


මම අනුරාධ්‍යා පැහැසරණි. යාලුවන්ට මම සරා. එක විශේෂ කෙනෙක්ට මම... වහ්! ඒක හරියන මගුලක් නෙමේ. කවුරුත් නොදන්න අන්ධකාර ලෝකෙට මම.. ම්ම්ම්... ඒක මෙහෙම කියල වැඩක් නෑ. කියවලම ඕන දැනගන්න. ආදරේ? මම??? පිස්සු හැදෙයි. විස්වාස කරන්න අනේ ආදරේ වේදනාවක් කියල පුරාණ පඬිවරු කොස්කොළ වල පවා ලියල තිබ්බෙ බොරු නෙමේ. කවුරු කාට කොහොම කරත් ආදරේ එන්නෙම විරහව, අහිමිවීම් අතේ තියන්. අනික මට ඔය සියුමැලිව හැසිරෙන එක පොඩ්ඩක් මුල සිට සරලව ඉගෙනගන්නැතුව අමාරුයි. හැබැයි මෙහෙමයි... මගේ අනාගත බලාපොරොත්තුව? හරකෙක් උනානම් ඔය මොකුත් නෑනෙ අනේ පාඩුවෙ තණකොල ටිකක් උලාකාගෙන හිටියා. ඒත් තණකොල එච්චර රහ නැහැ, චැහ්! ම්ම්ම්... මාශල් ආට්ස්? ඔව් ඒකත් නවත්තන්න බෑ. ඒ ගමන් ප්‍රේමයෙන් පැරදිච්ච පෙම්වතු - වතියන්ට ජීවිතේ ජයගන්න මෝටීන් කරන බිස්නස් එකක් පටන් ගන්නවා. ඊට පස්සෙ සල්ලි ගොඩක් හොයලා ඇමරිකාවටත් ණයට සල්ලි දෙනවා. ඔව් එහෙම තමා මං හිතන් හිටියේ... හැමදේම මටත් නොදැනී වෙනස් වෙනකම්. "සරා!" “ෆෝකස් සරා ෆෝකස්!!!”
Read this book? Sign in to share a review with other readers.