


දරුණු සාගතයක් හමුවේ සියළු මිනිසුන් ජීවිතය බේරාගැනීමට පලා යද්දී බල්ලකුද සමගින් සිය ගමෙහිම නතරව ඉරිඟු ඇටයක් පැල කර එය ආරක්ෂා කරගැනීමට වෙහෙසෙන ආත්ම පරිත්‍යාගී මහල්ලෙක් සහ සැමියා දිවි නසාගත් පසුව නිදන්ගත රෝගයකින් පීඩාවට පත් සිය දියණිවරුන් රැකගැනීමට දරුණු දිවි අරගලයක නිරතවන මවක් ගැන කියවෙන මහල්ලා සහ ඉරිඟු ඇටය සහ ඇටමිදුළු යනු වර්තමාන චීනයෙහි වාරණයට ලක්ව සිටිනා යාන් ලියාන්කිගේ මනරම් කතා ද්විත්වයකි. මහල්ලා සහ මුහුද සිහිපත් කරවන යාන් ලියාන්කිගේ මහල්ලා මෙන්ම දියණිවරුන් වෙනුවෙන් අසීරු සටනක නිරත මව යන මේ චරිතද්වයම ආත්ම පරිත්‍යාගී මිනිසුන් වෙනුවට පරිභෝජනවාදී මිනිස් රූකඩ ඉස්මතු කරනා නූතන ධනවාදී මෙන්ම සමාජවාදී යයි කියනා කවර දේශයක වුව මනුෂ්‍යත්වය අපේක්ෂා කරන්නන්ට ආමන්ත්‍රණය කරයි.
Read this book? Sign in to share a review with other readers.