


මා පුංචි කාලේදී - බොහොම ඉස්සර කාලෙ මම එක පොතක් කියෙව්වා. ඒ පොතේ නම් “පිනෝකියෝ හෙවත් ලී බෝනික්කාගේ සංචාරය"(ඉතාලි භාෂාවෙන් ලී බෝනික්කාට කියන්නේ බුරතීනො කියල). මා කුඩා කාලදී මගේ යාළුවන්ට බුරතී නොගෙ හපන්කම් ගැන නොයෙකුත් කතා කිව්වා. මගේ පොත මා අතින් නැති වුණු නිසා ඒ කතා මම නොයෙක් නොයෙක් ලෙස කිව්වා. සමහර දේ පොතෙහි නැති වුණත් මම සිතින් සිතලා කිව්වා. දැන් ඉතින් අවුරුදු බොහෝ ගණනක් ගෙවුණාට පස්සේ පුංචි ළමයින්ට මගේ පැරණි මිතුරා ගැනත්, එයාගේ හපන්කම් ගැනත් ලියන්ට කල්පනා කළා. මේ පොත මා අතින් ලියැවුණේ ඔය විදිහටයි.
Read this book? Sign in to share a review with other readers.