


මා ඉන්දියාවේ වෙදකම සම්බන්ධ කටයුතු කරන අතරම ජ්‍යොතිශ් ශාස්ත්‍රය ද ටිකක් ඉගෙන ගතිමි. එහෙත් එය ප්‍රසිද්ධ වශයෙන් භාවිතා කළේ නැත. මාගේ ගුණවත් භාර්යාවගේ මරණයෙන් මේ ශාස්ත්රයේ තිබෙන සත්‍යතාවය මට අවබෝධ විය. එම නිසා මෙතරම් උසස් ශාස්ත්‍රයක් අඳුරේ තිබෙන්ට හැරීම යුතු නැතැයි මට වැටහිණ. දැනට එහි පළ ලැබීමට බැරි තරමට මෙය ව්‍යාකූල වී තිබේ. මේ ශාස්ත්‍රය බොරුවක් හැටියට, නැත්නම් බොරුකාරයින්ගේ වෘත්තියක් හැටියට නවීන උගතුන් යයි කියනු ලබන අය පිළිගෙන සිටිත්. ලෝකයේ කිසිම කලක, කිසිම රටක, කිසිම උගතෙකුට මෙය බොරු කළ නොහැකි විය. බොරු කිරීම පිණිසම ඉගෙන ගත් අය අන්තිමට එහි ගැත්තෝ වූහ. එම නිසා මෙය ඉගෙන ගෙන නියම පළ ලබනව දකින්ට කැමැත්තෙමි. හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ සිද්ධාලේප ඖෂධාලය, වල්පල - ඉමදුව, 28.11.1967
Read this book? Sign in to share a review with other readers.