


Isabel Allende විසින් රචිත In The Midst of Winter ග්රන්ථයේ සිංහල පරිවර්තනය. කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ රැඳෙන පරිදි ඉතා දරුණු අන්දමින් ඇමරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්රාන්තයට හමාගිය හිම කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගුණි. එමෙන්ම තම ජීවිතය අතනිකඩව නිහඬව ගෙනගිය හැටවන වියේ පසුවූ මානව හිමිකම් පිළිබඳ විශ්ව විද්යාල මහාචාර්යවරයකු වූ රිචඩ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසු වූ චිලී ජාතික විශ්ව විද්යාල කථිකාචාර්යවරයෙක් වූ ලුසියා මාරාස් සහ ඒවන විට ඇමරිකාවේ විසූ නීතිවිරෝධී සංක්රමණික චිලී ජාතික තරුණ කාන්තාවක් වූ එව්ලින් ඔටෙගා ඇති කරගත් මිතුදම ය. ඒ සමග ජීවිතයේ පසු භාගයේ දිවි ගෙවූ ඉහත කී මහාචාර්යවරයා සහ කථිකාචාර්යවරිය අතර සදාතනික ආදරයක් ගොඩ නැගිණි.
Read this book? Sign in to share a review with other readers.