


සදිෂ්ගේ මෙම ග්රන්ථය කියවන විට මට සිහිපත් වූයේ සාරාමදිගේ කවියක එන 'මගේ ගමන ඉතිහාසය සමග පමණි; සිදුවීම් සමග නොවේ . යන ප්රකාශයයි සදීෂ්ගේ දෙපා ගමන් කරන්නේ ද ඉතිහාසය සමගය. ශතවර්ෂ දෙකක් පුරාවට ශ්රී ලංකා ද්වීපයේ කඳුකර සීත කලාපයක කය වෙහෙසවමින් ජීවත් වන ඉන්දියානු දෙමළ ජනතාව මෙරටට පැමිණීමට බලපෑ සාධක, පැමිණි පසු මුහුණ දීමට සිදු වූ අනුවේදනීය අත්දැකීම්, ඔවුන්ට පුරවැසිභාවය හා ඡන්ද හිමිකම අහිමි වීම, ඉඩම් ප්රශ්න වලට මුහුණ දීම ආදී කරුණු පියවරෙන් පියවර ඉදිරිපත් කරමින් එම ජනයා හා බැඳුණු ඉතිහාසයේ අවධින් රැසක් තම ග්රන්ථය මගින් නිරූපනය කිරීමට කතුවරයා ගන්නා ප්රයත්නය පැසසුම් කටයුතුය. තෙලිවත්තෛ ජෝෂප් මානව වර්ගයාගේ ඉතිහාසය පිරී තිබුණේ අරගල වලින් සහ ප්රතිවිරෝධතා වලින් වුවත් මිනිස් ජීවිතය සෘජුව නඟා සිටුවීමට ඉවහල් වූයේ එම අරගල ම බව සඳහන් කිරීමට මෙහි කතුවරයා අමතක නො කරයි. තවමත් තම මූලික අයිතිවාසිකම් පවා අහිමිව, සීත කඳුකරයේ දළඹුවන් සේ දඟලමින් දුකසේ දිවි ගෙවන මෙරට වතු කම්කරු ජනතාවට සාම්ප්රදායික වහල් චින්තනයෙන් මිදී විකල්ප චින්තනය වැළඳගන්නැයි කතුවරයා හඬ හා පවසනු මෙය කියවන විට අපට ද ඇසෙයි. ඇන්තනී ජීවා
Read this book? Sign in to share a review with other readers.