


" අසමසම ජීවිතයක් " තුලින් ඔබ වෙත ගෙන එන්නේ මෑත කාලය තුලදී යුරෝපය , උතුරු ඇමරිකාව , ප්රමුඛ බටහිරින් බිහිවූ අලුත්ම පොත පත ඇසුරින් තෝරාගත් දැනුම් දෝතකි.මෙම කෘතියෙහි මුල් පරිච්ඡේදය ගලායන්නේ ජීව ලෝකයේ සම්භවය සහ මානව ඉතිහාසය හරහා ඔබේ ජීවිතයේ මූලාරම්භය සම්බන්දයෙන් වෙනස් කියවීමක් ඔබ වෙත සමීප කරවීම සදහාය.ජීවිතය සහ ලෝකය දෙස නව මානයකින් බැලීමට උපකාර වන තොරතුරු සහ ක්‍රමවේදයන් වෙනුවෙන් තවත් පරිච්ඡේද ගණනාවක් එක් කර ඇත. අවසන් පරිච්ඡේද කීපය වෙන්කර ඇත්තේ ඔබේම පෞද්ගලික අනන්‍යතාවය තුල ඇති අසමසම ස්වභාවය වෙත ඔබ කැඳවා ගෙන යමින් ඔබේ ජීවිතයේ යහපත් වෙනසක් ඇතිකරනු පිනිසය. අසමසම ජීවිතයක් හරහා ලෝකය සහ ජීවිතය විනිවිද දකින්නට නව කවුළු විවර වෙමින් ඔබේ දිවියෙහි තීරණාත්මක සහ සාධනීය වෙනසක් සිදුවනු ඇතිය යන්න මෙම කෘතියෙහි කතුවරයා මෙන්ම සූරිය ප්‍රකාශන ආයතනයේද ඒකායන අපේක්ෂාව වන්නේය. ළමා කාලයේදී ඔබ සිහින දුටු වැඩිහිටියා ඔබම වෙන්න.... කොළඹ පුරානය, කොළොම්පුර රාජධානිය යන කෘතී ද්ව්ත්වයෙහිම කතුවර සමන් කළුආරච්චි විසින් කල අගනා කෘතියකි.
Read this book? Sign in to share a review with other readers.