


සැබවින් මේ විශ්වයේ සයුරංගනා ට තිබෙන ලොකු ම සතුට රෝස බෝනික්කියයි. දියණි එසඳි මැණිකයි. ඇය කේන්ද්‍ර කොට ගත් විට අන් සියල්ල සතුටකට පෙරලා ගන්නට පිළිවන. ට්‍රයිඩැක්ස් මල් පෙත්තක පවා, රෝස පාට පවුඩර් මලක් වන් මිමෝසා රේණුවක පවා, පහළ වෙල ළඟ දං පඳුරු වසා වැවී මල් පිපෙනා මෝනිං ග්ලෝරියා දම් පැහැයක පවා සතුටක් දකින්නට පිළිවන. සයුරංගනා ගේ මූණේ සිනහවක් නැති වෙලාවක් නැතැයි මල්කාන්ති නිතර ම කියයි. මල්කාන්ති යනු ඉස්සරහා ගෙදර යශෝදර ගේ අම්මා ය. ඒ මන්දහාසය සයුරංගනා ගේ ආරක්ෂිත පළිහයි. සැබෑ මුහුණ ආවරණය කරනා වෙස් මුහුණයි. වචන කෝටි ගණනකින්වත් පැහැදිලි කරන්නට නො තේරෙන ගොරතර වනාන්තරයක බියකරු පාළුවත්, අගාධ අදුරක අනන්ත හිස්කමත් වසා ගෙන සර්ව සම්පූර්ණ පතිණියක සේ ඇය ලෝකයට මූණ දෙන්නේ මේ සිනහව පළන්දා ගෙන යි.
Read this book? Sign in to share a review with other readers.