


බුදු හාමුදුරුවනේ යුද්ධය කොළඹට ගේන්න බැරි ඇයි? අපේ ගම්වල මිනිස්සු මිනිස්සු නෙමෙයි ද? පාලකයන්ට අපේ ගම් මායිම් ගම්, මිනිස්සු මායිම් ගම් වැසියෝ. අපි කාටද මායිම් වුණේ? අපි මායිම් ගම් වැටේ පෑමට එල්ලලා උන් කොළඹ රටේ සීත කාමරවල බාල් කනව, ත්රස්තවාදියෝ මෙහෙ නිරායුධ අහිංසක මිනිස්සු හිරිකනයි වගේ කපා කොටා මරා දමනව බෝම්බ ගහලා මස් වැදලි කඩාගෙන යනව. සමහර උන් අබ්බගාත වෙනව ජිව්තය බේරාගන්න උන් අනාථ කඳවුරු ඇතුළේ අපාදුක් විඳිනව ඔබ වහන්සේට ඒවා දිහා බලාගෙන ඉන්න පුළුවන් ද? යුද්ධය කොළඹට ගේන්න බැරි නම් නතර කරන්න බැරි ඇයි? කොළඹ රටේ මිනිස්සු මැරෙනවට මාත් කැමති නෑ. ඒත් යුද්ධය නතර වෙන්නේ කොළඹට ගියොත් විතරයි. ඒක ඔබ වහන්සේ කෙරෙහි මගේ හිතේ තියෙන විශ්වාසය තරම් මහා විශාල එකක්. වීරවිජය ගුණසේකර
Read this book? Sign in to share a review with other readers.