


මෙය මාලන් බ්රැන්ඩෝගේ කථාවයි. එය ප්‍රකාශයට පත් කිරීමට හේතුව ඔහුගේම වචන වලින් කියැවෙන්නේ මෙසේයි. ''මගේ ජීවිතය යනු පෞද්ගලික කාරණාවක් බවත්, ඒ ගැන දැන ගැනීම මගේ පවුලේ හා මා ආදරය කළ අය හැරුණු විට අන් කිසිවකුගේත් රාජකාරියක් නොවන බවත් මම සැමවිටම සිතුවෙමි. යම් දේශපාලන හෝ සදාචාරාත්මක ගැටලු පිළිබඳව මා කථා කළ ද, මගේ මෙන්ම මගේ දරුවන්ගේ ද සුබසිද්ධිය තකා නිහඬව සිටීමට මම සැම විටම උත්සාහ කළෙමි. එහෙත් 70 වන වියේ දී මගේ කථාව. මට හැකි පමණ හොඳින් කීමට මම තීරණය කළෙමි. ඒ අනුව මෙතෙක් මා පිළිබඳව පතුරුවා ඇති සියලු මිථ්‍යාවන් අතරින් සත්‍යය තෝරාගැනීමට මගේ දූ දරුවනට හැකියාව ලැඛෙනු ඇත. අද වන විට මාලන් බ්‍රන්ඩෝ පිළිබඳව දුසිමකටත් වඩා පොත් ප්‍රමාණයක් ලියැවී ඇත. ඒ සියල්ල අසත්‍ය තොරතුරුවලින් ගහණය. ඒවා හුදු ආන්දෝලනයක් ඇතිකිරීම අරබයා ගොතනු ලැබූ අශ්ශීල ගණයේ ප්‍රවාද සේ සැලකිය හැකියි.” අද, එනම්; සිය ප්‍රථම වේදිකා රංගනය ඉදිරිපත් කොට වසර 50කට පමණ පසු, අපේ යුගයේ විශිෂ්ටතම නළුවා සිය ජීවිත කථාව රොබට් ලින්ඩ්සේගේද සහාය ඇතිව ප්‍රකාශයට පත්කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අසාමාන්‍ය ග්රන්ථයක් බිහි වී ඇත. ඇතැම් විට හාස්‍ය ජනක, ඇතැම්විට සංවේදී එමෙන්ම සිත් ඇඳබැද ගන්නාසුලු ආකාරයකින් හා විවෘතව හා අවංකව හෙතෙම සිය වෘත්තීය හා පෞද්ගලික ජීවිතය හෙළි කරයි. ඔහුගේ පැහැදිලි කිර්ම ඇතැම් විට කෝපාවිෂ්ට වූත්, අපහාසාත්මක වූත් එමෙන්ම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නා වූත් ස්වරූපයක් පිළිබිඹු කරයි. කවර දාක හෝ බ්රැන්ඩෝගේ චිත්‍රපටයක් නරඹා රස විඳ ඇති ඕනෑම අයෙකුට මෙම පොත ඉමහත් වූ ආස්වාදයක් ගෙන එනු නොඅනුමානය.
Read this book? Sign in to share a review with other readers.