


රාත්රිය පිනිබර විය. ගහ කොළ, රෑ බෝ වී නැගෙනහිරින් පෑයූ සඳ එළියේ ගොළු අවතාර පරිද්දෙන් පිදුරු මඩුව වට කොට එස වී තිබිණි. හෝහපුටු වදය තිබුණ ද නැදුන්ගේ බර නින්ද නොබිඳිණි... ඉරිමා උදේ යාන්තමින් දුඹුරුවන් ආලෝකය අඳුර තුනී කරන්නට පටන් ගනිත් ම නැදුන් අවදි වූයේ ය. කොබෙයියකුගේ ස්වරයට අනතුරුව කුකුළන් එකා දෙන්නා හඬලනු ඇසිණි. දෑස් විවර කරත් ම සුදු පිරුවටයක් පරිද්දෙන් හාත්පස මීදුම ගලා ඇති අයුරු ඔහු දුටුවේ ය. වකගැසී ගත් ගමන් පොඩ්ඩී සිටියේ නිදමිනි. සීත ද, කයෙහි පිබිදුණු ස්වභාවය ද ඔහු ඈ උණුසුම් සිරුර වෙත ළං කෙරිණි.
Read this book? Sign in to share a review with other readers.