


සිංහල ගම සරුසාර වූයේ පන්සලත්, ගුරු ගෙදරත්, වෙද ගෙදරත්. ලියන ගෙදරත් හිසාය. රයිගම් කෝරළයේ දිවලකඩ ගමේ උපන් ශ්‍රී ලංකාවේ සුප්‍රකට ලේඛකයෙකු හා ව්ශිෂ්ට ජනමාධ්‍යවේදියෙකු වූ ගුණදාස ලියනගේ මහතාගේ සහ පර්ණිත අධ්‍යාපනඥවරියක මෙන්ම ලේඛිකාවක වූ චන්ද්‍රලතා ලියනගේ මහත්මියගේ කාර්යබහුල නිවහන වූයේ "ලියන ගෙදර" යි. එහි උපන් චේතනාද, දෙමාපියන්ගෙන් උරුම කොටගත් නැණ නුවණට ස්වකීය බුද්ධි ප්රභාවද මුසු කර ගනිමින් දැන් සිංහල පාඨක ලෝකයටද පිවිසෙන්නීය. "ගුලි” යන අපරනාමයෙන්ද හැඳින්වුනු ලියනගේ මහතා තමාටම උරුම වූ චින්තන ධාරාවක්ද, ලේඛන ශෛලියක්ද තිබූ අභිමානවත් ලේඛකයෙකි. සිය පියාණන් රුපියල් සත සොයා සිය ආත්මය කැප නොකළාසේම, චේතනාද වෙළෙඳ දැන්වීම්වලින් ලැබෙන මුදල්වලට සිය රූප කාය හෝ හඬ පෞරුෂය හෝ නොවික්කාය. ඇය සිය ළමා කාලය මෙන්ම නව යොවුන්වියද සිය දෙමාපියන් සහ සහෝදර සහෝදර්යන් සමග ගත කළ හැටි, මනා කෙටි කතා ශෛලියකින් මෙහි විස්තර කොට ඇත්තේ ඉතාමත් රසවත් ලෙසය. මේ කතා එක හුස්මට කියව්ය හැකි තරම් ආස්වාදජනක වෙයි.ප්රවෘත්ති නිවේදිකාවක ලෙස දශක දෙකක් ප්‍රේක්ෂකයන් අතරට ගිය චේතනා. ඉන් වසර දහයක් සතියේ දින පහේම ප්රවෘත්ති ඉදිරිපත් කර ඇත්තේ,මෙරට එසේ ප්රවෘත්ති ඉදිරිපත් කළ ප්‍රථමයා වෙමින් ය. මෙහි සඳහන් ප්රවෘත්ති නිවේදනය සම්බන්ධ චේතනාගේ අත්දැකීම් එම වෘත්තියට පිවිසෙන ආධුනිකයන්ට වටිනා අත්වැලක් සපයයි. චේතනාගේ ලේඛන කුසලතාවද අනාගතයේදී තවදුරටත් මල්පල ගැන්වෙනු ඇතැයි සිතම්. මහාචාර්ය ජේ. බී. දිසානායක
Read this book? Sign in to share a review with other readers.