


තුසයිදිදෙස්, දාන්නේ, මකියාවෙල්ලි, හයින, මාක්ස්, හර්සන් සහ අනෙකුත් චින්තකයන් සහ කිවියන් මෙන් ම ට්‍රොට්ස්කි ද ලේඛකයකු ලෙස සිය පූර්ණ විශිෂ්ටත්වය අත් කර ගත්තේ පිටුවහලේ සිටිය දී ය: ප්‍රින්කිපෝහි ගත කළ වසර කීපය තුළ දී ය: ඔක්තෝබර් විප්ලවයේ නායකයකු ලෙස මෙන් එහි ඉතිහාසඥයා ලෙස ද අනාගතය ඔහු ව සිහිපත් කරනු ඇත. 1917 සිද්ධීන් පිළිබඳ ව ඒ සා ශ්‍රේෂ්ඨ වූ සහ විශිෂ්ට වූ විස්තරයක් අන් කිසිදු බොල්ෂෙවික් නායකයෙක් නිපැයූවේ නැත. නිපැයීමේ හැකියාවක් අන් කිසිදු නායකයකුට තිබුණේ ද නැත... ට්‍රොට්ස්කිගේ ඉතිහාසය ප්‍රකාශයට පත් වූ විට සහ ඉන්පසු වසර ගණනාවක් යන තුරා ම බොල්ෂෙවික් විරෝධී පක්ෂවල නායකයන් වූ මිලියුකෙව්, කෙරෙන්ස්කි, ත්සෙරතෙලි, වර්නොව්, ඩෑන්, ඇබ්රමොවිච් සහ තවත් බොහෝ අය තවමත් වෙමින් සිටියහ: විදේශ ගත වූවන් ලෙස ක්‍රියාශීලී ව සිටියහ. එහෙත් ඔවුනතරින් කිසිවෙක් ඔහු ඉදිරිපත් කළ කරුණුවල එක ම වැදගත් වරදක් හෝ හෙළිදරව් නො කළේ ය. අඩ වශයෙන් මිලියුකොව් හැරුණ විට, ඔවුනතරින් කිසිවෙක් විකල්ප විස්තරයක් ඉදිරිපත් කිරීමට ප්රයන්න දැරුවේ ද නැත. (ඉතිහාසය යන නමට ගැලපෙන කිසිවක් තවත් සෝවියට් සංගමයෙන් ද මේ තාක් නිපයා නොමැති හෙයින්) ඔක්තෝබරයෙන් පස් වැනි දශකයේදීත් ට්‍රොට්ස්කිගේ කෘතිය විප්ලවය පිළිබඳ එක ම පූර්ණ පරිමාණ ඉතිහාසය ව පවතින්නේ ය.තුසයිදිදෙස්, දාන්නේ, මකියාවෙල්ලි, හයින, මාක්ස්, හර්සන් සහ අනෙකුත් චින්තකයන් සහ කිවියන් මෙන් ම ට්‍රොට්ස්කි ද ලේඛකයකු ලෙස සිය පූර්ණ විශිෂ්ටත්වය අත් කර ගත්තේ පිටුවහලේ සිටිය දී ය: ප්‍රින්කිපෝහි ගත කළ වසර කීපය තුළ දී ය: ඔක්තෝබර් විප්ලවයේ නායකයකු ලෙස මෙන් එහි ඉතිහාසඥයා ලෙස ද අනාගතය ඔහු ව සිහිපත් කරනු ඇත. 1917 සිද්ධීන් පිළිබඳ ව ඒ සා ශ්‍රේෂ්ඨ වූ සහ විශිෂ්ට වූ විස්තරයක් අන් කිසිදු බොල්ෂෙවික් නායකයෙක් නිපැයූවේ නැත. නිපැයීමේ හැකියාවක් අන් කිසිදු නායකයකුට තිබුණේ ද නැත... ට්‍රොට්ස්කිගේ ඉතිහාසය ප්‍රකාශයට පත් වූ විට සහ ඉන්පසු වසර ගණනාවක් යන තුරා ම බොල්ෂෙවික් විරෝධී පක්ෂවල නායකයන් වූ මිලියුකෙව්, කෙරෙන්ස්කි, ත්සෙරතෙලි, වර්නොව්, ඩෑන්, ඇබ්රමොවිච් සහ තවත් බොහෝ අය තවමත් වෙමින් සිටියහ: විදේශ ගත වූවන් ලෙස ක්‍රියාශීලී ව සිටියහ. එහෙත් ඔවුනතරින් කිසිවෙක් ඔහු ඉදිරිපත් කළ කරුණුවල එක ම වැදගත් වරදක් හෝ හෙළිදරව් නො කළේ ය. අඩ වශයෙන් මිලියුකොව් හැරුණ විට, ඔවුනතරින් කිසිවෙක් විකල්ප විස්තරයක් ඉදිරිපත් කිරීමට ප්රයන්න දැරුවේ ද නැත. (ඉතිහාසය යන නමට ගැලපෙන කිසිවක් තවත් සෝවියට් සංගමයෙන් ද මේ තාක් නිපයා නොමැති හෙයින්) ඔක්තෝබරයෙන් පස් වැනි දශකයේදීත් ට්‍රොට්ස්කිගේ කෘතිය විප්ලවය පිළිබඳ එක ම පූර්ණ පරිමාණ ඉතිහාසය ව පවතින්නේ ය.
Read this book? Sign in to share a review with other readers.