


" අහම්බකාරක නිසා ජීවිතේ නියත සත්‍යයන් කියලා විශ්වාස කරගෙන ඉන්න දේවල් පවා ක්ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්." දේව් "මිනිස්සු සතුටින් ඉන්න කොට මූණෙන් විතරක් නෙවෙයි. වචන වලිනුත් හිනාවෙනවා. මුණෙන් සතුට මවාපාන්න පුළුවන් හැබැයි වචන වලින් සතුට මැවෙන්නේ ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්න වෙලාවට." නිතූ "අපි හැමෝගෙම ඇතුළෙ ඉන්නවා හැංගුණ මිනිහෙක්. ඒ හැංගුණ මිනිහා සදාකාලික රහසක් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ අපිටත් වඩා අපේ ළඟින් ඉන්න මිනිස්සු." සුලක්ෂණ "සමහර දේවල් අපිට ඕනා ඒක ලැබෙනකම් විතරයි. සමහර දේවල් ලැබුණට පස්සේ අපිට තේරෙනවා කොහොම හරි ලබා ගන්න හදපු ගොඩක් දේවල් ඇත්තටම අපිට ඕන දේවල් නෙවෙයි කියලා." මදාරා
Read this book? Sign in to share a review with other readers.