


"මම මේ විදිහට ජීවත් වෙන්නෙ මම ඒකට කැමති නිසා. මම මෙහෙම ජීවත් වෙන්නෙ වෙනත් විදිහකට මම ජීවත් වෙන්න අකමැති නිසා. අනිත් මිනිස්සු ජීවිතය කියලා තේරුම් ගන්න දේ ගැන මට කිසිම වටිනාකමක් දැනෙන්නෙ නැහැ. මට උගුලකට අහුවෙන්න ඕන නැහැ. ජීවිතය කියන්නේ අඬුබඬු මහ ගොන්නක් තියෙන බූවල්ලෙක්. ඌට මිනිහෙක්ව හිර කර ගන්න ඕනෑ වෙන්නේ ඒ අඬුබඬුවලින් එකක් විතරයි. මාව හිර වෙන්නයි හදන්නෙ කියලා දැනුණ මුල් අවස්ථාවෙම මම ඒ අඬු කපලා දානවා. සමහර වෙලාවට ඒක හරිම වේදනාකාරියි. ඒත් වෙන කරන්න දෙයක් නැහැ. ඔබට මම කියන දේ තේරෙනවද?" පියැසි කවුළුව- Skylight ( පිටුව113) ජොසේ සරමාගෝ පරිවර්තනය - සුභාෂිනී චතුරිකා
Read this book? Sign in to share a review with other readers.