


ජේ. එම්. කොඑට්ලි සිය රටේ පැවැති වර්ණභේදවාදී ප්‍රතිපත්තිය සේ ම එහි පශ්චාද් වර්ණභේදවාදී සංක්‍රාන්තිය ද, මනුෂ්‍ය ස්වභාවයේ නිරුවත නිර්දය ලෙස පිළිබිඹු කිරීමට නිරන්තරයෙන් යොදාගන්නා ලේඛකයෙකි. Disgrace එහි උච්චතම අවස්ථාවකි. පශ්චාද් වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවේ තීරණාත්මක ලෙස වෙනස් වූ බල සංරචක විසින් ඇති කරනු ලැබ තිබෙන නව දේශපාලනික හා ආචාර ධාර්මික අභියෝගයන් නොබියව වේදිකාවට කැඳවමින්, කොඑටිසි ඒ ඔස්සේ යෙදෙන්නේ අන්ධකාර මනුෂ්‍ය සත්තාව පිළිබඳ ගැඹුරු හා නිර්දය ගවේශනයකය. සිය කුසලතාව තමා අවට සමාජයට කැඩපතක් ඇල්ලීමට පමණක් සීමා නො වන බව ඔහු Disgrace හරහා ප්‍රකට කරවයි. එතැනින් ඔබ්බට යමින් ඔහු කළු මිනිසා සහ සුදු මිනිසා අතර මෙන් ම ස්ත්‍රිය හා පුරුෂයා අතරත් ඇති ආතතිගත සබඳතාව පිළිබඳ කරදරකාරි තැතිගන්වනසුලු ප්‍රශ්න කිරීමක නියැලේ.
Read this book? Sign in to share a review with other readers.