


ඉතාලි ලේඛක Italo Calvino ගේ If on a Winter's Night a Traveler නම් මෙම නවකතාව අර්ධ වශයෙන් දෙවන පුද්ගල ආඛ්‍යානය තුළ ලියා ඇති පොතකි. මෙම නමින්ම ලියවී ඇති පොතක් කියවීමට උත්සාහ කරන පාඨකයෙකුගේ ( එනම්, ඔබගේ ) කතාව මෙම පොතේ කියැවේ. නිමා නොවන නවකතා කිහිපයක් හරහා පාඨක ඔබව වික්‍රමාන්විත ගමනකට යොමු කිරීමට මෙම පොත සමත් වෙයි. සාමාන්‍යයෙන් පොත් වලින් වෙනස් ලෙස ලියැවී ඇති මෙම පොතෙහි ප්‍රධාන චරිතය වන්නේ පාඨක ඔබයි. පාඨකයෙක් විසින් අනිවාර්යෙන්ම කියවිය යුතු ආකාරයේ පොතක් ලෙස බොහෝ දෙනෙක් නිර්දේශ කරන පොතකි.
Read this book? Sign in to share a review with other readers.