


චූටි පුතේ ඔය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මීගස් කැපුවොත් මරණ දණ්ඩනෙ ලැබුණා. පස්සෙ ඉතිං ඔය සුද්දෝ 1833 කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණවලින් පස්සෙ අපේ ම මිනිස්සු ලවා මීගස් කප්පවලා ඒවට අවසරත් දීල තියනවා.'' කිරිඅම්මා කියවාගෙන යයි. ''ඔය මී මල් පිපෙන කාලෙටයි ගෙඩි හැදෙන කාලෙටයි වවුලන්ට රජමඟුල් වගේ. චූටි පුතේ ඔය වවුලො වැඩිහරියක් ඉන්නෙත් ඔය මිගස්වලනෙ'' ''......ඔය එක මී ගහකින් කුඹුරු අක්කරේකට පොහොර ගන්න පුළුවන් චූටි පුතා දන්නව ද? මේ මී ගහට කියන නම?'' ''නෑනෙ කිරිඅම්මේ'' ''ඕකට කියන්නේ 'ජාතියේ පොහොර ගස' කියලා. විශ්ව විද්‍යාලවල හිටියට මේවත් ජීවිතේට වැදගත් වෙන දේවල් චූටි මහත්තයෝ''
Read this book? Sign in to share a review with other readers.