


නොබෙල් සම්මානලාභී රබින්ඳුනාත් තාගෝර් ගේ Chokker Bali ස්ථාපිත පවුල් පරිසරයක හට ගැනෙන අනියම් ප්‍රේම සබඳතාවක් දිග හැරෙන සම්භාවිත නවකතාවකි. බිහාරිගේ හිතෛෂීවන්ත මිතුරු බව ලබන විනෝදකාමී මහේන්ද්රගේත්, ලැජ්ජාශීලී සුරූපිනියක වන ආශාගේ වෛවාහික දිවිය බිනොදිනී නම් වැන්දඹු රූමතියකගේ සම්ප්‍රාප්තියෙන් කැලඹෙයි. විටෙක මිතුරු වන ඔවුහු විටෙක සතුරු වෙති. සුඛ - දුක්ඛ සංවේදනාවන් මැදින්, ඔවුන්ගේ ජීවිතය ගලා යන්නේ මනුෂ්‍යත්වයේ සොඳුරු මෙන්ම අඳුරු තැන්ද ආලෝකවත් කර අපට පෙන්වාලමිනි. අදින් සියවසකටත් පෙර රචිත මෙම කෘතිය වත්මනටත් වලංගුය. ඒ එහි කියැවෙන්නේ සනාතන මනුෂ්‍යත්වය පිළිබඳවම වන බැවිනි.
Read this book? Sign in to share a review with other readers.