


මට ඉතිරිය සම්පුර්ණ කරන්න නොදී ඔහු මා සිප ගත්තේය. එය බලහත්කාරකමත්, පිරිමිකමේ දඩබ්බර බවත් මුසුවූ සිප ගැනීමකි. මෘදු බවත්, දැඩි බවත් මුසු වූ සිපගැනීමකි. ආධිපත්‍යයත්, යටත් වීමත් මිශ්‍ර වූ සිපගැනීමකි. අනුමැතියත්, ප්රතික්ෂේපයත් හිමි වූ සිප ගැනීමකි. මාගේ මුහුණ දෙපසින් පිහිටුවා තිබූ ඔහුගේ ශක්තිමත් දෑත් යම්කිසි පාලනයක රළු බවකුත්, ආරක්ෂාවක හැගීමකුත් ගෙන ආවේය. ඔහුගේ හොඳින් වැඩුණු ශරීරය ඉදිරියේ මා පරඬැලක් මෙන් දියවී යනු මට දැණුනි. ඔහුගේ දැස්වලින් නිකුත් වූ සල්ලාල දීප්තිය ප්‍රථමයෙන් වැඩිවන ආකාරයත්, ඔහුගේ දෙතොල්වල තෙරපුම ක්‍රමයෙන් තීව්ර වන ආකාරයත් මට දැණුනි. මුලින් ඇති වූ මාගේ ප්රතික්ෂේපය පසුව අනුමැතියක් බවට පත්වන ආකාරය අත්විදමින් සිටි මම, එකී අනුමැතිය බලෙන් ඉවත් කරගෙන වහා පසකට වුණෙමි. ඉන්පසු ඔහුට වේගවත් කම්බුල් පහරක්... " තමුසෙට ලැජ්ජ නැද්ද?" මම කෝපයෙන් පැවසුවෙමි. ඒ පවසනා ගමන්ම මා කෝප ගත්තේ ඇයිදැයි සිතාගත නොහැකිව නන්නත්තාර වූවෙමි.
Read this book? Sign in to share a review with other readers.