


වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප්‍රභාමත් වූ හිරු නැගිගෙන ආවේය. ඉර අව්වට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තිරණයක් ගත නොහැකිව ලතවෙමින්ය. ඔහුගේ හදවතෙහි කොණක් වේදනාවෙන් ඉරිතැලි ගොසින් තිබුණි. ''අහගන්න මගේ ආදරණීය දරුවා... ඇගේ පියා වූ වර්තමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියාව මරා දැමුවේ. ඉතින් ඇගේ සිරුරේත් දුවන්නේ ඔබේ පියා මරා දැමු ඒ ද්‍රෝහි රුධිරය. හැඟිම්වලට වහල් නොවී ඇගෙන් පළිගෙන මේ වෛරය නිමා කරන්න. එවිට ඔබේ පළිගැනීම සම්පූර්ණ වේවි දරුවා.'' ඔහු බර සුසුමක් ඇද ගත්තේය. පළිගැනීමේ පාලමෙහි අවසාන කෙළවර සිටගෙන සිටියේ ඔහු ඉතසිතින් ආදරය කළ දයාබර නෙෆ්රූ ය. ඇයව නොමරා තම පළිගැනීම සම්පූර්ණ කළ නොහැක. එහෙත් එය කෙසේ කරම්ද? ආදරයද...? පළිගැනීමද...? ඔහු මේ හැඟිම් දෙක අතර සිරව ගියේය.
Read this book? Sign in to share a review with other readers.