


මේ වන විට ප්රජාතන්ත්රවාදය, මානව අයිතිවාසිකම් පිළිබඳ සමාජය තුළ මතුව ඇති කතිකාව ප්‍රබල වී තිබේ. සමාජ සාධාරණත්වය, ප්රජාතන්ත්රවාදය, මිනිස් අයිතිවාසිකම්, ජාතික සමගිය මූලික කරගත් පුළුල් බහුන ව්‍යාපාරයක්, ජනතා ව්‍යාපාරයක් සඳහාද කතිකාවක් විවිධ වමේ හා ප්රගතිශීලී දේශපාලන පක්ෂ සහ සංවිධාන අතර පවතී. සිංහල දෙමළ ජනතාවන් අතර තිබූ විරසකය ඇත්තේ ක්‍රමිකව අඩු වී යමිනි. මෙම තත්වය ජාතික ගැටලුවට ප්රජාතන්ත්රවාදී හා සාධාරණ විසඳුමක් ලබාදීමටත් රට බෙදීමේ අනතුර තුරන් කිරීමටන් හැකි වාසිදායක තත්වයක් බිහිකර තිබේ. එම වගකීම පැවරි තිබෙන්නේ වමේ හා ප්රගතිශීලී බලවේගයන් මතය. එබැවින් ලංකාවේ පැවති හා තවමත් පවතින ජාතික ගැටලුවේ නන්‍යායික පසුබිමත් එය පසුකර ආ එක් එක් ඓතිහාසික තත්වය තුළ එය සමාජයට කළ බලපෑමත් පිළිබඳ මෙම කෘතියේ අඩංගු දැනුම හා උගැන්වීම් ජාතික ගැටලුව නිවැරදිව විසඳා ගැනීම සඳහාන් නව ගැටලු ඇතිවීම වළක්වා ගැනීම සඳහාන් තවමත් වැදගත් වේ.
Read this book? Sign in to share a review with other readers.