


රුසියාවේ දේශපාලන පෙරළියක් අතරතුර කාලයේ ශාන්ත පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු වන රසුමොව්ගේ ජීවිතය වටා මෙම කතාව ගෙතී තිබේ. ඝාතනයකට වගකිව යුතු සෙසු ශිෂ්‍යයෙකු පාවා දීමෙන් පසු රසුමොව් ව රුසියානු රජය විසින් ඔත්තුකරුවෙකු ලෙස භාවිතා කරයි. අනෙක් ඔත්තුකරුවන් ගේ කතා මෙන් නොව, රසුමොව්ගේ කතාව කටුක හා ම්ලේච්ඡ එකක් බවට පත් වීමට වැඩි කලක් ගත නොවේ... විප්ලවයට කලින් රුසියාවේ පැවති දේශපාලනය එන පැත්තකින්ද, පොදුවේ ඔහුෂ්යයා මුහුණදෙන මානවීය අර්බුද තවත් පැත්තකින්ද මේ නවකතාවට සරු වස්තුබීජ සපයා තිබේ. ඇතැම් විප්ලවීය ආයාසයන් අස්සේ විටක සැඟවී පැවතිය හැකි මිනිස් දුර්ගුණ සහ අධම ගති මොන තරම් ඛේදනීය විය හැකිද යන කාරණය දෙස කොන්රඩ් හෙලන දෘෂ්ටිය සැබවින්ම මානවවාදී ය.
Read this book? Sign in to share a review with other readers.