් වන්නේ කෙසේදැයි අඩිගා පෙන්වන්නේ උපහාසය හා

උත්ප්‍රාසය පදනම් වූ විචිත්‍ර කතාවකිනි. අරවින්ද අගාගේ White Tiger නම්

කෘතියේ අන්තර්ගතය මෙබඳු වීම ඔබ ලබන උත්කෘෂ්ටවත් අත්දැකීමකි.

Diary 2024 – Rexine Cover UV Printed

රු650.00
or 3 X රු216.67 with

A 5 Size

136 Pages

Rexine Hard Cover UV Printed

70 GSM Bank Paper

Inside Two color special print

5 mm x 5 mm bullet design

Diya Rakusa | දිය රකුසා

රු127.50
or 3 X රු42.50 with

ළමා මනස හඳුනාගත් ඇයටම  පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව 

Diyawadiyawata Vaiddyawarayek – දියවැඩියාවට වෛද්‍යවරයෙක්

රු297.50
or 3 X රු99.17 with

දියවැඩියාව පිළිබඳව ලෝකයම මවිත කළ, සමීක්‍ෂණ සහ නව සොයාගැනීම් රාශියක් සිදු කළ, ලෝකප්‍රකට ජපානයේ ටෝකියෝ හි කොයියෝ විශ්වවිද්‍යාලයේ දියවැඩියා මධ්‍යස්ථානය භාරව කටයුතු කළ, ප්‍රවීණ මහාචාර්ය ඉසුමි ටකේයි සහ වෛද්‍ය චිරන්ත ජීවන් විසින් සම්පාදිත මෙම කෘතියේ දියවැඩියා රෝගය නිසි ලෙස හඳුනාගන්නා අයුරුත්, ඒ සඳහා නිසි උපදෙස් හා වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳවත් ඉතා සරලව ලිහිල් බසින් අදහස් දැක්වෙයි. නිසි අවබෝධය හා උපදෙස් නොමැතිකම නිසා දැනට සමාජයේ අතිශය බහුලව ව්‍යාප්ත වන මෙම රෝගය හේතුවෙන් ජීවිත අවදානමට ලක්වන විශාල රෝගීන් පිරිසකට මෙම විශේෂඥ මාර්ගෝපදේශ අත්පොත මහඟු අත්වැලක් සපයයි.

Doily Dutu Udarata – ඩොයිලි දුටු උඩරට රාජ්‍යය

රු382.50
or 3 X රු127.50 with

ජෝන් ඩොයිලි ලියන ලද උඩරට සමාජ සංස්ථාවේ ඉතිහාසය, සිරිත්-විරිත්, නීති-රීති, අභිචාර විධි ගැඹුරු නිරීක්ෂනයට ලක්කෙරෙන ග්‍රන්ථයකි.

Dreamz Unlimited | සිහින සිහින සහ සිහින

රු765.00
or 3 X රු255.00 with

ඒක තමයි හුඟක්ම භයානක මිනිස්සුන්ට තමන් දැකපු හීන අමතක වෙනව කියන්නෙ, තමන් ජීවත් වෙනව කියල තමන්ටම අමතක වෙලා කියන එක…

Dumbara Kadu Matha Peradiga Sulaga | දුම්බර කදු මත පෙරදිග සුළග

රු540.00
or 3 X රු180.00 with

1971 කැරැල්ල වකවානුවේ එයට සමගාමී ව ලංකා සමාජය තුළ විප්ලවීය බලවේගයන් ලෙස ක්‍රියාත්මක වූ දේශපාලන සංවිධාන රාශියකි. 71 කැරැල්ල සමඟ මේ සියලු දේශපාලන බලවේග මර්දනයේ හස්තයට හසු ව සුනු විසුනු විය. එම කැරළිකරුවන් හිර ගෙවල කැලෑවල සහ මෙන්ම අත්අඩංගුවේ දී රහස් පොලිස් මර්දනයට මුහුණ දුන් ආකාරය මේ පොතේ ජීවමාන ව ඉදිරිපත් වෙයි.

Duo | ඩූඕ

රු1,215.00
or 3 X රු405.00 with

උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.

උණ සන්තානගත අඳුරක වෙළී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනක සෙව්වාය, සාරා අරුමැසි ජීවිතයේ ප්‍රහර්ෂය හඹා යන්නී. දිවියේ සාරය දකින අදිටන සුරතට කැටි කොට ගත්තාය.

නීතිය, හොරා පොලිස් කළේය. ආලයේ දෙවගන උන් හා ඔට්ටු සෙල්ලම් කළාය. සමාජ පරමාදර්ශී භූතයෝ මේ දෙදෙනා පසුපස හඹා ගියහ.

ඥාන පරාසය, සංස්කෘතික පරිඥානය සහ පෞරුෂය කේන්ද්‍රීයව, එකිනෙකායේ හැසිරීමෙහි සහ තීරණයන්හි සියුම් වෙනස්කම් පවා ජීවන පරිධිය නිර්ණය කෙරුමෙහිලා බලපානු නොවෙද?

පිරිමි ලෝකයක් තුළ විමුක්තිය සොයන තරුණියන්ගේ කතාන්දරයකි මෙය.

