Showing 1177–1200 of 1412 results

Shop

හිරු බැස ගිය පසු | Hiru Basa Giya Pasu

රු360.00
or 3 X රු120.00 with

ගෝත්‍රික නයිජීරියානු සමාජය බටහිර සභ්‍යත්වයට නතුවීමේදී මුහුණදෙන අර්බුදයේ එක් පැතිමානයක් මේ නවකථාවෙන් නිරූපිත ය.

නවකථාවෙන් විස්තර වන්නේ නයිජීරියානු සමාජය වුවද, මේ කෘතිය අපගේ සංස්කෘතික ජීවිතය ප්‍රතිනිර්මාණය කරන්නා වූ කෘතියක් සේ සෑම පාඨකයෙකුටම හැඟී යනු ඇත. ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා සිංහල පාඨකයාට හඳුන්වාදීමේ කර්තව්‍යයෙහි පුරෝගාමිත්වය හිමි ගාමිණී වියන්ගොඩගේ පරිවර්තන ක්‍රියාවලියෙහි අර්ථවත් ඵලයකි, “හිරු බැස ගිය පසු.”

හුන්නාකඩවර | Hunnakadawara

රු900.00
or 3 X රු300.00 with

ඒරොප්පෙන් ආ සුදු හම ඇත්තෝ සියවස් දෙක තුනක් තිස්සේ අප වනචාරින් බවත්, මිථ්‍යා දෘෂ්ටිකයන් බවත් කියා දුන් හ. ඒ අනුව අටානුවක් සිතුම් පැතුම් ද නවානුවක් චාරිත්‍ර චාරිත්‍ර ද අපට බෝ කළෝය.

දොරකඩ කුල්ල පේ කර එක ගෙයි කැම ආදි නිදහසේ විවාහයේ රස බැලුවා වූ ගැමියාට තන මඩල නිරාවරණය කරගෙන පීවත් විමත් තට්ටම් පෙනෙන්නට අමුඩය ගසාගෙන අවිවේ වැඩ කිරීමත් ලජ්ජාවක් සේ පෙන්නා දෙන්නට වූ හ.

අනේ කාලේ වනේ වාසේ

අපට මිලේච්ඡ යැයි කියූ ඒරොප්පේ ඇත්තෝ දැන් එරමිණියා ගොතාගෙන චිත්ත පරිශුද්ධිය පතා බෝ සෙවණේ හිඳ බවුන් වඩති. මේවායේ අස්කොන් පීරා ඇත්ත තෝරා බේරා දීම අතිශය දුෂ්කර වටපිටාවක, සියවස් ගණනක් පාගා දැමු දෙලොව වැඩ සදන දැනුම, ආකල්ප ඥානය, හුන්නා කඩවරේ’ දී ශකිල අපට සොයා පාදා දෙන්නේය. අලියා මතු නොව අලියාගේ වලිගයෙන් වැටෙන කෙන්දත් මනා ශක්තිමත් ඔසුවක් ලෙස පැරැණියන් සැලැකු බව ඔහු වටහා දෙන්නේය.

වෙද හෙද කම් කර තමන් සුවපත් කරන හුන්නාකඩවරේ වෙද මහත්තයාට “අනේ උඹට බුදු බව අත් වේ වා ” යි ගැමියෝ ප්‍රාර්ථනා කරති. ජාතික ලෙඩා සුවපත් කරන්නට, වළලා දැමූ ඥානය සොයා පාදා දෙන ශකිලටත්, “අනේ උඹට බුදු බව අත් වේවා” යි කවර දා හෝ අසන්නට ලැබෙනු ඇත.

හුළු අත්ත | Hulu Aththa

රු1,755.00
or 3 X රු585.00 with

කඳුකරයේ සීතල හුළඟ විදින ගමන්, ආතගේ පොඩි පෙට්ටි කඩෙන් උණු උණුවේ කිරි කෝපි එකක් බොන්න යන්න ඔයත් එනවද?

කැලෑ මල් පොකුරු කඩාන, සහන් එක්ක ගඟේ ඔරු පැදලා, චූටි කුකූ එක්ක කඳු මුදුනේ තරඟෙට දුවලා, අදීර එක්ක ඔංචිල්ලාවේ වාඩි වෙලා ඈත කඳුකරය දිහා බලාන කතා කරන්නත් පුළුවන්..

