


මිනිස් සිරුරෙහි ඇසට නොපෙනන ඉන්ධන මාධ්‍යයන් (Energy Center) හතක් වෙයි. මේවා චක්‍ර යනුවෙන් නම් වෙයි. චක්‍ර යනුවෙන් පෙන්නුම් කරන්නේ රවුම් රෝද හැඩයක් නොවේ. මැද රවුමට කැරකෙන චක්‍රයෙන් විහිදෙන පුනීල හැඩ දෙකක් එයින් දෙපසට විහිදෙයි. ශක්තිය විහිදී යන්නේ මේ ආකාරයෙනි. චක්‍ර වලට ශක්තිය එන්නේ කොහෙන්ද ? එය විශ්වයේ හැම තැනම ඇති ශක්තියයි. එක තුලනයක (Balance) ඇති ශක්තියකි. යිං, යෑන්ග් යනුවෙන්ද, ස්ත්රීමය, පුරුෂමය ශක්ති යනුවෙන්ද මේ ශක්තිය හැඳින්වෙයි. ඒ සියළු ශක්තිය රදන්නේ තුලනයකය. තුලනය නොවේ නම් මේ විශ්වයේ ග්‍රහ තරු, හිරු, සඳු දැන් තිබෙනා ආකාරයට භ්‍රමණය වෙමින් පවතින්නේ නැත. මේ විශ්ව ශක්තියම දෙවියන් වහන්සේ යැයි ඇතැමෙක් කියයි. සර්වබලධාරි යනුවෙන් හැඳින් වෙන්නේ මේ ශක්තියයි. අප දුවන්නේ, හුස්ම ගන්නේ, ක්‍රියා කරන්නේ, සිතන්නේ ඒ ශක්තියෙනි. මන්දයත් අප සියළු දෙනාම එහි අංශු, එහි කොටස්කරුවන් වන බැවිනි. එයින් මිදී යාමට අපට නොහැකිය. බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ මහම්මද්තුමා, සාන්තුවරයින්, රහතන් වහන්සේලා ඇතුළු කුරා කුහුඹි හැම සත්වයෙක්මත් පියවි ඇසට නොපෙනෙන සියළු භූත ශක්තීන්ද යන සියල්ලම මේ සර්ව ශක්තියේ කොටස් කරුවන්ය.
Read this book? Sign in to share a review with other readers.