


ලොව පුරා ඇතැම් ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂාවට තර්ජනයක් වෙමින් පවතී. මෙම අන්තවාදී කණ්ඩායම් ආගමික හා සමාජ වෛරය පතුරවන ප්‍රකාශ කරමින් හා දේශන පවත්වමින් ඒ තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා සිය සාමාජිකයන් පොළඹවමින් සමාජ හා දේශපාලන අස්ථාවරභාවයක් ජනිත කරවීමට ක්‍රියා කරයි. ඔවුනගේ මෙම රැඩිකල් මතවාදයන් හා සමාජ විරෝධී ක්‍රියාකාරකම් ඇතැම් ආගමික සංස්ථා වලට ද සමහර අධ්‍යාපන ආයතන තුළට ද ඩිජිටල් ක්‍රියාකාරකම් තුළට ද පිවිස ඇත. 2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරයේ පසුබිම මෙම කෘතිය තුළින් ගැඹුරු සාකච්ඡාවකට බඳුන් කරයි. අයි.එස්. ත්රස්තවාදයේ ආරම්භය නැඟීම හා පැතිරයාම ද එහි බලපෑම තුළින් ලෝකයේ සහ අප රටෙහි ද ඇතැම් කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතිවීම ද එම කණ්ඩායම් වල්ල කරන මිනීමරු ප්‍රහාර වලට අනාගතයේ දී අප මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ද ගැඹුරු කතිකාවකට මහාචාර්ය රොහාන් ගුණරත්න මෙම කෘතිය තුළින් වැදගත් ආරම්භයක් ලබා දී ඇත. Sri Lanka's Easter Sunday Massacre Prof. Rohan Gunaratna
Read this book? Sign in to share a review with other readers.