ඉතින්, එනවද යන්න මාත් එක්ක හුළු අතු එළියෙන් එලිය වුන සීතල කඳුකරය බලන්න..?

හෘද සාක්ෂියක අදෝනාව | Herda Sakshiyaka Adonawa

රු630.00
or 3 X රු210.00 with

රුසියාවේ දේශපාලන පෙරළියක් අතරතුර කාලයේ ශාන්ත පීටර්ස්බර්ග් විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු වන රසුමොව්ගේ ජීවිතය වටා මෙම කතාව ගෙතී තිබේ. ඝාතනයකට වගකිව යුතු සෙසු ශිෂ්යයෙකු පාවා දීමෙන් පසු රසුමොව් ව රුසියානු රජය විසින් ඔත්තුකරුවෙකු ලෙස භාවිතා කරයි. අනෙක් ඔත්තුකරුවන් ගේ කතා මෙන් නොව, රසුමොව්ගේ කතාව කටුක හා ම්ලේච්ඡ එකක් බවට පත් වීමට වැඩි කලක් ගත නොවේ…

විප්ලවයට කලින් රුසියාවේ පැවති දේශපාලනය එන පැත්තකින්ද, පොදුවේ ඔහුෂ්යයා මුහුණදෙන මානවීය අර්බුද තවත් පැත්තකින්ද මේ නවකතාවට සරු වස්තුබීජ සපයා තිබේ. ඇතැම් විප්ලවීය ආයාසයන් අස්සේ විටක සැඟවී පැවතිය හැකි මිනිස් දුර්ගුණ සහ අධම ගති මොන තරම් ඛේදනීය විය හැකිද යන කාරණය දෙස කොන්රඩ් හෙලන දෘෂ්ටිය සැබවින්ම මානවවාදී ය.

හෝ ලුසී ලුසී | HO Luci Luci

රු882.00
or 3 X රු294.00 with

මතුපිටින් බලනවට වඩා ඇතුළතින් ඔබට ‘තවත් කතා බොහෝමයක් කියන කෘතියක්’. විවිධ මාතෘකා ඔස්සේ ඔබව සිතීමට පොළඹවන කෘතියක්. ඒ වගේම ‘හෝ ලුසී ලුසී’ මගේ නිර්මාණ ජීවීතයේ සංකීර්ණ, මාව ‘ආදරය’ ගැන ගැඹුරින් සිතීමට පෙළැඹූ කෘතියක්.
මේ කෘතියේ ප්‍රධාන චරිතය ගොඩනැගීම මට අනිත් කෘතීන්ට වඩා බොහෝ සේයින් අසීරූ වුනා. ‘එම චරිතය’ සිටි මානසික ව්‍යාකූල බව ඒ ආකාරයෙන්ම ලිවීමට අවශ්‍ය වූ නිසා මම මානසික රෝගීන්ව පවා මුණ ගැසුණු , ඔවුන් තොල් මුමුණන ආකාරය, ඔවුන් තමන් සමඟම සංවාද කරන ආකාරය පවා බලාගෙන සිටි අවස්ථා තිබුණා. විශේෂයෙන්ම එම චරිතය තුළ ජීවත් වෙද්දි මමත් මා සමඟම කතා කරන්න පෙළැඹුණා.
මා ලියූ අනිත් හැම කෘතියකට ම වඩා මම ‘හෝ ලුසී ලුසී’ තුළ ජීවත් වුණා.

මගේ බිරිඳ ‘ලුසී’ නමින්ම කෘතිය ලිවීම ආරම්භ කිරීම එය මට තවත් පහසු වෙන්නට ඇතී. ජීවීතයේ මුල්ම වතාවට ලේඛකයෙක් විසින් නොකළ යුතු දෙයක් මම කළා. කෘතියේ ප්‍රධාන චරිතය තුළ ජීවත් විය යුතු නිසාම මම මගේ මනස තුළ ‘ලුසී’ මිය ගිය චරිතයක් බවට පත් කළා.

ලිවීම තුළ තිබෙන සුන්දරම දෙය ‘අපිට ඒ තුළ ජීවත් වීමට හැකිවීම’. හෝ ලුසී ලුසී ලියන කාලය තුළ මම ඒ තුළ ජීවත්වූ ආකාරය ගැන පුදුමාකාරයි. ඒවගේම සතුටුයි. එවන් ආදරයකින් සහ කැපකිරීමකින් තවත් කෘතියක් ලිවීමට හැකිවීම ගැන ඇත්තටම සතුටුයි.

