


දිනක්, ඩැනියෙල් ගේ පියා ඔහුව "අමතක වූ පොත්වල සුසාන භූමිය" නම් රහසිගත ස්ථානයකට කැඳවාගෙන යයි. එහිදී ඩැනියෙල් ට ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරන පොත මුණ ගැසේ. Julian Carax විසින් රචිත "The Shadow of the Wind" නම්පොත එහිදී තෝරා ගන්නා ඩැනියෙල් පොත සම්පූර්ණයෙන්ම කියවා ඉවර කළ පසු, එවැනි අපූරු කතාවක් ලියූ මෙම කතුවරයා ගැන වැඩිදුර සෙවිය යුතු බවට තීරණය කරයි. නමුත් අනපේක්ෂිත අයුරින් ඩැනියෙල් සොයාගන්නේ කතුවරයා අතුරුදහන් වී ඇති බවත් ඔහුගේ ප්රකාශිත පොත් සියල්ල ද අතුරුදහන් වී ඇති බවත්ය. ඩැනියෙල්ගේ "සුළඟේ සෙවනැල්ල" පිටපත පමණක් ඉතිරිව ඇති බව පෙනේ. ඔහුගේ කුතුහලය ඉක්මනින්ම අතුරුදහන් වූ පොත්වලට සිදුවී ඇත්තේ කුමක්දැයි සොයා බැලීමේ මෙහෙයුමක් ආරම්භ කරයි. ඩැනියෙල් සොයාගන්නේ කුමක්ද ?
Read this book? Sign in to share a review with other readers.