


මම චිත්ර ශිල්පියෙක්. කුඩා කාලෙ ඉඳල මම අතින් අඳින්න පුරුදු වුණා. දකුණු අතින් ලියන්න ඉගෙන ගත්තා. ලියන්න ඕනෑ දකුණු අතින් විතරමයි. දැන් මම කතන්දරයක් ගැන හිතන කොට දකුණු අතේ පෑන. වම් අතේ පැන්සලය නැත්නම් පින්සල. ඒක හුඟක් පහසුයි. දකුණු අතින් කතන්දරය ලියනවා. ඒ අතර වම් අතින් විනෝදමත් විහිළු චිත්ර අඳිනවා. බාගදා අනික් අතට වෙන්නත් පුළුවන්. ඉස්සරවෙලා වම් අතින් චිත්ර අඳිනවා. ඊට පස්සෙ දකුණු අතින් ඒකට ගැලපෙන කතන්දරය ලියනවා. මෙන්න මෙහෙම මගේ පුංචි මිතුරන්ට මගේ දෑතින් ගන්නා විනෝදමත් කතන්දර හා හිත් පින්තූර දෙන්න මම මහන්සි ගන්නවා. මේ පොත කියවන කොට මෙහි චිත්ර ඔබ බලනවා ඇතැයි මම හිතනවා. මගේ වීරයන්ට ආදරය කරතැයි මම හිතනවා. මගේ කතා වලින් ඔබ විනෝද වෙනවා විතරක් නෙමෙයි, ඒවා ගැන මොනව හරි හිතන්න, අඳින්න කරන්න ඔබට පුළුවන් වෙතැයි මම හිතනවා. බාග වෙලාවට ඔබ සන්තෝසෙන් නිකම්ම හිනාවෙන්න විතරක් පුළුවන්!
Read this book? Sign in to share a review with other readers.