හෝ ලුසී ලුසී අද, මේ මොහොතේ සිට ඔබට බාරයි. මගේ හැම කෘතියකදී ම මා ඔබට කියනවාක් සේම, මට අදත් එක් පොරොන්දුවක් ඔබට දිය හැකියි.
‘හෝ ලුසී ලුසී’ අතට ගත් මොහොතේ පටන් ම ඔබ මෙම කෘතියෙන් ඇස් ඉවතට නොගනීවී. මම කෘතිය තුළ ජීවත් වූ ආකාරයට ම ඔබත් හෝ ලුසී ලුසී තුළ ජීවත් වේවී.

තව එකක් ‘හෝ ලුසී ලුසී’ ජැකට් කවර් එකක්. ඒ නිසා වෙනසකුත් තියෙයි.

– මුතුමුදලිගේ නිශ්ශංක

හෝමෝ ඩෙයුස් | Homo Deus – හෙට දිනය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසය

රු2,340.00
or 3 X රු780.00 with

මිනිස් වර්ගයා, සපුරාම පැහැදිලි සහ ප්‍රවේශ විය හැකි ආකාරයෙන් යුතුව ගමන් කරන්නේ කොතැනටදැයි විමසා බලන කෘතියකි

ජාවිස් කොකර්

සාගතය අතුරුදහන් වෙමින් තිබේ

ස්ථුලභාවය නිසා ඔබට ඇති ජීවිත අවදානම සාගින්න නිසා වන අවදානමට වඩා අධිකය.

මරණය යනු තාක්ෂණික ගැටලුවක්ම පමණකි සමානාත්මතාවය පිටවී යයි; එහෙත් අමරණීයත්වය පිවිසෙයි.

අපගේ අනාගතයේ රැඳී ඇත්තේ මොනවාද?

21 වැනි සියවසේ දී තමන්වම ප්‍රති – සැලසුම් කර ගැනීමට ද, අලුත් ජීවි ස්වරූපයක් නිර්මාණය කිරීමටද හැකි දෙවියන් බඳු, වර්ගයක් බවට පත්වීමේ අභිලාෂය මනුෂ්‍ය වර්ගයාට තිබේ.

විශාල දත්ත සහ කෘතිම බුද්ධිය විසින් නියෝජනය කරනු ලබන විද්‍යාව සහ තාක්ෂණය පරිණත වන විට මිනිස් වර්ගයා අතිශයින් ගැඹුරු විපරිණාමනයකට ලක් වනු ඇත.

ළමා විය | lama Wiya

රු637.50
or 3 X රු212.50 with

යුද්ධය පටන් ගත් මුල් කාලයේදී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලාගත් අතර ලෙනින්ග්රෑඩය වටලෑමද මොස්කව් නගරයට ළං වීමටද ඔවුහු සමත් වූහ. සෝවියට් සෙබළු එකා මෙන් නැගිට හිට්ලර්ගේ ෆැසිස්ට් ජර්මන් සේනාවට විරුද්ධව වීරෝදාර ලෙස සටන් කළහ. තම සමාජවාදී මව්බිම සහ සමාජවාදී සංකල්පයන් ආරක්ෂා කිර්මට නැගී සිටි සෝවියට් සෙබළා කවුද එම භීම යුද සමයේදී සතුරෝත් මිතුරෝත් ඉතා හොඳින් හඳුනා ගත්හ. දේශප්රේමී යුද්ධය පැවති සෑම අවස්ථාවකදීම සෝව්යට් ජනතාව පෙන්වූයේ අසමසම වීරත්වයකි. මේ එයින් එක් වීරයකු පිළිබඳ කතාවකි.

Ahambhakaraka

රු630.00
or 3 X රු210.00 with

Ali Ikkawa

රු212.50
or 3 X රු70.83 with

Ananthamaya Nimeshayaka

රු212.50
or 3 X රු70.83 with

Andhuru Palingu Thala Medin

රු382.50
or 3 X රු127.50 with

Asiri Sirini 1

රු408.00
or 3 X රු136.00 with