Dustakame Saundarya Saha Rathmalane Thawath Katha | දුස්ටකමේ සෞන්දර්ය සහ රත්මලානේ තවත් කතා

රු297.50
or 3 X රු99.17 with
අනූව දශකය මූලාරම්භයේ සිට සාහිත්‍යකරණයේ නියැලෙන මංජුල වෙඩිවර්ධන මුද්‍රිත ග්‍රන්ථකරණයට පිවිසියේ 1997 දී ෂේන් මැකෙල්වි සමඟ කළ නිරුත්තර සමාධිය’ කාව්‍ය සංග්‍රහය සමඟයි. ඉන් පසු ඔහු කාව්‍ය සංග්‍රහ හතක් පළ කර ඇත. ඔහු වසර 2000දී පළ කළ ‘මේරි නම් වූ මරියා’ කෙටිකතා කෘතිය කතෝලික සභාවේ සහ රජයේ ඍජු මැදිහත්වීමෙන් වසර ගණනාවක් පුරා දික්ගැස්සුණු අපරාධ හා සිවිල් නඩු ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස තහනමට ලක්වුයෙන් ඔහුගේ ගද්‍ය සාහිත්‍යය, සහෘදයා අතට පත්වීම පමාවිණ. ඒත් 2007 වසරේදී ඔහු ‘බත්තලංගුණ්ඩුව ‘ නවකතාව පළකරමින් සහෘද විචාරක අවධානය යළිත් තමන් වෙත නතු කර ගත්තේය. වෘත්තීය මාධ්‍යවේදීයකු ලෙස කටයුතු කරන වෙඩිවර්ධන ෆ්‍රන්සයේ විප්‍රවාසීවැ වෙසෙමින් වුව ස්වකීය භාෂාවත් සාහිත්‍යයත් පෝෂණය කිරීම වෙනුවෙන් බරපතල නිර්මාණාත්මක මැදිහත් වීමක නිරත වෙයි.
මෙම කෘතිය, වෙඩිවර්ධන තමන් දිවි ගෙවූ රත්මලාන නගරය පදනම් කරමින් ලියන්නට සැළසුම් කර ඇති කෙටි කතා නිර්මාණාවලියක පළමුවැන්නයි.

Eka Lagata Deka Neweyi | එක ලගට දෙක නෙවෙයි

රු342.00
or 3 X රු114.00 with
‘එක ළඟට දෙක නෙවෙයි ‘ නමැති යොවුන් නවකතාව කරුණු කිහිපයක් මත මේ ගණයේ අවශේෂ බොහොමයක් කාතීන් අතරේ කැපී පෙනෙයි. ඒ සඳහා තුඩු දෙන හේතු කිහිපයකි.
පළමුකොට මෙය නව යොවුන් තරුණ තරුණියන්ගේ ව්‍යාජ වීරත්වය හුවා දක්වන කෘතියක් හෝ රොමැන්තික් ගණයේ හුදු අහ්ලාදජනක කෘතියක් හෝ නොවේ. මෙහි පීඩිත පාන්තික දැරියකගේ දිවි පෙවෙත යථාර්ථරූපීව නිරූපණය වේ.
දෙවෙනුව මෙහි නිරූපිත පොලිස් නිලධාරියාගේ චරිතය මගින් නීතිය වල්වැදුණු මෙරට වත්මන් සමාජයේ පැතිකඩක් තථ්‍යාකාරයෙන් අනාවරණය කෙරෙයි.
තෙවනුව මෙම සියලු අංග මනා ඒකමතිකත්වයකින් යුතුව ප්‍රතිනිර්මාණය කෙරෙන කතා කලාවක්, මෙහි කතුවරයා විසින් උපයෝගි කර ගනු ලැබ ඇත.
මහාචාර්ය ජිනදාස දනන්සූරිය

Eliyakanda Wada Kandawura(K.Point)|එළියකන්ද වධ කඳවුර (කේ.පොයින්ට්)

රු765.00
or 3 X රු255.00 with

රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදුව වැලිගම යුදහමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය. බුස්ස රැඳවුම් කඳවුර කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට 1991 දී ප්‍රංශයට පැමිණ ප්‍රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය.

හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වූ සියලු මිලේච්ඡ ක්‍රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප්‍රංශයට පැමිණි වහාම ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) ද සියල්ල හෙළිදරව් කළේය.

එළියකන්ද වධ කඳවුර නම් වූ ඔහු ගේ මේ කෘතියට අන්තර්ගත වන්නේ භීෂණ යුගය යයි නම් දැරූ අඳුරු කාල පරිච්ඡේදයේ දී හමුදා කඳවුර තුළ ද වධකාගාර තුළ ද සිදු වූ අමානුෂික අප්‍රකට සිදුවීම් පිළිබඳ අන්තවාදී නො වූ දෘෂ්ටියකින් කරන මධ්‍යස්ථ විග්‍රහයකි.

ප්‍රසන්න ලේඛන ශෛලියකින් බස හසුරවන රෝහිත මුණසිංහ නම් අපූරු ලේඛකයා ගේ ආධ්‍යාත්මය, මේ ග්‍රන්ථය වෙතින් ද දැකිය හැකිය.