


මිනිසාගේ අධිතාක්ෂණික විප්ලවය සමස්ත විශ්වයම ඒකීය කේන්ද්‍රයකට හකුළුවමින් සිටී. එබැවින් ලොව ඕනෑම රටකට පා තැබීමට ගත වන්නේ මිනිත්තූ කිහිපයකි. එසේ නැතිනම් හෝරා කිහිපයකි. එසේ සැණෙකින් විදෙස් රාජ්‍යයකට සම්ප්‍රාප්ත වන ඔබට එහි ආගන්තුක ජන ප්‍රජාව හා සාර්ථක සන්නිවේදනයක් ඇතිකර ගැනීමට ක්‍රමවත් භාෂා ඥානයත්, මනරම් වාග් චාතූර්යයත්, අත්‍යවශ්‍ය මෙවලමකි. විවිධ අවශ්‍යතා හේතුවෙන් යුරෝපීය රාජ්‍යයක් වන ඉතාලියට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන සැමට ඉතා කෙටි කාලයකින් ඉතාලි භාෂාව පිළිබඳව නිරවුල් අවබෝධයත්, නිවැරදි උච්චාරණ අලංකාරයත්, ඔප් නැංවීමට මේ කෘතිය අත්‍යන්තයෙන්ම උපකාරී වේ. කවරයේ ඇති QR කේතය Scan කිරීමෙන් මේ කෘතියේ ඇති සියලු පාඩම්වලට සවන් දීමට ඔබට හැකියාව ඇත.
Read this book? Sign in to share a review with other readers.