


අර්නස්ටෝ චේ ගුවේරාගේ 'බොලිවියානු දිනපොත 1968 සිට 2009 දක්වා වූ වසර 41 ක් තුළ ලොව විවිධ භාෂාවන්ගෙන් සංස්කරණයන් 330ක් ඉක්මවා ප්‍රකාශයට පත් වූ චිරප්රසිද්ධ කෘතියකි. 1967 ඔක්තෝබරයේ බොලිවියානු හමුදාවේ ග්‍රහණයට පත්ව, අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ අනුදැනුම මත ඝාතනයට ලක් වූ මෙම අභීත විප්ලවවාදියාගේ උර මල්ලේ තිබී හමු වූ මෙය චේගේ අවසන් දිනපොත ලෙස ඉතිහාසයට එක්වේ. මුල් සංස්කරණවලට ඇතුළත් නොවූ පිටු කිහිපයක්ද ඇතුළත්කොට ඔහුගේ බිරිඳ වු අලෙයිදා මාර්ච් විසින් සකස් කරන ලද වේව්ගේ බොලිවියානු දිනපොත ඇමෙරිකානු ආක්රමණික යුද්ධයෙන් හෙම්බත් වූ වියට්නාමයට අතහිත දීම සඳහා සමස්ත දකුණු අමෙරිකානු මහද්වීපය පුරා විප්ලවයක් දියත් කිරීමට වේ ගත් පරමාදර්ශී උත්සාහයේ අත්‍යන්ත උරුමය ලෙස කීර්තියට පාත්‍ර වී ඇත.
Read this book? Sign in to share a review with other readers.