


'A MASTER OF CHEKHOVIAN IRONY NARAYAN'S MALGUDI IS A METAPHOR, NOT OF INDIA, BUT OF THE WORLD' WASHINGTON POST ගම්බද දෙමාපියන් යටතේ චාම් ජීවිතයද, භගවත් ගීතාවේ ආභාෂයෙන් ආගමානුකූල හැදියාවද, මහාත්මා ගාන්ධි තුමාගේ ඇසුරෙන් ජාත්‍යාලය ද ඇති කරගන්නා ජගන්, ජාතික ව්‍යාපාරය, උද්ඝෝෂණ, රෝහල හා සිපිරි ගෙය හරහා රස කැවිලි වෙළඳාමකට බැස, සාධාරණව උපයා නගරයේ හොඳ නමක් ඇති කර ගනී. සිදාදියේ කොලීජියක අධ්‍යාපනය එපාවී ඇමරිකාවේ මනෝලෝකී විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා හරක් මසටත් පුරුදුව සුදු කෙල්ලකද සමඟ ගෙදර එන මාලි ඉන්ද්‍රජාලික කථා කර්මාන්ත ශාලාවක් අරඹන්නට සැලැසුම් ඇඳ සිරගෙදරට යයි. තම සුපුරුදු උපහාස රසය ලියන හැම වගන්තියකටම හිමින් සීරුවේ කවන නාරායන්,මේ පිය - පුතු දෙදෙනාගේ කතාව, පැරණි පන්නයේ ගෙයක්, මුද්‍රණාලයක්, පාසලක්, කඩවීදියක්, රස කැවිලි සාප්පුවක් සහ නටබුන් කෝවිලක් හරහා ප්‍රධාන චරිත කීපයක් ඇතුළු අනු චරිත ගණනාවක් යොදමින් ඉදිරිපත් කරන මේ සක්චරිතමය ඉංග්‍රීසි ප්‍රබන්ධය, තම සුපුරුදු සරල සුගම ශෛලියෙන් සිරිල් චන්ද්‍ර සේකර ගුණවර්ධන සිංහලයට පෙරලා ඉදිරිපත් කරන්නේ පාඨක සිත් ඒ වෙත ආදරණීයව බැඳ තබා ගනිමිනි.
Read this book? Sign in to share a review with other readers.