


මතුපිටින් බලනවට වඩා ඇතුළතින් ඔබට ‘තවත් කතා බොහෝමයක් කියන කෘතියක්’. විවිධ මාතෘකා ඔස්සේ ඔබව සිතීමට පොළඹවන කෘතියක්. ඒ වගේම ‘හෝ ලුසී ලුසී’ මගේ නිර්මාණ ජීවීතයේ සංකීර්ණ, මාව ‘ආදරය’ ගැන ගැඹුරින් සිතීමට පෙළැඹූ කෘතියක්. මේ කෘතියේ ප්‍රධාන චරිතය ගොඩනැගීම මට අනිත් කෘතීන්ට වඩා බොහෝ සේයින් අසීරූ වුනා. ‘එම චරිතය’ සිටි මානසික ව්‍යාකූල බව ඒ ආකාරයෙන්ම ලිවීමට අවශ්‍ය වූ නිසා මම මානසික රෝගීන්ව පවා මුණ ගැසුණු , ඔවුන් තොල් මුමුණන ආකාරය, ඔවුන් තමන් සමඟම සංවාද කරන ආකාරය පවා බලාගෙන සිටි අවස්ථා තිබුණා. විශේෂයෙන්ම එම චරිතය තුළ ජීවත් වෙද්දි මමත් මා සමඟම කතා කරන්න පෙළැඹුණා. මා ලියූ අනිත් හැම කෘතියකට ම වඩා මම ‘හෝ ලුසී ලුසී’ තුළ ජීවත් වුණා. මගේ බිරිඳ ‘ලුසී’ නමින්ම කෘතිය ලිවීම ආරම්භ කිරීම එය මට තවත් පහසු වෙන්නට ඇතී. ජීවීතයේ මුල්ම වතාවට ලේඛකයෙක් විසින් නොකළ යුතු දෙයක් මම කළා. කෘතියේ ප්‍රධාන චරිතය තුළ ජීවත් විය යුතු නිසාම මම මගේ මනස තුළ ‘ලුසී’ මිය ගිය චරිතයක් බවට පත් කළා. ලිවීම තුළ තිබෙන සුන්දරම දෙය ‘අපිට ඒ තුළ ජීවත් වීමට හැකිවීම’. හෝ ලුසී ලුසී ලියන කාලය තුළ මම ඒ තුළ ජීවත්වූ ආකාරය ගැන පුදුමාකාරයි. ඒවගේම සතුටුයි. එවන් ආදරයකින් සහ කැපකිරීමකින් තවත් කෘතියක් ලිවීමට හැකිවීම ගැන ඇත්තටම සතුටුයි. හෝ ලුසී ලුසී අද, මේ මොහොතේ සිට ඔබට බාරයි. මගේ හැම කෘතියකදී ම මා ඔබට කියනවාක් සේම, මට අදත් එක් පොරොන්දුවක් ඔබට දිය හැකියි. ‘හෝ ලුසී ලුසී’ අතට ගත් මොහොතේ පටන් ම ඔබ මෙම කෘතියෙන් ඇස් ඉවතට නොගනීවී. මම කෘතිය තුළ ජීවත් වූ ආකාරයට ම ඔබත් හෝ ලුසී ලුසී තුළ ජීවත් වේවී. තව එකක් ‘හෝ ලුසී ලුසී’ ජැකට් කවර් එකක්. ඒ නිසා වෙනසකුත් තියෙයි. – මුතුමුදලිගේ නිශ්ශංක
Read this book? Sign in to share a review with other readers.