


දහනව වන සියවසේ මුල් භාගය වන විට ලක්දිව රජ කිරීමේ වරම පැවතියේ ඉන්දියානු නායක්කර් වංශය නොහොත් වඩුග පෙළපත වෙතය. එම වකවානුවේ මෙරට මුහුදුබඩ පළාත් පාලනය කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. වඩුග ආධිපත්‍යයෙන් සිංහලේ ගලවාගැනීම උදෙසා ඇහැළේපොළ අදිකාරම් යුද ප්‍රකාශ කරන්නට කැස කවමින් සිටියේය. අනෙක් අතට, සෙංකඩගල පුරය ආක්‍රමණය කරන්නට උනන්දුවෙන් සිටි ඉංග්‍රීසීන්ගේ අතකොලුවක් ලෙස සැලකුණු ඇහැළේපොළ පාර්ශ්වය වනසා දැමීම සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිඹුරුපත් සකසමින් සිටියේය. මේ දෙපාර්ශ්වයම පෙනී සිටියේ එකිනෙකාගෙන් ‘රට-ජාතිය ගලවා ගැනීමේ’ යුග මෙහෙවර සඳහාය. අළු යට ගිනි පුපුරු මෙන් රදලයන් අතර යුද්ධයක් ඇවිළීමට හේතු කාරණා මතුවෙමින් පවතින අතරතුර, ඇහැළේපොළ අදිකාරම් යටතේ පැවති සබරගමුවේ එක් ගම්මානයකට දළ ඇතෙක් කඩා වැදුණේය. මේ ඒ හස්තියා පිළිබඳ කතාවයි.
Read this book? Sign in to share a review with other readers.