


එක් චෞරයකු බිත්තියට තබා මුළු සිරුර පුරාම පරාල ඇණ ගසා වල්ලා තිබුණේය. ඔහුගේ මුහුණ සහ දෙනෙත් දුම්වැටි වලින් පුළුස්සා තිබූ අතර ශරීරයේ සෑම තැනම මුවහත් පිහියකින් තීරු තීරු ඉරි ඇඳ කපා දමා තිබිණි. ඔහු මිය ගොස් තිබුණේ අධික ලෙස ලේ වහනය වීමෙනි. මිනිත්තු කිහිපයක් තුළ සිදු කළ ඒ මහා පරිමාණයේ කැසිනෝ මංකොල්ලයට චෞරයන් සිව් දෙනෙකු සහභාගි වූහ. හොර සංවිධානයේ නායක ෂේන් ලක්ෂ ගණනක මුදල් පිරවූ සම් බෑග් දෙකක් රැගෙන තමා බලාපොරොත්තුව සිටි පෙම්වතිය වෙත ගියේය. බිහිසුණු අදිසි මිනීමරුවන් දෙදෙනකු මංකොල්ලයට සහභාගි වූ චෞරයන් එකිනෙකා ඝාතනය කිරීමට පටන් ගත් අතර, අවසානයේ ඉතිරි වූයේ ෂේන් පමණි. ෂේන් ඉතා ශක්තිමත් සිරුරක් සහ දෙනෙතේ තියුණු බැල්මක් ඇති අතිදක්ෂ චෞරයෙකි. අපි මදුරුවකු මරා දමන්නාක් මෙන් මිනිසකු මරා දැමීම ඔහුට ඉතා ලෙහෙසි පහසු කාර්යයකි. ඔහු අතිශයින් බිහිසුණු මිනිසකු බව ඔහු ලුහුබැඳ ආ මිනීමරුවන් දෙදෙනා සිහිනෙකින් හෝ දැන නොසිටියහ.
Read this book? Sign in to share a review with other readers.