


"ඔයාගේ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය. සිසිල පහව ගොස් ඇති කීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය. 'අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ' යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසලි සිටින සුන්දර්යගේ මුහුණ අච්චුස්සහ වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය. “බය වෙන්න කිසි දෙයක් නැහැ. හැම දෙයක්ම හොදට සිද්ධ වෙනවා.” මහි පිළිතුරු දුන්නෙයි. "ඇයි ඔයා මාව බඳින්නෙ?” ඇය ඇසුවාය. ඒ ප්රශ්නයට දිය හැකි පැහැදිලි හා සාධාරණ පිළිතුර, ‘මම ඔයාට ආදරේ හින්දා' යැයි කීම වුණත්, පිටි මහාපුරුදු පිළිතුරක් සෙව්වෙමි. මෙතෙක් සවන් දුන් ගීතයක වදනක් මතකයට නැඟාගන්නට උත්සාහ කඳුයි. එවැන්නක් හමුනොවුණු තැනු සිතට පැමිණි අදහස් ගොන්නක් මෙසේ වදන්ගත කරන්නට මට හැකි විණ. “මම ඔයාව බඳින්නේ මගේ ජීවිතේට ඔයාව ඕනෑ හින්දා නෙමෙයි. ඔයා නැතිව මට ජීවත්වෙන්න බැරි හින්දා. ඒක, ඌ මට ගහනවා, මට ඌ ගහනවා වගේ කතාවක් නේද? විවාහයයි, මරණ යයි කියන්නෙ එක හා සමාන දෙයක්. හරියට බැලුවොත් මේ දෙකම ජීවිතේට ලැඛෙන්නේ එක වතාවයි. ඒත් සමහර වාසනාවන්තයෝ විවාහයෙන් පස්සෙ කීප වතාවක්ම ඉපදෙනවා. මට හිතෙන්නේ මමත් ඒ වගේ වාසනාවන්තයෙක් වෙයි." මම කීමි. "මේ ජීවිතේ කෙටියි. ඒත් අපි දෙන්නා එක් වුණාට පස්සෙ අපිට පුළුවන් දිගු ජීවිතයක් ගතකරන්න.“
Read this book? Sign in to share a review with other readers.