


'අමරණීයත්වයේ අම යුෂ කෙබඳු ආකාරයේ නවකතාවක් ද? එය ස්මරණයන් ස්පර්ශ කරන්නකි. වසර දහසක් පමණ වූ කාල අවකාශයක් පුරා විහිද යන මෙම වශීකෘත ආඛ්‍යානය හරහා දිගහැරෙන්නේ යුරෝපයේත් එහි විසූ යුදෙව් ප්‍රජාවගේත් ඉතිහාස කතාවයි. එය ඉතිහාස ඛණ්ඩයන්ගේ සන්තතිය හෙළිකර දෙමින් යුරෝපා ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරයි. ආදිකාලීන සහ නූතන යුදෙව්වන්ගේ තොරතුරු ද සමඟින් යුරෝපා ඉතිහාසය තුළ ඔවුන්ගේ සහභාගිත්වයන්, වගවීම් සහ ගමන් මඟෙහි දිශානතිය හැඩගැස්වූ අයුරු ද කියාපායි. 'අමරණීයත්වයේ අම යුෂ´ කෘතිය මුළුමනින්ම යුරෝපය පදනම්ව නිර්මාණය වූවක් වන අතර මනුෂ්‍යත්වයට ආවේණික දුක-සතුට, ජය-පරාජය, හාස්‍යය, ඛේදය සහ අනුරාගයද එහි නිසි පදමට සංගෘහිතව තිබේ.
Read this book? Sign in to share a review with other readers.