


"කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්, ප්‍රේමය මට නැති නම් මම හිස් තැනැත්තෙක්මි." ආත්මීයයන් දැනෙන්නේ ඇතුල්වනවාට වඩා පිටවන විටදීය... අවර්ණිත ප්‍රේමය මත වර්ණ තවරා ප්‍රේමණීය සිතුවමකට ජීවමය ගුණය එක්කාසු කරන්නාට බාල බොළදියක් මෙන් පෙම් බඳින බව ඒකාන්තය! සමුගන්නට අන් යමක් නැත... අන් කිසිවක්ම නැත... අවිනිශ්චිතයක් මත රැදෙමින් ප්‍රේමය හමුවිය හැකි වගත්, සුවදායි එක් නිමේෂයක් තුළ කිමිඳී ඊළඟ නිමේෂයේදී අතුරුදන්ව සැඟව යා හැකි වගත්, අවසන රිදුම් හා මතක හැර අවශේෂ කිසිවක් නොවන වගත් මම දනිමි...
Read this book? Sign in to share a review with other readers.