


සුවිශේෂ චරිත දෙකක දෛවය 'කෆ්කා මුහුදු වෙරලේ'දී පාඨකයාට මුණගැසෙයි. පහළොස් වියැති කෆ්කා තමුරා, ඔහුගේ පියාගේ අනිටු අනාවැකියත් අහිරි හැඟීමත් පෙරදැරිව ගෙදරින් පලා යයි. ලමා වියේ ඇති වූ රුදුරු කම්පනයක බිල්ලක් වන මහලු නකතා, එතෙක් කල් ගත කළ සරල දිවි පෙවේත උඩුයටිකුරු කරගනී, මේ දෙන්නාගේ සමාන්තර ගමන ත්රාසෝන්මාදයෙන් අනූනය. බලලුන් මිනිසුන් සමඟ කතාබහ කරති. අහසෙන් මාළු කඩා හැලේ. දෙවැනි ලෝක යුද්ධයේ සිට වයසට නොගිය තරුණ හේවායෝ දෙන්නෙක් කැලේක සතුටින් වෙසත්, ඒ සියල්ල අතරේ, කුරීරු මිනිමැරුමක්, එහෙත් මිනිමරුවා සේම ඔහුගේ බිල්ලත්, නොවිසඳුණු ප්රහේලිකාවකි. ආශා ගවේෂණයේ සම්භාව්‍ය ආඛ්‍යානයක් වන ‘කෆ්කා මුහුදු වෙරළේ” මිත්‍යාමය වූත් සමකාලීන වූත් තහංචි ප්‍රශ් කරන අතරේ, පීතෘ ඝාතනය සහ මව කෙරෙහි වන ලිංගිකආලය අතර මායිම් ඉතා සියුම්ව පික්සයි.
Read this book? Sign in to share a review with other readers.