


අනස්ටෝ චේ ගුවේරා, විමුක්තිවාදී දේශපාලන ඉතිහාසයේ සදානුස්මරණීය පරිච්ඡේදයකි. අසහාය විප්ලවවාදියෙකු සහ වික්‍රමාන්විත ගරිල්ලා නායකයෙකු ලෙස ඔහුගේ ජීවන ප්‍රවෘත්තිය ඉතා ප්රකටය. එහෙත්.... ඔහු සම්බන්ධයෙන් මෙතෙක් හරි හැටි හෙළි නොවූ කුහුල දනවන තවත් තොරතුරු බොහෝමයකි. මාධ්‍යවේදී සාගරිකා දිසානායක, 'චේ ගේ පෙම්වතියෝ නම් මෙම කෘතියෙන් චේ ගුවේරා ගේ අප්‍රකට ජීවිතයේ අතිශයින් ම සංවේදී සහ අනුවේදනීය දොර කවුළුවක් විවර කර ඇත. චේ ගුවේරා සමග ප්‍රේමයෙන් බැඳුණු කාන්තා චරිත හතරක් ඇසුරුකොට ගනිමින් අරගලයක ප්‍රේම රිද්මය සිංහල පාඨක ලෝකයට හඳුන්වා දීමට කතුවරිය ගෙන ඇති උත්සාහය ප්‍රශස්තය.
Read this book? Sign in to share a review with other readers.