


සෙයිතාන් විසින් පාපයට පොලඹවනු ලදුව ස්වර්ගයෙන් පලවා හළ ආදම්ද අවාසනාවත් ගැහැනිය ඒවාද මිහිමත සලකුණු කළ පාසටහන් සොයා යේමනයේ ඒඩ්න් වරායෙන් නැව් නැගී ඔහු සෙරන්ඩිබයට ආවේය. අඳුර හා ආලෝකය සම්මුඛ වන සෙරන්ඩිබ අවකාශයේදී ෂෙයීක් අල් කදීර් නම් වූ ඔහු බිලිගත් සර්පයාත් සෙයිතාන්මද? සෙරන්ඩිබයේ මිනිසුන් අතර මුනිවර ඇසුර ලද කදීර්ද සියවස් ඇවෑමෙන් මුනිවරුන් අතැර ගිය බිමෙන් උපුටා හළ කදීර්ගේ මතකයද අගත අනගත දනන් අතර ක්ෂුද්ර බෝවිටියා මල්ව පිපුණේය. ඒ කතාව දේශපාලනිකය. ආදම්ගේ සමයේ සිට ගෙතී තිබූ සියලු කතා දේශපාලනිකය. අත්හැරීම හා අල්ලාගැනීම පිළිබඳ කතාවද එසේමය.
Read this book? Sign in to share a review with other readers.