


" අර සුද්දා උඹත් එක්ක කතා කරන්න කැමැතියිලු ” ටික වෙලාවකින් කාන්ති වෙත පැමිණි හෝටල් සේවකයා කී ය. " තමුසෙ ලෑස්ති සුද්දාට මාව පංගාර්තු කරලා ගාණක් කොටා ගන්නදැ" යි ඇය ඇසුවේ නැත. ඇය ඔහු දෙස රවා බලා දිවගොස් සිය මිතුරියනට එක්වූවා ය. " ඌ උඹට කැමති ඇති. පලයන් යකෝ. ගිහින් ගාණක් කොටාගෙන වරෙන්. උඹ කෙල්ලක් නොවෙයිනෙ. ඇරත් අපි හිඟන්නියොනෙ බං" රූපවතී කීවා ය. "ඉතින් උඹ පලයකො මට කියන්නෙ. උඹට ඕවා පුරුදුයිනෙ" කාන්ති දෙවුර ගස්සමින් කීවාය. "මේකි කතා කරන්නේ හරියට පත්තිනි අම්මා වගේ. ඌ මං දිහා බලන් නෑනෙ. බැලුවා නම් මං එක පයින් ගිහිල්ලා."
Read this book? Sign in to share a review with other readers.