


සන්නිවේදන ක්රමෝපායක් ලෙස ගීතයට මානව සමාජය තුළ ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය මානව ඉතිහාසය තරමටම පැරැණි වේ. විවිධ තොරතුරු, අදහස් හා හැඟීම් සන්නිවේදනය කිරීම සඳහා ගීනය භාවිත කිරීමේදි ඉන් මානව සමාජය තුළ ඇතිවන්නා වූ ආකර්ෂණය හා අනුප්‍රාණය ප්‍රබල වේ. " අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ " කෘතිය ලෝකයේ පුරවැසි අරගලයන්ගේ ව්‍යාප්තිය, ජීවගුණය හා අනුප්‍රාණය සඳහා සන්නිවේදනාර්ථයෙන් ගීතය කුමන ආකාරයේ බලපෑමක් සිදු කළේද යන්න සියුම්ව සොයා බැලීමකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ ප්‍රකට ගෝල්ෆේස් අරගලය කේන්දු කරගෙන මේ කෘතිය සම්පාදනය කර තිබේ. කෘතියේ කතුවරයා වන කපිල එම්. ගමගේ දශක 3කට වඩා ජනමාධ්‍ය ක්ෂේත්රයේ සක්‍රීය ජනමාධ්‍යකරුවෙකු ලෙසත්, කළමනාකරුවෙකු ලෙසත්, පර්යේෂකයෙකු ලෙසත් කටයුතු කර ඇත්තෙකි. වර්තමානයේ ඔහු ජන සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස සිය වෘත්තීය ජිවිතය ගත කරයි.
Read this book? Sign in to share a review with other readers.