


නීතියේ සහ නීතිය ක්‍රියාත්මක කරවන අයගේ නොයෙකුත් අඩු ලුහුඬුකම් හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය යම් ආකාරයක තර්ජනයකට ලක්වී ඇත. මත් කුඩු ජාවාරම්, සංවිධානාත්මක අපරාධ, කප්පම් ගැනීම් සහ ඉඩම් කොල්ල ආදිය මෙහිදී ප්රමුඛ ස්ථානයක් ගන්නා බව අද පැහැදිලි සත්‍යයක් වී ඇත. මේ සියල්ල සිදුවන්නේ විවිධ පාතාල කල්ලිවල නායකයන්ගේ සහ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ අභිමතය පරිදිය. සමාජයේ ජීවත් වන සාමාන්‍ය පුරවැසියෙකු පාතාලයෙකු බවට පත්වීම්, පාතාලයේ රජෙකු වීම සහ ඔහුගේම රාජධානියක් ඇතිකිරීමත්. අවසානයේදී තවත් පාතාලයෙකු අතින් ඔහුගේ ඉරණම විසදීමත්, රාජධානිය බිඳවැටීමෙන් පසු ඔවුන්ගේ බිරින්දෑවරුන් මුහුණපාන ශෝචනීය තත්වයනුත් මෙහිදි අන්තර්ගතව ඇත. සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කොට ගෙන ලියා ඇති මෙම නව කථාව කියවන සියලුම පාඨකයින්ට පාතාලයේ ක්‍රියාකාරකම් ගැනත්, ඔවුන් සියලු දෙනාටම අත්වන අවාසනාවන්ත ඉරණම ගැනත් යම් ආකාරයක දැනුමක් ලබා ගැනීමට මෙම ග්‍රන්ථය උපකාරි වනු ඇත.
Read this book? Sign in to share a review with other readers.