


" මැලෝරි ටවර්ස් බාලිකා විදුහල - 3 * යනුවෙන් සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට පරිවර්තනය වූ මෙම නවකතාව ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වූ ඉනිඩ් බ්ලයිටින් ගේ "මැලෝරි ටවර්ස් ' කතා පෙළේ තුන් වැන්න වන "THIRD YEAR AT MALORY TOWERS" නමැති රසවත් නව ප්රබන්ධයයි. මෙය ද, මෙම කතා පෙළේ මුල් කෘති දෙක මෙන්, ශිෂ්‍යාවන්ගේ ජීවිතයේ විවිධ විචිත්‍ර අත්දැකීම් ඉතා රසවත් ලෙස විදහා දක්වන්නකි. "කතාන්දර කීමේ රැන” ලෙස හඳුන්වනු ලබන ඉනිඩ් බ්ලයිට්න් ගේ "මැලෝරි ටවර්ස් " කතා පෙළ හැදී වැඩී ගෙන එන බාල පරපුරට සාහිත්‍ය රසයත් මනෝ විද්‍යාත්මක වටිනාකමකින් යුත් ආදර්ශයත් නොමද ව ගෙන දෙන්නා වූ, ලොව වැඩියෙන් ම විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ ළමා පොත් පෙළ ලෙස ද හඳුන්වා දිය හැකි ය.
Read this book? Sign in to share a review with other readers.